• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලකයො-කලාකාරයො-කෝටිපති ව්‍යාපාරිකයො එක්ක චන්දිමාල්-පියුමි නටපු ෂැංග්‍රිලා නැටුමේ සම්පූර්ණ කතාව මෙන්න EXCLUSIVE

June 6, 2021
in Exclusive
Reading Time: 19 mins read
A A
දේශපාලකයො-කලාකාරයො-කෝටිපති ව්‍යාපාරිකයො එක්ක චන්දිමාල්-පියුමි නටපු ෂැංග්‍රිලා නැටුමේ සම්පූර්ණ කතාව මෙන්න EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

යාපනය අර්සඩි
ගම්මානයේ පදිංචිව සිටින
තරුණයෙකුගේ උපන්දිනය
යෙදී තිබුණේ පසුගිය
30 වෙනිදාටය. වෙනදාට
මිතුරන් එකතු වී එම
තරුණයාගේ උපන්දිනය
සැමරුවත් සංචරණ සීමා
හේතුවෙන් මෙවර එකී
තරුණයා මෙන්ම මිතුරන්
සිටින්නේ නිවසට කොටුවීය.

යාපනයේ යාලුවො දාපු පාටියේ වෙච්ච දේ

එහෙත් ඒ සංචරණ සීමා
අස්සේ මිතුරන් කිහිප
දෙනෙක් එක්ව එදින රාත්‍රියේ
උපන්දිනය යෙදී ඇති
තරුණයාගේ නිවසට එන්නේ
කේක් ගෙඩියක්ද රැගෙනය.
ඒ උපන්දිනය සැමරීමටය.
එදා පැයක් හමාරක්
අල්ලාප සල්ලාපයේ යෙදී
සිටි එම තරුණයින් එම
නිවසින් පිටත්ව යන්නේ
මධ්‍යම රාත්‍රි‍යේය. ඒ
මිතුරෙකුගේ මෝටර්
රථයක නැගීය. වැඩිදුරක්
ඔවුන්ට රථය ධාවනය
කරන්නට ඉඩක් නොවීය.
හදිසි පොලිස් පරීක්ෂාවකට
ලක්විය. සංචරණ සීමා
අස්සේ මහා රෑ ගමන්
කිරීමට සාධාරණ හේතු
දැක්වීමට මෙම තරුණයන්
අසමත්වීම නිසාම පොලීසිය
මෝටර් රථයේ ගමන්
කරමින් සිටි තරුණයින් 05
දෙනෙක්වම අත්අඩංගුවට
ගත්තේය. ඒ මෝටර්
රථයත් සමගිනි.

ඔක්කොම කුදලගෙන යයි

අනතුරුව
යාපනය පොලිස් ස්ථානයට
ඔවුන්ව රැගෙන ගොස්
ලකප් කරන්නේ නිරෝධායන
නීති උල්ලංඝනය කිරීමේ
වරදටය. අනතුරුව එම
තරුණයින්ව යාපනය
අධිකරණයටද පසුදින
ඉදිරිපත් කළේය. දැන් ඒ
තරුණයින් පස් දෙනාම
සිටින්නේ රිමාන්ඩ් බන්ධනාග
ාරයේය. ඒ විතරක් නොව,
උපන්දිනය වෙනුවෙන් මෙම
තරුණයින් රැස්වූ නිවසේ
සියලු දෙනාම නිරෝධායනය
කළේය. ඒ ඇන්ටිජන්
පරීක්ෂාවක්ද කරමින් මෙම
තරුණයින් සහ පවුලේ
සාමාජිකයන්ට කොරෝනා
ආසාදනය වී නැති බව
තහවුරු කිරීමක්ද කරමිනි.

