• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බංග්ලාදේශයට ඩොලර් 10යි: ලංකාවට ඩොලර් 15යි: චීන එන්නතෙන් බිලියන 14ක් යටිමඩි ගැහුවාද?

June 8, 2021
in Exclusive, Uncategorized
Reading Time: 7 mins read
A A
චීන එන්නතට විශේෂඥ දොස්තරලාගේ විරෝධය! අනුමැතිය ගන්න අධ්‍යක්ෂ මණ්ඩලයත් වෙනස් කරලා!!

Morgantown, WV - 16 December 2020: Small bottle of coronavirus vaccine with syringe with background of the Chinese company Sinopharm logo

Share on WhatsAppShare on Facebook

චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම් එන්නත වැඩි මිලකට මිලදීගැනීම සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් රට තුළ නිර්මාණය වී ඇත. ඒ සඳහා හේතු වූයේ ශ්‍රී ලංකාව චීනයෙන් සයිනොෆාර්ම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15කට මිලදී ගනිද්දී, බංග්ලාදේශය එම එන්නත් මාත්‍රාවක් ඩොලර් 10ට මිලදී ගන්නා බව වාර්තා වීමය.

චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වී තිබිණි. එහිදී අනුමැතිය ලැබී තිබුණේ එම එන්නත් මාත්‍රාවක් ඩොලර් 15ක මිලකට මිලදී ගැනීම සඳහාය. මීට පෙර ඉන්දියාවෙන් මිලදී ගත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රාවක් ඩොලර් 05කට මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ නමුදු එම එන්නත මිලදීගත නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති නිසා චීනයෙන් මේ ආකාරයෙන් සයියොනොෆාම් මිලට ගැනීමට තීරණය කළ බවද ප්‍රකාශ කෙරිණි.

ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත ලබාගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රසිද්ධියට පත් වී පැය කිහිපයකට පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කළ බංග්ලාදේශ අගමැතිවරියගේ විශේෂ නියෝජිත ශා අලි ෆර්හාඩ් සඳහන් කර තිබුණේ තම රටටද චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට තීරණය කළ බවය. ඒ සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 150ක් බවද ඔහුගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

ශ්‍රී ලංකාවේ එන්නත් මිලදීගැනීම දැඩි මතභේදයකට තුඩුදුන්නේ ඉන් අනතුරුවය. බංග්ලාදේශ අගමැතිවරයාගේ විශේෂ නියෝජිතවරයා දක්වා ඇති ආකාරයට ඔවුන් චීනයෙන් එම එක් එන්නත් මාත්‍රාවක් මිලට ගන්නේ ඩොලර් 10කටය. නමුත් ශ්‍රී ලංකාව ඒ සඳහා වැයවන මිල ලෙස ඩොලර් 15ක් දක්වා ඇත.

මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ කරුණු හෙළිදරව් වීමත් සමඟම ඊට පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයය. ශ්‍රී ලංකා රජයේ ප්‍රධානියෙකු ඊට පිළිතුරු දීමට ඉදිරිපත් වීමට පෙර චීන තානාපති කාර්යාලය පිළිතුරු දීමට ඉදිරිපත් වීමද විශේෂත්වයක් විය.

තම නිල ට්විටර් පිටුව හරහා පණිවිඩයක් නිකුත් කළ චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව වැඩි මිලට සයිනොෆාම් එන්නත් මිලදී ගන්නා බවට පළවන තොරතුරු පිළිගත නොහැකි බවය. සියලුම ඖෂධ සමාගම් වෙනස් මිල පරාසයන් යටතේ කටයුතු කිරීම පොදු තත්ත්වයක් බවද එම පණිවුඩයේ දක්වා තිබූ චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ වේගවත් බෙදාහැරීමක් සඳහා හොඳම ආයතනික මිලක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවට වඩා අඩු මුදලට බංග්ලාදේශය එන්නත් මිලදී ගන්නා බවට වූ චෝදනාව සම්බන්ධයෙන්ද කරුණු දැක්වීමට චීන තානාපාති කාර්යාලය එහිදී කටයුතු කර තිබිණි. ඒ පිළිබඳ බංග්ලාදේශයේ චීන තානාපති කාර්යාලය සමඟ කළ සාකච්ඡා උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබුණේ බංග්ලාදේශය සයිනොෆාම් එන්නත් මිලට ගන්නා මිල ගණන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු අසත්‍ය බවය.

එම පණිවුඩයේ සඳහන්ව තිබූ ආකාරයට එන්නත් මිලදීගැනීම සම්බන්ධයෙන් බංග්ලාදේශයට අදාළ ප්‍රසම්පාදන ගිවිසුම් මෙතෙක් අවසන්ව නැත. එමෙන්ම එම ගිවිසුම්වලට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු එම ගිවිසුම් ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවද චීන තානාපති කාර්යාලයේ අදහස වී තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කර සිටියේ මේ ආකාරයෙන් වැඩි මුදලට සයිනොෆාම් එන්නත මිලදී ගැනීමෙන් රටට සිදුවන පාඩුව මහබැංකු කොල්ලයේදී සිදුවූ පාඩුවටත් වඩා වැඩි බවය.

