‘මධ්‍යසාර මාර්ගගත ක්‍රමය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට ඉඩ ලබා දීම නීති විරෝධී සහ ලැජ්ජා සහගත ක්‍රියාවක් බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු ආයතනය හෙවත් ‘ඇඩික්’ ආයතනය පෙන්වා දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ සුරා බදු දෙපාර්තමේන්තුව දැනදැනම නීතිය උල්ලංඝනය කිරීමට පියවර ගෙන ඇති බවකි.
ඔන්ලයින් ක්‍රමයේදී විකුණන වේලාවන්, විකුණන්නේ කාටද, විකුණන ස්ථානයේ ස්වාභාවය යන කිසිදු කරුණක් සොයාබැලිය නොහැකි බවද එම ආයතනය පෙන්වා දෙයි.
එම නිවේදනය මෙසේය.












