ශ්‍රී ලංකාව පිළිබඳ ඇමෙරිකාවේ කොංග්‍රස් සභාවට ( පාර්ලිමේන්තුව) ඉදිරිපත් වී ඇති යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස රජය ඇමෙරිකාවේ වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා හරහා එම කොංග්‍රස් සභාවේ විදේශ කටයුතු කමිටුවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රීවරුන් පස්දෙනා ඉදිරිපත් කළ එම යෝජනාව මේවනවිට කොංග්‍රස් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව වෙත යොමු කර ඇති හෙයින් මෙම ඉල්ලීම කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
උතුරු කැරොලිනා හි ඩිමොක්‍රටික් පාක්ෂික කොන්ග්‍රස් සභික ඩෙබෝරා රොස් මහත්මිය ප්‍රධානත්වයෙන් ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රීවරුන් පස් දෙනකු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉකුත් මැයි 18 වැනි දින එරට කොංග්‍රස් සභාවට ඉදිරිපත් කෙරිණි.
මේ යෝජනාවට ශ්‍රි ලංකා රජය ඉකුත් සතියේදී ඇමෙරිකාවට දැඩි විරෝධය පළ කළේය.










