අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනතාව මුලා කරවන පිරිස් සොයා විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර පරිගණක අපරාධ විමර්ශන අංශයට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ එවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මහජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන බවට පෙනී ගොස් ඇති බවය.
කෙසේවෙතත් ෂැංග්‍රිලා හෝටලයේ පැවැති චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය සම්බන්ධයෙන් පසුගිය දිනෙක පෞද්ගලික නාලිකාවක පැවැති සාකච්ජාමය වැඩසටහනකදී චමුදිත සමරවික්‍රම මහතා අජිත් රෝහණ මහතාගෙන් සිදු කළ ප්‍රශ්න විමසුමෙන් පසු සමාජ මාධ්‍ය ජාලාවල අජිත් රෝහණ මහතා සම්බන්ධයෙන් සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විවිධ පුවත් සැරිසරන ආකාරයක් දැකගන්නට තිබිණ.
ඉන් බොහෝ පුවත් අසත්‍ය ඒවා බවද දැකගන්නට ලැබිණ.