ෂැංග්‍රිලා හෝටලයේ පාටියේ වෙච්ච දේ

මේ අපේ උතුරු අන්තයේ
ගම්මානයක සාමාන්‍ය
පවුල්වල තරුණයින් කිහිප
දෙනෙක් එක්ව සංචරණ
සීමා අස්සේ සිය මිතුරා
වෙනුවෙන් උපන්දින සාදයක්
පැවැත්වීමේ වරදට නීතිය
ක්‍රියාත්මක වූ ආකාරයයි. මේ හා සමගාමීව කොළඹ තරු
පන්තියේ හෝටලයක් වන ෂැංගිලා
හෝටලයේ 10 වැනි මහලේ ඇති
සුයිට් වර්ගයේ නිවසකද රාජකීය
උපන්දින සාදයක් පවත්වමින්
තිබු‍ණේ පොලීසියට හැකිනම්
එතැන වටලන ලෙසට සමාජ
මාධ්‍ය ජාලවලින් අභියෝගද
එල්ලකරමිනි. අපේ රටේ නම්
එවන් අභියෝගයක් එල්ල
කරන්නට හැකියාව ඇත්තේ යම්
දේශපාලන බලපුළුවන්කාරකමක්
ඇති උදවියට පමණි. පොලීසිය
පවා අසරණ‍ වන්නේ එවිටය.
එහෙත් සංචරණ සීමා පූර්ණ
වශයෙන් ක්‍රියාත්මක නොවූ
එහෙත් අර්ධ වශයෙන් සංචරණ
සීමා ජාතික හැදුණුම්පත් අංකයට
අනුව ක්‍රියාත්මක වන පසුගිය දින
කිහිපය තුළ දරුවන්ගේ බඩගින්නද
නිවන්නට පාන් ගෙඩියක් ගෙන
ඒමට හංදියේ කඩයට ගිය කුළියක්
මලියක් කරගෙන ජීවත්වූ අහිංසක
පියවරුන් හැදුණුම්පත් අංකයට
අනුව පාරට ආවේ නැතැයි කියමින්
පොලීසිය කුදලාගෙන යමින්
මාධ්‍ය ඉස්සරහා නම් රඟපාන්නේ
සිංහ වෙසින් බව මෙහිදී අමතක
නොකළ යුතුය.

චන්දිමාල්ගේ කෝටියේ පාටිය

ඒ වනවිටත් පොලීසියට
ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින
සාදය ගැන දිගින් දිගටම තොරතුරු
ආවත් ඒ පැත්ත පළාතක ඇහැක්
ඇර බලන්නට නම් ගියේ නැත.
ඒ එම සාදය හා බැදුණු ලොකු
බලයක් ඇති බව කල්තියාම දැන
සිටි නිසා වන්නට හැකිය.
මේ උපන්දින සාදය වෙන
කිසිවෙකුගේත් නොව, මෙරට
රාජකීය උපන්දින සාද පැවැත්වීම
සම්බන්ධයෙන් නම් දරා සිටින
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල්
ජයසිංහගේය. ඔහු තමාගේ එක්
උපන්දින සාදයක් වෙනුවෙන්
වැය කරන මුදල රුපියල්
කෝටියකට වැඩිය. මේ සාදයට
ආරාධනා ලබන්නේ වැඩි දෙනෙක්
කලාකරුවන්ය. නිරූපිකාවන්ය.
එසේම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ
ජනප්‍රියත්වයට පත්වූ පුද්ගලයන්ද
ආරාධිතයන් අතර නැතුවා
නොවේ. සාදය සැමරෙන්නේ ද
මෙරට ඇති ලොකුම හෝටලයකය.
ඒ වෙනුවෙන් වැය වන මුදල
හිතාගන්නට බැරි තරම්ය.
ආරාධිතයන් පැමිණිය යුතු වන්නේ
ඔහු නියම කරන ඇඳුමකින්
සැරසීය. ඒ ඇඳුම් සැපයන්නේද
චන්දිමාල්ය. කල්තියා ඔහු ඒ
සියල්ලම සංවිධානය කරන්නේ
ආරාධිතයන්ට ඔවුන්ගේ ඇඳුම
ගැන දැනුම් දී ඇඳුම් ලබාගත
යුතු තැන් ගැනද කියමිනි.
ඒ තැන්වලට පවා මුදල්
ගෙවන්නේ චන්දිමාල්ය.
ඊට අමතරව ඒ
ආරාධිතයන් හැඩ
වැඩ කෙරෙන්නේද
චන්දිමාල්ගේ මුදලින්මය.
අනතුරුව සාදය
අවසානයේදී ඒ සෑම
ආරාධිතයෙකුටම
හිතා ගන්නට බැරි
තෑගි ද ලැබෙන්නේය.
එය හරියට මුදල් දී
ගෙන්වා ගන්නා සාදයක්
යැයි සඳහන් කළහොත්
වරදක් නැත. මේ
නිසාම නිරූපන
ක්ෂේත්‍රයේත් කලා
කේෂේත්‍රයේත් බොහෝ අය අතර
මේ සාදයට සහභාගිවීමට ඇත්තේ
දැවැන්ත තරගයකි. මේ නිසාම
ඇතැම් නිරූපන ශිල්පිනීන් ගහමරා
නොගන්නේද නැත.

