ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් කර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඉන්ධනවල මිල ඉහළ දැමීමත් සමග බස් කර්මාන්තය දැඩි අර්බුධයකට ලක් වන බවත්, බස් කර්මාන්තයට අදාළ වෙනත් වියදම් ද මේ වන විට නොසිතු ලෙස ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.
සංචරණ සීමා දීර්ඝ කර ඇති නිසා බස් ධාවනය යථා තත්ත්වයට පත් වීමට තවත් කාලයක් ගතවන නිසා වැඩි කළ ඉන්ධන මිල සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට කල්වේලා ඇති බව ද ගැමුණු විජේරත්න මහතා සදහන් කළේය.










