ගම්පහ දිස්ත්‍රික්කයේ එම මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු මෙම ඉදිකිරිම් තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටියේ මහජන අදහස් හා මහාමාර්ග හා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වුවහොත් අදාළ සැලැස්ම සංශෝධනය කිරිමට රජය සුදානම් බවත්, ඒ අනුව අදහස් ලබාගැනීම මේ අනුව සිදු වන බවය.
මෙම සැලැස්ම සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹීම ඉදිරි සති දෙක තුළ සිදු කෙරෙන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාපතනයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර මෙම යටවීමට එක් හේතුවක් වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් බවට චෝදනා නැගිණි. මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කිරීමට තීරණය කෙරිණි.










