වසර 4ක බරපතළ සිර දඩුවම් ලබා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (19) දින බන්ධනාගාරයෙන් පිටතට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ, වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට සහභාගී වීම සදහාය.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි රැකවල් මැද හෙතෙම කරාපිටිය රෝහල වෙත අද උදෑසන රැගෙන විත් ඇති බව දැනගන්නට ඇත.










