ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වියලි සහනාධාර බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් ආරම්භ කරනු ලැබ ඇත.
මේ ආකාරයට විපතට පත්වූවන්ට සහනාධාර බෙදාහැරීම ආරම්භ කළ කොළඹ දිස්ත්‍රික්කයේ පළමු මන්ත්‍රීවරයා වන්නේ මරික්කාර් මහතාය.
මීට පෙර කොරෝනා දෙවන රැල්ල පැතිර ගිය අවස්ථාවේදීද මරික්කාර් මනත්ත්රීවරයා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පියවර ගෙන තිබිණ.