පුංචි කාලෙ ජීවත් වුණේ අමාරුවෙන්

සාදයක් වෙනුවෙන් මෙසේ
කෝටි ගණනක් වැය කරන්නට
තරම් මුදල් චන්දිමාල්ට
කොහෙන්දැයි සමාජයේ විවිධ
කථාබහ පවතී. ඒ අතර ඔහු
ජාත්‍යන්තර මට්ටමේ නිරූපන
වැඩසසටහන් මෙන්ම රූප රාජනී
තරග පවා සංවිධානය කරයි.
ඔහු මේ තැනට පත්වන්නේ හිටි
හැටියේමය.
චන්දිමාල්ගේ ඉතිහාසය
පිරික්සීමේදී පෙනී යන්නේ මෙයට
වසර දහයකට පහළොවකට
පෙර ඔහු එදා වේල පවා සරිකර
ගැනීමට නොහැකිව අන්ත
අසරණ තත්වයේ සිටි පුද්ගලයෙක්
බවය. චන්දිමාල්ට වැඩිමහල්
සහෝදරියක්ද සිටින්නීය. මව
සහ පියා සිය දරුවන් දෙදෙනා
උස් මහත් කරන්නේ කඩයප්පන්
හදාය. චන්දිමාල් වරක් පවසා ඇති
ආකාරයට අනුව ඔහුට මනාලියන්
ඇන්දවීමට සිතක් පහළවන්නේ සිය
සහෝදරියගේ විවාහය වෙනුවෙන්
ඇයව සරසනු දැකීමෙනි. එකල
චන්දිමාල්ගේ වයස අවුරුදු 16 කි.
එකල චන්දිමාල් ජීවත්ව ඇත්තේ
පිටකෝට්ටේය. අධ්‍යාපනය
ලබන්නේ ශාන්ත තෝමස්
විද්‍යාලයෙනි.

සිරස ඩාන්සින් ස්ටාර් මුල්ම පඩිය රුපියල් 3000යි

රූපලාවන්‍ය
ශිල්පය
පිළිබඳව විවිධ
හැදෑරූම්
කළත්
චන්දිමාල්ට
යම් අවස්ථාවක්
ලැබුණේ යැයි
කියන්නේ
සිරස මාධ්‍ය
ජාලය විසින්
සංවිධානය
කළ රියැලටි
වැඩ සටහනක්
වන ඩාන්සින් ස්ටාර් වැඩසටහනට
පැමිණි තරගකාරියන්ට මේකප්
කිරීමටය. ඒ වෙනුවෙන් ඔහුට ලැබී
ඇති දීමනාව දිනකට රුපියල් 3000
කි. මෙම වෘත්තියෙන් ඔහු ලබන
පළමු ආදායම බව කියන්නේ එයයි.

