සෞඛ්‍ය නීතීරීති කඩකරමින් විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීමට පහසුකම් සැපයූ වව්නියාවේ ප්‍රසිද්ධ හෝටලයකට සීල් තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කොට ඇත.
මෙම විවාහ මංගල්‍ය්‍ය සදහා 15 දෙනකුට සහභාගී වීමට අවසර දී තිබුණද ඊට 50කට ආසන්න පිරිසක් සහභාගී වී තිබිණ.
ඒ අනුව හෝටලයට සීල් තබා ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ පිරිස නිරෝධායනය කිරීමටද කටයුතු කොට ඇත.
කෙසේවෙතත් මෙම නීතිය පසුගිය දිනෙක කොළඹ ෂැංග්‍රිලා හෝටලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම විශේෂ සිදුවීමක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
එහිදී උපන්දින සාදයකට සම්බන්ධ වූ පිරිසක් පමණක් නිරෝධායනය කළ අතර ටහේටලය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.