“සයිනොෆාම් එන්නත සඳහා එක මාත්‍රාවකට ඩොලර් 15 බැගින් ගෙවන්න සෞඛ්‍ය ඇමැතිවරිය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් පැහැදිලිව අනුමැතිය ඉල්ලලා තියෙනවා. නමුත් බංග්ලාදේශය එම එන්නත් මාත්‍රාවක් මිලදී ගන්නේ ඩොලර් 10කට කියලා එරට මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

අපි එක මාත්‍රාවකට ඩොලර් 05 ගාණේ වැඩිපුර ගෙවනවා. ඒ කියන්නේ මාත්‍රා මිලියන 14කට ඩොලර් මිලියන 70ක් අපි වැඩිපුර ගෙවනවා. ඒක ලංකාවෙ මුදලින් මිලියන 14,000ක්. බිලියන 14ක්. ඒ කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහබැංකු කොල්ලයට වඩා වැඩි මුදලක් මේකෙන් අපිට පාඩු වෙනවා.

බංග්ලාදේශයට ඩොලර් 10ට දෙන්නත්, අපිට ඩොලර් 15ට දෙන්නත් මොකක්ද මෙතැන තියෙන ප්‍රශ්නය කියලයි අපි අහන්නේ. රාජපක්ෂ ආණ්ඩුව චීනයත් එක්ක ඔච්චරම ළඟින් ඉඳලත් එක් මාත්‍රාවකට ඩොලර් 05 බැගින් වැඩිපුර ගෙවන්න වෙනවා කියන්නේ ආණ්ඩුවේ අකාර්යක්ෂම බව හින්දා කියලයි අපි කියන්නේ.

අපේ ජනතාව එන්නත්කරණය කළ යුතුයි. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඒත් ඒ එන්නත්කරණය සඳහා මේ විදියට වැඩිපුර මුදල් ගෙවන එකයි අපිට තියෙන ගැටළුව. මේ ගැන චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයෙන් පස්සේ දැන් බංග්ලාදේශ මුදල් අමාත්‍යාංශය එරට ජනමධ්‍ය වෙත දැනුම්දීමක් කරලා තියෙනවා. රට ගැන හිතලා එරටට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලැබෙන මිල ගණන් සඳහන් කරන්න එපා කියලයි ඒ ඉල්ලීම කරලා තියෙන්නේ.

දැන් මෙතැනදි තවත් ප්‍රශ්නයක් එනවා. මේ විදියට බංග්ලාදේශයට වඩා වැඩිපුර රුපියල් මිලියන 14,000ක් අපේ රටේ ජනතාවගේ සල්ලි වියදම් කරලා චීනයෙන් සයිනොෆාම් ගෙන්වන්න හේතු වෙලා තියෙන්නේ මේ රජයේ අකාර්යක්ෂමතාවයද. එහෙම නැත්නම් මෙච්චර ළඟින් ඉන්න චීනයට මේ තරම් මුදලක් වැඩියෙන් ගෙවන්න මේක කාගේ හරි ඩීල් එකක් වෙන්න ඕනෑ. එහෙම ඩීල් එකක් තියෙනවා නම් ඒ හරහා වෙන පාඩුව තමයි මිලියන 14,000.

අපි රජයට කියන්නේ මේවාට චීන තානාපති කාර්යාලය දාලා උත්තර දෙන්නේ නැතිව මේ ක්‍රියාවලිය වුණේ කොහොමද, වැඩිපුර ගෙවන්නේ වෙන්නේ ඇයි කියන එක රජය ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ. ඒ වගේම තව ප්‍රශ්නයක්. චීනයෙන් අපිට නොමිලේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ ගාණක් මීට පෙර ලැබුණා කියලා මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වුණා. ඒ එන්නත්වල වටිනාකමත් මේ රුපියල් මිලියන 14,000ට ඇතුළත්ද කියලා අපිට රජයෙන් අහන්න වෙනවා.”

මරික්කාර් මහතා අදහස් දැක්වූයේ එසේය.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර සිටියේ මීට පෙර ඉන්දියාවෙන් මිලදී ගත් ඇස්ට්‍රාසෙනෙකා එන්නතද ශ්‍රී ලංකාවට ලැබුණේ අන් රටවලට වඩා වැඩි මිලකට බවයි.

“ඉන්දියාවේ හදන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවක් අපේ රට මිලදී ගත්තේ ඩොලර් 5.25කට. ඒත් ඒක තායිලන්තය මිලදී ගත්තේ ඩොලර් 3.25කට. මේක බංග්ලාදේශයට ලබාදුන්නෙත් ඩොලර් 05කට. ඇත්තටම එතැනදි ඇස්ට්‍රාසෙනෙකා සමාගම ගත්තේ ඩොලර් 3.5යි. බංග්ලාදේශයේ ඒජන්තවරයා තමයි ඉතිරි ඩොලර් 1.5 ගත්තේ. බංග්ලාදේශයට එන්නත ගෙනයෑම සහ එරට පුරා එන්නත බෙදාහැරීම කළේ ඒ ඒජන්තවරයා.

