සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) දිනයේ දී තවත් කොවිඩ් මරණ 42ක් තහවුරු කර ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,608ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව ඊයේ දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,264කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 195,811ක් දක්වා ඉහළ ගොස් තිබේ.










