ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 02කට අයත් ප්‍රදේශ කිහිපයක් අද (23) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි හුදකලා භාවයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර තිබේ.
හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ,
නාගරාජ වලව්ව පෙදෙස
මඩකලපුව දිස්ත්‍රික්කය,
වාලච්චේන පොලිස් බලප්‍රදේශයේ,
1 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206
2 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206
කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයේ,
කාත්තන්කුඩි කොටස 4
කාත්තන්කුඩි කොටස දකුණ 5 164
කාත්තන්කුඩි කොටස 5 දකුණ 164A
නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර
නව කාත්තන්කුඩි කොටස උතුර
නව කාත්තන්කුඩි කොටස දකුණ
කරබලා පාර, ඒ.එල්.එස් මාවත, නුරානිය සුසාන භූමිය හා බීච් පාර








