තෙල් මිල ඉහළ දැමීමෙන් අනතුරව පොහොට්ටුව පාර්ශවයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්වන ලෙසට එල්ල වී නියෝගයෙන් පසු පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි කදවුර නියෝජනය කරන සියලුම මැතිඇමැතිවරුන් උදය ගම්මන්පිල මහතාට කතා කොට ඇති බව වාර්තා වේ.
ඒ අතර අමාත්‍ය විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇතුලු කැරලිකාර පක්ෂ 11ක මැතිඇමැතිවරුන් රැසක්ම සිටින බව දැනගන්නට ඇත.
එසේ ගම්මන්පිල මහතාට කතා කොට ඇති මැතිඇමැතිවරුන් තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවක් කැදවා සියලු තොරතුරු රටට අනාවරණය කරන ලෙසට දැනුම් දී ඇති බවත්, ගම්මන්පිල මහතා වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිටීමට සූදානම් බවත් දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගම්මන්පිල මහතා අද උදෑසන 10ට ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණත් පසුව එය දහවල් 2 දක්වා කල් තබා ඇති බවක්ද දැනගන්නට ඇත.