මුලින්ම ඇන්දුවේ හිමාලි සයුරංගිට

තමා නළු නිළියන් හදුනා
ගත්තේ එම වැඩසටහනින් බවත්
අනතුරුව තමාට ලද පළමු විවාහ
මංගල්‍ය වන්නේ හිමාලි සයුරන්ගි
නැමැති රංගන ශිල්පිනිය මේකප්
කිරීම බව චන්දිමාල් සදහන් කරයි.
එතැන් සිට මේ දක්වා මනාලියන්
10000කට වඩා වැඩි පිරිසක් සරසා
ඇති බව ඔහු කියන්නේ දැන් තමා
මේ ක්ෂේත්‍රයේ සිටින ඉහළම
පුද්ගලයා බව සඳහන් කරමිනි.
එදා සිට අද දක්වාම ඔහුගේ
එකම ආදායම් මාර්ගය ලෙස
පෙනෙන්නට ඇත්තේ මනාලියන්
ඇන්දවීමය. මනාලියන් අන්දවා
රාජකීය උපන්දින සාද පැවැත්වීමට
හැකියාවක් තිබේදැයි ඇත්තෙන්ම
ප්‍රශ්නාර්ථයකි. කිසිවෙකුත්
ඔහුගේ ආදායම් ගැන සොයා
බැලීමක් කරන්නේද නැත.
මුදල් විශුද්ධිකරරණයටවත්
ඔහු හසුවන්නේ නැත. ඒ ඔහු
ඇසුරුකරන්නේ සමාජයේ
ඉහළම බලවතුන් වන බැවිනි.
එම බලවතුන්ගේ පෙම්වතියන්,
බිරින්දෑවරුන් සහ සුරූපී අනියම්
පෙම්වතියන් චන්දිමාල්ගේ
ගජයන්ය. ඒ නිසාම චන්දිමාල්ට
සිවිල් සමාජය තුළ ඕනෑම වැඩක්
කර බේරී සිටීමට හැකි බලයක්
මේ වන විටත් ගොඩනැගී හමාරය.

10 වැනි තට්ටුව ලක්ෂ එකහමාරකට බුක් කරයි

සංචරණ සීමා අස්සේ සිය රාජකීය
උපන්දින සාදය රාජකීය අයුරින්
නැතත් තමාට ඉතා සමීප හිතුවතුන්
කිහිප දෙනෙක් ගෙන්වාගෙන
ෂැංග්‍රිලා හෝටලයේ සමරන්නට
ඔහු තීරණය කරන්නේ ඒ නිසා
යැයි විශ්වාස කළ හැකිය.
කොවිඩ් වසංගත තත්වය
හමුවේ සිය දහස් ගණනක්
හෝටල් අපේ රටේ වසා තිබියදී
සංචාරකයන් වෙනුවෙන් සහ
සංචාරක කර්මාන්තය සදහා
ෂැංග්‍රිලා වැනි තරුපන්තියේ
හෝටල් කිහිපයක් විවෘතව ඇත්තේ
දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට
යටත්වය. මෙම හෝටල් විවෘතව
ඇතත් දේශීය සංචාරකයන්ට
ඇත්තේ තහනම් කලාප ලෙසිනි.
ඒ සංචරණ සීමා අස්සේ දේශිය
සංචාරකයන්ට ගමන් බිමන්
තහනම්ව ඇති බැවිනි. එහෙත්
ඒ කිසිදු තහනමක් චන්දිමාල්ට
වලංගු වූයේ නැත. 30 වෙනිදා
පෙරවරු 10.00 සිට පසුදින
පෙරවරු 10.00 දක්වා පැය 24
ක කාලයක් වෙනුවෙන් ඔහු
රුපියල් ලක්ෂ එකහාමාරකට
10 වැනි මහලේ වූ නිවසක්ම
වෙන්කර ගත්තේය. උපන්දින
සාදය සංවිධානය වන්නේ එම
නිවස තුළය.

