කොවිඩ් ආසාදිත තවත් මරණ 65ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,769ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ ඊයේ (22) තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,205කි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 246,091 දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ 65න් 25ක් කාන්තාවන් වන අතර සෙසු 40දෙනා පිරිමි පුද්ගලයින් ය.









