අදට යෙදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත උපන්දිනය නිමිත්තෙන් චීන ජනාධිපති ශී ජිං පිං මහතා සිය අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත උපන්දින සුබපැතුමක් එවා ඇත.
මෙරට චීන තානාපති කාර්‍යාලය ට්විටර් පණිවුඩයක් මගින් මේ බව සඳහන් කර තිබේ.
එහි දක්වා ඇත්තේ ලෝකය දැවැන්ත අභියෝගවලට මුහුණ දී ඇති අවස්ථාවලදී චීනය සහ ශ්‍රීලංකාව එකිනෙකා වෙත අවධානයෙන් සහ එක්ව ඒ අභියෝග සම්බන්ධයෙන් කටයුතු කළ බවයි.