දැන් අපි සයිනොෆාම් ගන්න හදන්නෙත් බංග්ලාදේශයට වඩා ඩොලර් 05ක් වැඩියෙන්. මේක හෙළිදරව් වුණාම දැන් ලංකාවේ චීන තානාපති කාර්යාලය බොහොම කාර්යශීලීව ඒකට උත්තර දුන්නා. ලංකාවේ ආණ්ඩුවට කියන්න කිසිම දෙයක් නැහැ.

සේනාරත්න මහතා අදහස් දැක්වූයේ එසේය.

මේ පිළිබඳ පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන් කටයුතු කළ අතර එහිදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට චීනයට අයිතියක් ඇති බවය.

“මේක ප්‍රසම්පානය කරන්නේ චීනය නිසා ඔවුන්ට අයිතියක් තියෙනවා ඒ ගැන කතාකරන්න. මේ එන්නත දැනට ඩොලර් 18 ඉඳන් ඩොලර් 40 දක්වා එක එක මිල ගණන්වලට විවිධ රටවල් මිලදී ගන්නවා. මේක ඒ නිෂ්පාදකයා සමඟ තියෙන සාකච්ඡා අනුව තමයි ඒ තීරණ ගන්නේ. ප්‍රසම්පාදන ක්‍රමය ඕනෑම කෙනකුට අභියෝගයට ලක් කරන්න පුළුවන්.”

ඒ, රඹුක්වැල්ල මහතාගේ අදහස්ය.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාද ප්‍රකාශ කළේ ඒ පිළිබඳ සියලු තොරතුරු විමසිය යුත්තේ චීනයෙන් බවය.

“චීනය ලංකාවට දුන්නු මිල ඩොලර් 15ද. නැත්නම් ඊට අඩු මිලකට දීලා ලංකාවේ දූෂණයක් වෙලා තියෙනවාද, බංග්ලාදේශයට ඇත්තටම දෙන්නේ කීයටද, මේ කතාව ඇත්තද බොරුද කියලා ලංකාවේ ආණ්ඩුවට ප්‍රකාශයක් කරන්න බැහැ. එය කළ හැක්කේ චීන ආණ්ඩුවට පමණමයි.”

ගම්මන්පිල මහතා අදහස් දැක්වූයේ එසේය.

අප මේ සම්බන්ධයෙන් කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගෙන් කළ විමසීමේදී ඇය සඳහන් කළේ විවිධ රටවලට විවිධ මිල ගණන් යටතේ එන්නත් ලබාදීම සාමාන්‍ය ක්‍රමය වන බවය. නමුත් එම එන්නත් ඇණවුම් කරන ආකාරය සහ මිල ගණන් තීරණය කරන ආකාරය පිළිබඳ තමන් දැනුවත් නොමැති බවද අමාත්‍යවරිය සඳහන් කළාය.


“ඕනෑම ඖෂධයක් විවිධ රටවලට විවිධ මිල ගණන් යටතේ ලැබෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ලංකාවට සයිනොෆාම් එන්නත මේ මිල ගණන් යටතේ ඇණවුම් කළ පදනම පිළිබඳ මම දැනුවත් නැහැ. ඒ හින්දා ඒ ගැන මොකුත් ප්‍රකාශ කරන්න මට බැහැ.”

ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අදහස් දැක්වූයේ එසේය.

කෙසේ වෙතත් චීන තානාපති කාර්යාලයේ පණිවුඩයෙන් එහාට ගොස් මේ පිළිබඳ ජනතාවට කරුණු පැහැදිලි කිරීමට රජයේ බලධාරියෙකු මේ දක්වා කටයුතු කර නොතිබීම විශේෂත්වයකි. ජනතාවගේ මේ මොහොතේ එකම බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ කොයි ආකාරයකින් හෝ එන්නත ලබාගැනීමය. සයිනොෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බොහෝ දෙනකු දැන් අවධානයෙන් බලා සිටින්නේ එහි දෙවැනි මාත්‍රාව ලබාගත හැකි ආකාරය කෙරෙහිය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙන් සයිනොෆාර්ම් එන්නතේද දෙවැනි මාත්‍රාව අහිමි වෙතැයි යන දෙගිඩියාවද බොහෝ දෙනකු තුළ ඇත. අන් කළ හැකි දෙයක් නොවේ නම් වැඩි මිලට හෝ එම එන්නත් මාත්‍රා මිලදීගැනීම රජයේ වගකීමය. එහෙත් ජනතා මුදල් නිරපරාදේ වියදම් කර ඇත්නම් එහි වගකීම ගත යුත්තේද රජයමය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කොමිස් ගැහිල්ලක් ගැන ජනනායක සර් රටට කියයි

Next Post

ලෝකයටම එකවර ප්‍රහාරයක්! තොරතුරු පද්ධති සියල්ලම බිඳ වැටෙයි!!

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.