වරින් වර විස්සේ කණ්ඩායම් ඇවිත්

ඒ සියලු සංවිධාන
කටයුතු සිදුවන්නේ විශේෂ
අවස්ථා සංවිධානය කරන යුවළක්
විසිනි. මේ යුවළ ලොකු කේක්
ගෙඩියක්ද චන්දිමාල් වෙනුවෙන් සූදානම් කළේය. වෙන්කරවාගත්
එම නිවස හැඩවැඩද කළේය. ඒ
උත්සව සිරියක් ගෙන දෙමිනි. එදා
30 වෙනිදා පෙරවරු 10.00 ත් 10.30
අතර කාලය තුළ චන්දිමාල් තවත්
කිහිප දෙනෙක් සමග හෝටලයට
එන්නේ සුඛෝපභෝගී ජිප් රථයක
නැගීය. ප්‍රභූවරයෙක් මෙන් එහි
එන ඔහු 10 වැනි මහලේ නිවසට
ගොඩවැදෙන්නේ හෝටලයේ කාර්ය
මණ්ඩලයේද සාමාජිකයෙකුගේ මග
පෙන්වීමට අනුවය. චන්දිමාල්ගේ
උපන්දින සාදය පැවැත්වෙන්නේ
එතැන් සිටය.
චන්දිමාල්ගේ මෙවර උපන්දින
සාදයට සිය හිතවතුන්ට ආරාධනා
ලැබෙන්නේ කණ්ඩායම් වශයෙනි.
එකවර 20 කට 30 කට වඩා රැ
ස් නොවන්නට සංවිධායක යුවල
වගබලා ගෙන තිබුණි. ඒ එන සෑම
අයෙකුටම සංග්‍රහයන් ඇණවුම්වලට
අනුව එම නිවසටම ලැබුනේ
හෝටලයේ මුළුතැන් ගෙයිනි.
ඒ වෙනුවෙන්ම වෙනම කාාර්ය
මණ්ඩලයක් එදා සිට ඇතැයි
සැලකෙන්නේ සූදානමකිනි. ඒ
හෝටල් කලමනාකාරීත්වය මෙම
සාදය ගැන කල්තියා දැන සිටි
නිසාද නැතිනම් ඒ අයට සිතුනු
නිසාද යන්න දන්නේ චන්දිමාල් සහ
හෝටල් කළමනාකාරීත්වය පමණි.

දේශපාලකයන් කාමර පිටින් බුක් කරගෙන!

රටක්ම ලොක්ඩවුන් කර
තිබියදී උෑසන සිටම පැවැත්වෙන
චන්දිමාල්ගේ ෂැන්ග්‍රිලා උපන්දින
සාදය ඒ වන විටත් පැවතියේ
ප්‍රසිද්ධ රහසක් ලෙසිනි. මේ
සාදයට දේශපාලනඥයන්ද
ආගිය බව කියැවෙන්නට
ගත්තේය. ඒ කවුරුන්දැයි
පැහැදිලිව සඳහන් නොවුණත්
විවිධ දේශපාලනඥයන්ගේ නම්
කියැවෙයි. ඒ අය ඒවා ප්‍රතික්ෂේප
කරති. ඒ අතර සෙල්ලක්කාර
ඇතැම් දේශපාලනඥයන් ෂැංග්‍රිලා
හෝටලයේ කාමර වෙන්කරගෙන
එහි සිටි බවට දූෂමාන තොරතුරුද
නැත්තේම නැත.
මෙහි ඇත්ත නැත්ත තවමත් තහවුරු
වී නැතත් ඒ සියල්ලක්ම දන්නේ
ෂැංග්‍රිලා හෝටලය සහ එහි ආරක්ෂක
කැමරා පද්ධතිය පමණි. ඇතැම් විට
එම කැමරා පද්ධතියේ දත්තයන් මේ
වන විට මැකී තිබෙන්නටද පුළුවන.
තරුණ තරුණියන් දෙතුන්
දෙනෙක් එක්ව සාදයක් පවත්වන
විටත් මාධ්‍යකරුවන් පිරිවරාගෙන
ඒතැන්වලට කඩා පැන රටේත්
නැති නීති තර්ක ඉදිරිපත් කර ඒ
තරුණ තරුණියන් කුදලාගෙන
යන පොලීසිය ෂැංග්‍රිලා හෝටලයේ
පැවැති චන්දිමාල්ගේ මේ සාදය ගැන
දහවල් කාලයේ සිටම තොරතුරු
දිගින් දිගටම ලැබෙන විටත්
සිටියේ නිහඬවය. ඒ පොලීසියේ
පිටකොන්ද කඩා දමා තිබීම නිසාද
නැතිනම් මේ සාදයට ඉහළ පොලිස්
නිලධාරීන් කිහිප දෙනෙක්ගේද
ආශිර්වාදය තිබුණු නිසාද යන්න
සැබෑ ලෙසම සොයා බැලිය යුතුය.

