ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු අටක පරාජයක් හිමි විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට පන්දු වාර 20 ඇතුළත ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 129ක් පමණි.
දසුන් ශානක ලකුණු 50ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 17.1කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය.
ආරම්භක පිතිකරු ජෝ රූට් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තේය.










