• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවෙදි කොරෝනාවට මුහුණ දුන් ලංකාවේ පරිසරවේදිනියගේ වීර අත්දැකීම!

June 2, 2021
in Exclusive, Uncategorized
Reading Time: 10 mins read
A A
ඉන්දියාවෙදි කොරෝනාවට මුහුණ දුන් ලංකාවේ පරිසරවේදිනියගේ වීර අත්දැකීම!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පරිසරවේදිනියක් වන කාංචනා වීරකෝන් තමන් සහ තම පවුලේ සාමාජිකයන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීම සහ එම අවස්ථාවේදී මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ පළකර තිබුණා.
මේ ඇය තැබු සටහනයි.

කොවිඩ් දුටුවෙමි, වැලද ගත්තෙමි, අත් වින්දෙමි, ඉන් මිදුනෙමි….

අප්‍රේල් 18 වෙනිදා, සති අන්තය සාමාන්‍ය එකක් නෙමෙයි. මේ සති අන්තය අපිට ආයෙත් ගිය අවුරුද්දේ වගේ ලොක් ඩවුන් කරලා. සාමාන්‍යයෙන් මගේ පොඩි පුතා (වයස 17යි) වැඩිපුර නිදන දවසක් . එත් උදෙන්ම එයා අපේ කාමරේ දොර ගාව. “අම්මා මට උණ වගේ උගුරත් රිදෙනවා”…

ඇදෙන් නැගිට්ටා නෙමෙයි නැගිට්ටුනා! පුතේ පැනඩෝල් (දිල්ලියේ පැනඩෝල් නැති උනත් පුරුද්දට කියවෙන්නේ ඒක තමයි) දෙකක් ගන්න. තව ටිකක් නිදා ගන්න පුතේ”. එහෙමම දරුවට paracetamol දෙකක් දීලා ආයෙත් මම ඇදේ ඇල උනා. මගේ ඔලුවට එක එක කල්පනාවල් එනවා. ඊයේ පෙරේද ඉදන් ඉවරයක් නෑ ලංකාවේ අයගෙන් calls එනවා, messages එනවා අපි හොදින් ද කියලා අහලා. “විසාලා මහනුවර වගේ නේද දිල්ලිය” කියලා අහනවා, මිනී පුච්චන කොට ඒවගේ දුමින් අපේ ගෙවල් පිරිලද කියලත් අහනවා. මිනී ගද දැනෙන්නේ නැද්ද අහනවා…පරිස්සමින් ඉන්න කියනවා.

“මෙහෙ news වල පෙන්නනේ විදි වල මිනිස්සු මැරිලා වැටෙන හැටි, ඔයාලා ඉන්න හරියේ එහෙම නැද්ද අනේ” ? “හරිම බයයි නේද”? “කොහොමද අනේ ඔහේ ඉන්නේ ඉක්මනට තියෙන flight එකක් අරගෙන ලංකාවට එන්නකෝ”? …අනේ අප්පේ…මෙහෙමත් ප්‍රශ්ණ. මම ඉතින් පුළුවන් විදිහට උත්තර දෙනවා මොකද ඔය කියන කිසි දෙයක් ගැන අපි දන්නේ නෑ. අපිට පේන්න තිබ්බෙත් නෑ. අපි කොහොමටත් මෙහෙ TV news බලන එක නවත්තලා තියෙන්නේ මොකද ඒවා හරිම ඍනාත්මක විදිහට තමයි පෙන්නන්නේ. (ලංකාවෙත් එහෙමයි නේද?) අනිත් එක සමහර video clips යාළුවො මට එවලා තිබ්බා ගිය අවුරුද්දේ විසාකාපට්නම් වල සිද්ධ උන Gas leak එකේදී මිනිස්සු කලන්තේ දාල පාරේ ඇදගෙන වැටෙන හැටි. ඒ covid හැදිලා මැරිලා වැටෙන හැටි විදිහට තමයි ඒ video එක එක කෙනා අතරේ share කරන්නේ.

