‘වැඩිය කෑගැහුවොත් ජීවිතය බලාගෙනයි’ තර්ජනය කරමින් තමන් වහන්සේ වෙත ලිපියක් ලැබී ඇති බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.
අභයාරාමයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කීහ.
තමන් එම තර්ජන වලට බය ඇති පුද්ගලයෙක් නොවන බවද උන් වහන්සේ පැවසූහ.
සෞඛ්‍ය අමාත්‍යවරිය කිසිවක් නොදන්නා බබෙක් මෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් ප්‍රකාශ කළත් අභයාරාමයේදී එන්නත් ලබා ලබාදීම සියලුම සෞඛ්‍ය අංශවල දැනුවත්කම මත සිදු වූ බවත්, අගමැතිවරයා පවා අභයාරාමයේ සිට සෞඛ්‍ය අමාත්‍යවරියට ඒ පිළිබද උපදෙස් දුන් බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
පසුගියදා අභයාරාමයේ සිදුවූ එන්නත්කරණ වැඩසටහන පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශය කිසිවක් නොදන්නා බවට පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
ඒ සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන තමන් සතු බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේය.