කේක් එක කපන්න තිබ්බේ රෑ 12ට!

නිසි අවසරපත් සමග රැකියාවට
මහ මගට එන අහිංසකයින් පවා
පරීක්ෂා කරමින් ලොවෙත් නැති
තර්ක ඉදිරිපත් කර නැවත නිවෙස්
වෙත හරවා යවන පොලීසියක්
කොළඹ ක්‍රියාත්මකව තිබියදී
චන්දිමාල්ගේ සාදයට එන පිරිසට
ඒ කිසිදු තහංචියක් හෝ බාධාවක්
නොවූයේ ඒ පොලිස් බලය
නිසාදැයි ඇත්තේ සැබවින්ම
ප්‍රශ්නාර්ථයකි.
චන්දිමාල් එදා සිය උපන්දින
කේක් ගෙඩිය කැපීමට සැලසුම්
කරන්නේ 30 වෙනිදා මධ්‍යම
රාත්‍රියේය. ඒ ඔහුගේ උපත සිදුවූයේ
යැයි කියන්නේ ඒ අවස්ථාවේ
වන බැවිනි. එදා රාත්‍රී 10.00 න්
පසු කාලය වෙන්වන්නේ ඔහුට
වඩාත් සමීපතයින් කිහිප දෙනෙක්
වෙනුවෙන්ය. ඒ කණ්ඩායමද විසි
තිස් දෙනෙකුගෙන් සමන්විතය. ඒ
අයගෙන් දහ දෙළොස් දෙනෙක්ම
රාත්‍රී 11.00 වන විට එහි පැමිණ
සිටියහ. සෙසු පිරිස් ඒවන
විටත් සිටියේ හෝටලය වෙත
පැමිණෙමිනි.
චන්දිමාල්ගේ සාදයට
පොලීසියට කඩා පනින්නට
සිදුවන්නේ මේ උච්චතම
අවස්ථාව එළඹෙන මොහොත්ය.

පොලිසිය එන්න පෙර පණිවුඩය ඇවිත්

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ සාදය
සමග ආණ්ඩුවද පතුරුගහන්නට
පටන් ගැනීමත් සමගිනි. එතෙක්
ෂැංගිලා හෝටලය පැත්ත
පළාතේ යාම තහනම් කර තිබුණු
කොටුව පොලීසියේ නිලධාරීන්ට
හෝටලයට ගොස් සාදය නතර
කිරීමට උපදෙස් ඉහළ පොලිස්
නිලධාරීන්ගෙන් ලැබෙන්න විය. ඒ
අනුව කොටුව පොලිස් ස්ථානයේ
නිලධාරීන් හෝටලයට යන විට
පොලීසිය එහි එන පණිවුඩය
දැනගත යුතු සියලු දෙනාටම
ගොස් තිබුණේය. ඒ අනුව
චන්දිමාල්ගේ සාදයේ රැඳී සිටි
බලවත් උදවිය පොලීසිය එන්නට
පෙර තම තමන් පැමිණි වාහනවල
නැගී ඉගිලී ගියේය. ඒ අතර
ඇතැම් අය පෙර සූදානම් කරගත්
ආකාරයට එහි වෙනත් හෝටල්
කාමරවලට රිංගා ගත්හ. පොලීසිය
එහි යන විට සාදය පැවැති නිවසේ
සිටියේ චන්දිමාල් සහ රංගන
ශිල්පිනී පියුමි හංසමාලි පමණි.
ඊට අමතරව තවත් කිහිප දෙනෙක්
පොලීසියට මුණ ගැසෙන්නේ
හෝටලයේ රථ ගාලේදීය.
දැන් සාදයක් එහි නැත.

