අදට (21) යෙදී ඇති ජාත්‍යන්තර යෝගා දිනය නිමිති කොටගෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් යෝගා ව්‍යායාම සිදු කරන ජායාරූපයක් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත යැවීමට පියවර ගෙන ඇත.
අදාළ ජායාරූපය කවදා ගත් එකක්දැයි නිශ්චිත නැති නමුත් අද දිනයේ යවා ඇති එම ජායාරූපයේ රාජපක්ෂ යුවළ යෝගා ව්‍යායාම කරන ආකාරය දැක්වෙයි.
ඒ අනුව ටිව්ටර් පණිවුඩයක් තබා ඇති ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඊට ස්තූතිය පළ කිරීමට පියවර ගෙන ඇත.











