ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අද (16) පෙරවරුවේ රහස් සාකච්ජාවක් පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම සාකච්ජාවට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 23 දෙනකු සහභාගී වී සිට ඇති බව දැනගන්නට ඇත.
පැය දෙකහමාරකට ආසන්න කාලයක් පුරා පැවැත්වී ඇති මෙම සාකච්ජාවේදී මේ වනවිට ආණ්ඩුවට මුහුණ දීමට සිදුව ඇති අභ්‍යන්තර ප්‍රශ්න පිළිබදව දීර්ඝව සාකච්ජා වී ඇති බව දැනගන්නට තිබේ.
තෙල් මිල ප්‍රශ්නය පිළිබදවත්, ඉන් අනතුරුව ආණ්ඩුව ඇතුළේ මතුව ඇති ප්‍රශ්න පිළිබදවත්, විශේෂයෙන් විමල් වීරවංශ මහතා ප්‍රමුඛ කැරලිකාර පාර්ශවය හැසිරුණු ආකාරය පිළිබදවත් මෙහිදී දීර්ඝව සාකච්ජා වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම කැරලිකාර කණ්ඩායම සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් දැඩි තීන්දුවක් ගෙන ඇති බවත්, ඉදිරියේදී එම තින්දු තීරණ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.