පොලිසිය හිස් අතින් එයි

ඉහළ පොලිස් නිලධාරීන්ගෙන්
උපදෙස් ලැබෙන්නේ එහි ගොස්
සාදය නතරකර එන ලෙස පමණි.
සැබෑවටම සිදුවන්නේ සමාජ මාධ්‍ය
ජාල ඔස්සේ සිදුවන විරෝධය
මැඩලීමදැයි ඇත්තේ ගැටලුවකි. ඒ
නිසාම මධ්‍යම රාත්‍රියේ දැවැන්ත
වැටලීමකට ගිය කොටුව පොලීසිය
ෂැංගිලා හෝටලයේ සිට නැවත
සෙලින්කෝ ගොඩනැගිල්ලෙහි
පිහිටි පොලිස් ස්ථානය වෙත
එන්නේ හිස් අතිනි.
දෙබරයට ගල් ගැසෙන්නේ
උදෑසනය. පොලීසියේ රංගනය
සමාජ මාධ්‍යවල දැඩිව විවේචනයට
ලක්වන්නට ගත්තේය. පොලිස්
ලොක්කන්ට එයින් ගැලවිල්ලක්
නොවීය. චන්දිමාල් සහ ඔහුගේ
සහචර ලලනාවන්ට ලොල් බැඳි
ඇතැම් දේශපාලනඥයන්ටද
තවදුරටත් ඒ අයගේ ආරක්ෂක
පළිහක් වන්නට ඉඩක් නොවීය.
චන්දිමාල් සහ පියුම් හංසමාලි
සිටියේද එවැනි නීතිමය තත්වයක්
නොමැති බව පොලීසිය දැන
දැනමදැයි ඇත්තේ ද සැකයකි.

මනාල යුවල එක්ක 50ක් නිරෝධායනයේ: හෝටලයටත් සීල්!!

චන්දිමාල් සම්බන්ධයෙන්
පොලිසීය මෙසේ අමුතු ආකාරයේ
නීතියක් ක්‍රියාත්මක කරන්නේ
කඩුවෙල කොරතොට පිහිටි
හෝටලයක ඊට දින කිහිපයකට
පෙර සංචරණ සීමා අස්සේ
පැවති විවාහ උත්සවයක් වළක්වා
මනමාල යුවළ ඇතුළු 50 ක පමණ
පිරිසක් නිරෝධායනය කරමින්
හෝටලයට මුද්‍රා තැබූ වටාපිටාවක්
හමුවේදීය. එම විවාහය හංවැල්ල
පොලීසියේ අවසානයට සේවය
කළ විශ්‍රාමික උප පොලිස්
පරීක්ෂකවරයෙකුගේ දියණිය වන
බැංකු සේවිකාවකගේය.

ජාඇල කොස්තාපල්ට වෙච්ච වැඩේ

ඊට පෙර වෙන්නප්පුවේ
පැවැති විවාහ ලියාපදිංචියක්
පැවැති නිවසකටද පොලීසිය
කඩා පැන එහි සිටි යුවළ ඇතුළු
30 දෙනෙකු නිරෝධායනයට
යොමු කරන්නේ මාධ්‍යකරුවන්ද
එතැනට රැගෙන ගොස් ලොකු
රංගනයක නිරත වෙමිනි. එදා ඒ
විවාහ ලියාපදිංචිය සිදුවූයේ ජාඇල පොලිස් ස්ථානයේ රථවාහන
අංශයේ කොස්තාපල්වරයෙකුගේය.
විවාහයට එම නිලධාරියාගේ
පැත්තෙන් අත්සන් කලේ
ජා-ඇල රථවාහන අංශයේ
ස්ථානාධිපතිවරයාය. එදා ඔහුට
පවා ඉතා නරක විදිහට පොලීසිය
සැලකුවේය. විවාහ ලියාපදිංචිය
පැවැති නිවසේ සියලු දෙනා
නිරෝධායනයට යොමු කළේ
නිවසට නිරෝධයනය වෙමින් ඇති
නිවසක් බවට ස්ටිකරයක්ද අලවාය.

