• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මගේ හිතවතෙකුත් මැරුම් කෑවා’ සිංදුවක් නිසා පණ බයේ CIDයට ගිය සුනිල් පෙරේරා මව්රටට කතා කරයි!

June 22, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
‘මගේ හිතවතෙකුත් මැරුම් කෑවා’ සිංදුවක් නිසා පණ බයේ CIDයට ගිය සුනිල් පෙරේරා මව්රටට කතා කරයි!
Share on WhatsAppShare on Facebook

පහුගිය දවස්වල එක්තරා මඩ ගීතයක් විශාල වශයෙන් YOUTUBE හරහා ප්‍රචාරය වෙනවා. ඒ ගීතය හදන්නෙ සුනිල් පෙරේරා ගායනය කරන ‘තාත්තා මට ඇනපු ටොක්ක’ කියන අතිශය ප්‍රකට ගීතයට වෙන වචන ටිකක් දාලා. ඒත් ඒක කරන්නෙ සුනිල් පෙරේරා කියන ශ්‍රී ලංකාවේ පුරාවෘත්තයක් බවට පත්වුණු ගායකයා නෙමෙයි කියලා ඉතා පැහැදිලියි. හැබැයි ඒ සම්බන්ධව වහාම පියවරක් ගන්න සුනිල් පෙරේරා CIDයට ගිය බවකුත්, එහෙම ගිහිල්ලා පැය ගානක් ගතකරපු බවකුත් දැනගන්න ලැබුණා. ඒ නිසාම අපි සුනිල් පෙරේරාට කතාකළා.

“මේ වෙලාවේ අපිට ආරංචියක් ආවා ඔබ එක්තරා පැමිණිල්ලක් දැම්මා කියලා ආරක්ෂාව සම්බන්ධව හෝ සිංදුවක් සම්බන්ධව. එහෙම දෙයක් වුණාද ඇත්තටම?”

“එහෙම දෙයක් වුණා. ඔව්. ඒ ගැන පැමිණිල්ලක් මම දැම්මා. ඒ කියන්නේ 14 වැනිදා.”

“ඒ කියන්නේ මේ සිංදුවේ වැඩේට ඔබේ සම්බන්ධයක් තියෙනවද?”
“ඔය සිංදුව මගේ සිංදුවක්. ‘තාත්තා මට ඇනපු ටොක්ක’ කියන සින්දුව.”

“ඔව්, ඒක හැමෝම දන්නවනේ.
“ඔය සිංදුවට වෙනම වචන වගයක්, ඒ කියන්නේ පවතින රජයට මඩගැහීමේ ප්‍රයත්නයෙන් වචන වගයක් රචනා කරලා, ගීතයක් නිර්මාණය කරලා යූ ටියුබ් හරහා ඕක දැන් ප්‍රචාරය වෙනවා.”

“අනුදැනුමකින් තොරව?”
“අනුදැනුමකින් තොරව. කිසිම දෙයක් මම දන්නෙ නෑ. ඉතින් මේක මට ගීතයක් හැටියට, අපි කියන්නේ මඩ ගීත කියලා. ඉතින් මේක ඇත්තටම අපේ ලොකු මහත්තයට විරුද්ධව ගහලා තියෙන මඩ ප්‍රහාරයක්. මම කවදාකවත් ඔය මඩ ගීත ගායනා කරලා නම් නෑ. මේ වෙනකම්. මගේ ගීතවල දේශපාලන අර්ථකථනයන් තියෙනවා ඕන තරම්. ඒවායින් මං විවේචනය කරනවා ඇතිවෙන්න. එක එක සිස්ටම්වල තියෙන වැරදි. නමුත් කවදාකවත් පුද්ගලයකුට එහෙම පහරගැසීමේ අරමුණින් ගීත නිර්මාණය කරලා නෑ. පොදුවේ දේශපාලන ක්‍රමයට ගහනවා. නමුත් කිසිම පුද්ගලයකුට මගේ අනුමැතිය ඇතිව මම කවදාකවත් එහෙම කරලා නැහැ. මඩ ගීත ගායනා කරලා නැහැ. ඉතින් මේක මගේ අනුමැතිය නොමැතිවම මගේ ගීතයකට මෙහෙම වචන රචනා කරලා, මම දන්නෙ නෑ කවුද රචනා කෙරුවෙ කියලා…”

“ඒ කියන්නේ කවුද කෙරුවේ කියලා දන්නේ නෑ ඇත්තටම?”
“දන්නේ නෑ”

“කියන්නේ කවුද කියලත් දන්නේ නැහැ?”
“හොයාගන්න නම් මට පුළුවන්. මොකද සංගීත ක්ෂේත්‍රයේ ඉන්න කට්ටියට එහෙන් මෙහෙන් කෝල් කෙරුවම ඕක හොයාගත්තැහැකිනේ. කොහෙද කෙරුවේ? මොකද කියලා හොයාගන්න පුළුවන්”

“දැන් හොයාගන්න උත්සාහ කරනවාද එතකොට?”
“නෑ. එච්චරම උත්සාහ කරන්නෙත් නැහැ. මොකද මට මේකෙ තියෙන ප්‍රශ්නය මේක. මේකයි ප්‍රශ්නය. මට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ.”