කොහොම නමුත් මේවා අහලා දැකලා අපි බය උනේ නම් නෑ කවදාටත් අපි එහෙම බය වෙන්නෙත් නෑ ..නමුත් දැන් පොඩි පුතාට covid එහෙමනම්….මම හිතනවා… මොකද්ද අපි කල යුත්තේ?? හරි කමක් නෑ එයාට covid ම තමයි කියලා හිතලා වැඩ කරමුකෝ..මම හිතා ගත්තා. ඒත් පොඩි පුතාට covid හැදෙන්නේ කොහොමද?? එයා එලියටවත් යන්නේ නෑනේ. මටයි තුෂාරටයි (Thushara Ranasinghe) තියෙන ප්‍රශ්නේ ඒක. අපි දෙන්න පලවෙනි injection එක ගහගෙන හිටියේ…අපි කඩේ යන ටිකට virus එක දරුවට ගෙනත් දුන්නද?

නමුත් ගිය අව්රුද්ද පුරාවටම අපි හොද පරිස්සමින් ඒ වැඩ ටික කරානේ…මේ පාර එහෙම හැදෙන්නේ කොහොමද? අපේ ඔළුවල ප්‍රශ්න ගොඩයි! කොහොම නමුත් දරුවට දවල් වෙනකොට උණ වැඩියි, උගුර රිදෙනවත් වැඩියි. ලංකාවෙන් ගෙනාපු පස් පංගුව පැකට් 10ක් 12 තව තියෙනවා. එකක් තැම්බුවා. දරුවා ඉල්ලන්නේ ginger-lemon-honey tea. ඒ එයාගේ ප්‍රියතම බීම උගුර අමාරුව හැදුනහම. ඉගුරු තලලා උණු වතුරට දාලා එකට දෙහි තේ හැන්දක් සහ මි පැණි තේ හැන්දක් දාලා බොනවා. ඉතින් එයාට ඒක දෙන ගමන් පස් පංගුවත් බොන්න දුන්නා. ගෙදර ඉන්න අනිත් අයත් ඒවා බිව්වා..හොදට කන්නත් දුන්නා. වතුරත් මතක් කර කර බොන්න දුන්නා. ගෙදර හැමෝම විටමින් (Zinc, C සහ D ) ගන්න පටන් ගත්තා.

ම්හ්..දෙවෙනි දවස වෙනකොට අමාරුව වැඩියි. ඇගත් රිදෙනවා කියනවා. කැස්සකුත් තියෙනවා. පැය හයෙන් හයට paracetamol තමයි ඉතින්. තුන් වෙනි දවස වෙනකොට රස දැනේනේ නෑ කිව්වා. ඒ ගමන තුෂාර කිව්වා පුතේ මගේ after shave එක සුවද බලන්න. හපොයි! දරුවා කිව්වා සුවදක් නෑනේ කියලා. අපි දෙන්න මුනෙන් මුණ බලා ගත්තා. හරි තමයි වගේ.

ඒ වෙනකොට දිල්ලිය විසාල මහනුවර කෙසේ වෙතත් සුනාමියකට පස්සේ ඉස්පිරිතාල තිබ්බා වගේ කියලනම් දැනගෙන හිටියා. ලංකාවේ news වල දිල්ලිය ගැන පෙන්නන ඒවා ගැන යාලුවෝ, නෑයෝ කියන නිසා. PCR ටෙස්ට් එක කරන්න බලනකොට අපේ ගේ ගාව තියෙන lab එකේ register වෙන්න ඉඩ නෑ කිව්වා. අපේ E block housing community එක හරි හොදයි. එයාලා කිව්වා හෙට ඉදන් එයාලා අලුතින් PCR කරන්න center එකක් පටන් ගන්නවා කියලා. එතකම් ඉතින් ඉන්න වෙනවනේ.අපි ගෙදරම ඉදන් දරුවාව බලා ගත්තා.

ඉස්කෝලේ online පංති වලට යන එක සදුදා ඉදන්ම නැවැත්තුවානේ. බොන ජාති දෙන ගමන් කන්නත් නිරෝගී කෑම විතරක් දුන්නා (අපි කවදාටත් proccessed food කන්නේ නෑ ගෙදර. පුළුවන් තරම් නිදා ගන්න කිව්වා. හතර වෙනි දවස යන්තම් දරුවාගේ උන බැහැලා. ඒත් ඇගට පණ නෑ කියලා මගේ ඇගේමයි . මෙතන මම ලොකුම ලොකු වැරැද්දක් කලා. Covid ලෙඩෙක් කියලා සැක හිතුන ගමන් එයාව අනිත් අයගෙන් වෙන් කරලා තියන්න ඕනේ කියන එක හොදටම දැනගෙන හිටියා. නමුත් මගේ පුතා ලෙඩ උනාම හරිම දුර්වල වෙනවා වමනේ යනවට පුදුම බයක් තියෙන්නේ.