බස් එක හරවන්න ගිහින් වෙච්ච වැඩේ

ඒ නීතිය ෂැංග්‍රිලා හෝටලය
සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක
වී නැත. හෝටලයට මුද්‍රා තැබීමක්
හෝ හෝටල් කාර්ය මණ්ඩලය
නිරෝධායනයට යොමු කිරීමක්ද
සිදුවී දින 02 කට පසුවය.
පොලිස් ස්ථානයට කටඋත්තරයක්
ගැනීමට යැයි කියා කැඳවා ඒ අය
නිරෝධායනයට රැගෙන යන විට
චන්දිමාල්ට ඒ ගැන කල්තියාම
තොරතුරු ලැබීම නිසා ඔහු
සිටින්නේ තලවතුගොඩ පැත්තේ
පුද්ගලික රෝහලකට ඇතුළු වීය.
ඒ නැති ලෙඩකටය. එසේ ඔහු
නිරෝධායනයෙන් පැන ගන්නා විට
ඔහුගේ සාදයට සම්බන්ධ වූ පියුමි
හංසමාලි ඇතුළු කණ්ඩායමක්
පොලීසියේ මැදිහත්වීම මත
පුද්ගලික බස් රථයක නංවාගෙන
රැගෙන යන්නේ ඇඳිවත පිටිනි. ඒ
ඔවුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේය.
ඒ අතර වැඩි දෙනෙක් සුරූපිනියන්
වූවාය. ඒ අනුව බස් රථයේ ගමන් කරන අතරතුරදී පියුමි හංසමාලි මරජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට ඇමතුමක් ලබා දී සිදුව ඇති අර්බූදය පිළිබද පැහැදිලි කිරීමට පියවර ගත්තාය. තමන් ඇතුලු පිරිසට අදින්න ඇදුමක් හෝ නැති බව ඇය අමාත්‍යවරයාට සදහන් කර සිටියාය.

ඒ අනුව සරත් වීරසේකර අමාත්‍යවරයා බස්රථය තලංගම පොලිසියට රැගෙන ඒමට ඉඩ සලස්වා ඔවුන්ට අවශ්‍ය ඇදුම් පැලදුම් එම ස්ථානයේදී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබිණ.

ආපු ඔක්කොම අල්ලයිද?

මේ කථාව තවමත් හමාර
නැත. කොටුව පොලීසියේ
නිලධාරීන් තවමත් මේ සාදයට
සහභාගිවූවන්ගෙන් නීතිය
හමුවට ගෙන ඇත්තේ සියයට
20ක පමණ පිරිසක් පමණි.
නිදහසේ සිටින පිරිස වැඩිය.
ඒ නිසා අධිකරණ නියෝග
යකින් හෝටලයේ ආරක්ෂක
කැමරා පද්ධතිය පරීක්ෂා කර එම
පිරිසත් හඳුනාගෙන හෝටලයට
එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කිරීමට
පිඹුරුපත් කොටුව පොලීසිය සකස්
කළේය. එහෙත් එය ක්‍රියාත්මක
කිරීමට මත්තෙන් සියලු විමර්ශන
කොළඹ අපරාධ කොට්ඨාසයට
පැවරෙන්නේ බස්නාහිර පළාත්
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු
තෙන්නකෝන් මහතාගේ
උපදෙසිනි. බලා සිටිය යුතු
වන්නේ දේශබන්දු තෙන්නකෝන්
මහතාගේ උපදෙසින් කොළඹ
අපරාධ කොට්ඨාසය නීතියය
නිසි ලෙස ක්‍රියාත්මක කරන
අයුරු දෙසය. නිසි ලෙස නීතිය
ක්‍රියාත්මක වුවහොත් රටේ නමගිය
දේශපාලකයන්, පුද්ගලයන්,
ව්‍යාපාරිකයන්, රූ රැජිණන්, ප්‍රභූ
පුද්ගලයන්, ප්‍රසිද්ධ අයගේ දරු
දැරියන් පවා චන්දිමාල්ගේ සාදයට
නිරෝධායන නීතිය උල්ංඝනය
කරමින් සහභාගිවීමේ වරදට
හසුවනු ඇත.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ගෝඨාගේ උපදෙස්වලට උඩින් ගිහින් ඩී.එස්. ඉඩමේ ‘වෘත්තීය පුහුණුව’ ‘කාර් පාක්’ එකක් කළේ කව්ද?

Next Post

21 දක්වාම රට වැහෙයිද? ජනපතිට ලියුමක්!

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.