“සිංදුව හොරකම් කරපු එක ප්‍රශ්නයක් නැහැ?”
“නෑ නෑ නෑ, බුද්ධිමය දේපළ සම්බන්ධ ප්‍රශ්නයක් එහෙම එකක් නෙමෙයි.”

“සාමාන්‍යයෙන් බුද්ධිමය දේපළ පිළිබඳ නඩුවක් දාන්න පුළුවන්නේ දැන් ඕනෙනම්?”
“ඔව්, පුළුවන් ඕනේ නම්. පුළුවන්. බුද්ධිමය දේපළ පිළිබඳ නඩුවක් දාන්න පුළුවන්. එහෙම නඩුවකට මං යන්න කැමැතිත් නැහැ. ඔය නිකන් නඩුවලට ගිහින් දන්නවනේ ඉතින්, බොරු වැඩනේ. ඉතින් මේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඔය විදිහේ මඩ ගීත ප්‍රචාරය කෙරුවම වෙන්නේ ඒ අදාළ පාර්ශ්වය මේ මඩ ගීතය ගායනා කළ පාර්ශ්වය හා ඔවුන්ගේ හිතවත් ළැදි ඇත්තෝ ‘ඔය අහවලා තමයි ඕක කරලා තියෙන්නේ’ මොකද කට්ටිය අහනවා ‘මචං උඹද කෙරුවේ?’ කියලා. එතකොට ඒක හරි නරකයි. මගේ නමට තමයි කැළලක් ඇතිවෙන්නේ”

“නරකයිද? බයයිද?”
“ඒකට තමයි මේ එන්න හදන්නේ. මගේ නමට කැළලක් ඇති වුණාම අනිවාර්යෙන්ම අපේ ගෙදර උදවිය හැමෝම බයයි. සෑහෙන්න බයයි. එයාලා හිතනවා මට කරදරයක් වෙයි කියලා. ඉතින් පහුගිය වකවානුවල මාධ්‍යවේදීන්ට වෙච්ච දේවල් වගේ නිකන් අතුරුදහන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රන්ජන් රාමනායකට වුණා වගේ පොඩි දේකට සිරගත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශානි අබේසේකර වගේ නිකම් රිමාන්ඩ් භාරයට වගේ ගෙනිහිල්ලා ඇතුළට දාල තියන්න පුළුවන්. එවැනි කොයි විදියේ දේවල් වෙයිද කියන එක අපිට හරියටම කියන්න බැහැ, නිගමනයකට එන්න බැහැ. නමුත් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ රටේ දේශපාලන කරළියේ එවැනි දේවල් සිද්ධ වෙලා තියෙනවා.”

“අපි දැකලා දැකලා තියනවා. අත්දැකීම් තියෙනවා?”
“අනිවාර්යයෙන්ම වෙලා තියෙනවා. මගේ හිතවත්ම මිත්‍රයෙකුත්, ඔය අපේ හිතවතෙක් තමයි රත්මලානෙදි මැරුම් කෑවේ. ඉතින් ඒක නිසා මේ උදවිය හරි බයයි. හරි බයයි කියන එක ඇවිල්ලා මේ රටේ තියෙන පරිහානිය මම දකින්නේ.”

“රසවින්දනයට සිංදුවක් කරනවා. සිංදුව මඩ වෙන්න පුළුවන්, වෙන වෙන දෙයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ….?”
“ඔව්, මම බයවෙන්න ඇයි? බය වෙන්නේ මේ රටේ තියෙන මාධ්‍ය නිදහස කියන එක ස්ථීරව නැති නිසා ඒ බය ඇතිවෙලා තියෙනවා. ඉතින් අපේ ගෙදර උදවිය අන්තිම බයයි. මට ඇත්තටම ගෙදර උදවිය ටෙලිවිෂන් වැඩසටහන් හෝ යූ ටියුබ් වැඩසටහන් හෝ යනව නම් ඉස්සෙල්ලා අහනවා සුනිල් සින්දු කියන්නද යන්නේ, කතාකරන්නද යන්නේ කියලා”

“ඒ කියන්නේ කට හොඳ නැති හින්දද බය ඔය?
“ඒගොල්ලො දන්නවා. ඒගොල්ලෝ කියලා තියෙන්නෙ මෙච්චරයි. කතාකරන ප්‍රෝග්‍රෑම්ස්වලට යන්න එපා. සිංදු කියන ඒවට විතරයි ඔයාට යන්න පුළුවන්.”

“ඒ කියන්නේ ගියොත් මොනවා හරි කියයි කියලා බයයි?”
“බයයි, බයයි”

“විවේචනය කරයි කියලා?”
“මොකද මම කියන්න ඕන මේ රටේ තියෙන තත්ත්වය ගැන මම අනන්ත වාර කතා කරලා තියෙනවා. ඒක මේ කාත් එක්කවත් තරහකින් නෙමෙයි. මේ තියෙන පංගුවක් ක්‍රමවේදයන් නරකයි කියන එකයි මගේ අදහස. අදටත් මගේ ඒ අදහස තියෙනවා. හැබැයි දැන් ඒවා කියන්න බැහැ.”

“ඉතින් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්නේ?”
“බැහැ, බැහැ, බැහැ. මේ රට කවදාකවත් එහෙම හදන්න පුළුවන් රටක් නෙමෙයි මේ. මට දැන් අද තේරෙනවා. නමුත් මං 2015 හිතුවා වෙනසක් කරන්න පුළුවන් කියලා. ඒක නිසා මං සහාය දුන්නේ එක්තරා පාර්ශ්වයකට. නමුත් ගම කෑවා. ඊට පස්සේ මට හිතුණා. දැන් හිතෙනවා මට මේ රට මෙහෙම හදන්න බැහැ. මිනිස්සුත් ලෑස්ති නැහැ. හොඳ ක්‍රමවේදයන් ගේනවට. කවුරු ආවත් ඒක කරන්න දෙන්නෙ නැහැ. දැන් කියමු මේ පාර්ශ්වයෙන් පස්සේ වෙන කට්ටියක් ආවා කියලා… ඒත් කරන්න බෑ. කරන්න බැහැ කියන්නේ එතකොට මේ පාර්ශ්වය කැරලි ගහනවා. මේ පවතින රජයත් එක්ක කැරලි ගහලා මෙහෙමයි මෙහෙමයි කියලා කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේ රට එදා ඉඳලම මේ ජාතියේ හැටි. මේක ජානගත වෙලා තියෙන්නේ හැමතිස්සේම එකාට එකා කුලල්කාගන්න එක.”

“දැන් එතකොට මේ පැමිණිල්ල දාන්න ගියාට පස්සේ මොකක්ද වුණේ? ඒක කියන්න පුළුවන්ද? නීතිමය තත්ත්වයක් නැහැ මං හිතන්නේ, කියන්න බැරි?”

“නෑ, නෑ, නෑ . පැමිණිල්ල මං ගිහිල්ලා දැම්මා. ඉතින් ඒගොල්ලන් කිව්වා කවුද කියලා හොයාගන්න උදව් කරන්න කියලා. මට බැරිකමකුත් නැහැ. හැබැයි මට එච්චර උනන්දුවක් නැහැ හොයන්න. මට මේක ඒත්තු ගන්නන්න ඕන වුණේ එක දෙයයි. මම නෙමෙයි කිව්වේ කියන එක…”

“දැන් මේ මිනිස්සු අල්ලලා දෙන්න පුළුවන්නේ ?”
“මොනවටද අල්ලලා දෙන්නේ?”

“ඉතින් ඒගොල්ලො දැන් සිංදුවත් හොරකම් කරලා, ඊට පස්සේ මඩ ප්‍රචාරෙකුත් කරලා?”
“ඔව්. මට මේ සිංදුව හොරකම් කරපු එකයි, ඒක මඩ ප්‍රචාර කරන එක, ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ. මට බය තියෙන්නේ ඒකේ මම කියලා ඒත්තු ගැන්වුණොත් ලොකු පාර්ශ්වයට, ලොකු පුටුවෙ ඉන්න කට්ටියට එතකොට නේ මගේ ජීවිතයට තර්ජනයක් තියෙන්නේ. මේක කරන්නේ මගේ ජීවිතයට තියෙන තර්ජනය නිසයි”

“දැන් එතකොට ඒ වැඩ ටික කරගත්තා? දැන් පැමිණිල්ල දාලා ඉවරයි?”
“ඔව්, පැමිණිල්ල දාලා ඉවරයි. සී.අයි.ඩී. එකෙන් මගෙන් ඇහුවා. මං කිව්වා මං බලන්නම් හොයලා දෙන්න කියලා. මම ඉතින් එච්චර ඕකට උනන්දු වෙන්නේ නැහැ. මොකද මගේ යාළුවෙක් වෙන්න ඇති සමහර විට කියලා තියෙන්නේ.”

“ඒ කියන්නේ අපිට දැනෙනවා නිකං සමහර විට දන්නවා දන්නවා වගේ ගතියක්?”
“ඔව් ඔව් ඔව්. දන්නවා දන්නවා වගේ මටත් තියෙනවා. මේ හඬ මට හොඳට පුරුදුයි කියලා මට නිකං තේරෙනවා.”

මේ කතාව අපි මෙතනින් ඉවර කරනවා. ඔබට අවශ්‍ය නම් මේ කතාවෙ ඉතිරි ටික අහන්න .Mawrata TV’ Youtube නාලිකාවට සම්බන්ධ වෙන්නයි තියෙන්නෙ.
මීට වඩා විස්තර සහිතව ඒ ගැන Mawrata TV එකෙන් අහගන්න පුළුවන්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

2016 කරන්න බැරි වූ දෙයක් අමරවීර දැන් කරන්න යයි!

Next Post

යුද හමුදාව මෙහෙයුම් වැඩි කරයි!

MORE NEWS

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති...

Read more
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.