ඉතින් එයා ගැන හොදටම දන්න මට කොයිම විදිහකින් වත් එයාව තනි කරන්න හිත දුන්නෙම නෑ. මම දන්නවා මම වැරදියි කියලා හැබැයි අම්මා විදිහට මම ඒක පැහැර හැරියා.ඒ නිසාම එයාට උණ හැදිලා 5 වෙනි දවස වෙනකොට මගේ උගුර රිදෙන්න ගත්තා. එකම සැනසීම එයාට උණ නෑ. අපි තුන් දෙනයි ගෙදර අපේ උදව්වට ඉන්න ඉන්දියානු ජාතික Henry වයි අරගෙන අපි අර අලුතෙන් දාපු PCR testing center එකට ගියා. සෙනග නෑ. හිටිය 5 දෙනාත් මීටරයක් නෙවෙයි මීටර 5ක් 6ක් දුරින් තමයි හිටියේ. සල්ලි ගෙවන්නයි register වෙන්නයි online. එකත් phone එකෙන්ම කරා. පහුවදා report email එකෙන් ආවා. පුතා positive අනිත් අය ඔක්කොම negative. වෙන්න බෑ.. මගේ report එක වැරදියි මම කිව්වා. මටත් covid තමයි. ඒ නිසා සැකේට මුල ඉදන්ම කරපු දේවල් ටික එහෙමම කරගෙන ගියා.

පුතාට හොද නිසා ප්‍රධානම දෙයක් කරා. දවස් 5ක්ම අපේ දෙමව්පියන්ට නොකීව තොරතුරක් එයාලට දැනුම් දුන්නා. හැමදාම උදේට මගේ අම්ම අහනවා පුතේ පොඩි පුතා ඉස්කෝලේද? ලොකු පුතා call කරාද? (එයා university එකේ) කොහොමද ඔයාලට?, අනේ පරිස්සම් වෙන්න පුතේ…ඒ හැම වෙලේම මම කිව්වේ ඔව් අම්මේ අපි හොදින් පුතා ඉස්කෝලේ.. හරිම busy මේ දවස්වල. පස්සේ අම්මලාට call කරයි. එත් ඉතින් පහු ගිය දවස් 5ම එයාට සනීප නෑනේ. එයාල දන්නේ නෑ ඒක .

නිපුන එයාගේ කිරි අම්මටයි අත්තටයි video call කරා…බලන්න එපෑය ඒ දෙන්නගේ මුනේ තිබුන සතුට..”අනේ අපේ පුතා…ඉතින් කොහොමද පුතේ..? ”කීමා මට covid හැදුනනේ….”අනේ ඇත්තද පුතේ?” අපේ අම්ම හිනා වෙලා අහනවා…”ඔව්නේ” ..ඒ නිපුන…”හරි ෂෝක් නේ” ඒ අපෙ අම්මා. නිපුන හිනා වෙනවා..මම කියන්නේ ඇත්තමයි …අනේ බොරු කියන්න එපා පුතේ..ඔය ඉතින් නැගිටලා ඉන්නේ….හිනා වෙවී covid නම් ඔහොම ඉන්නේ කොහොමද? ….මොන විදිහකින්වත් එයාලව තේරුම් කරන්න බැරි උනා. බැරිම තැන මම phone එක අරගෙන තදින් කිව්වා…”අම්මේ මේ අහන්න කෝ ..එයාට ගිය ඉරිදා හැදුනේ අද ටෙස්ට් කරා…ඔව් covid තමයි..දැන් මටත් හැදිලා තියෙන්නේ…අපොයි පුතේ කොහොමද හැදුනේ?…ඔයාලා එලියට ගියාද? අමාරු උනාද? හුස්ම ගන්න බැරි උනේ නැද්ද? Oxygen දෙන්න උනාද? ඉස්පිරිතාලෙට ගියාද? ඔන්න ඉතින් ප්‍රශ්නවැලයි…යන්තම ඒවටත් උත්තර දීල අපි බේරුනා..

එවෙලේ ඉදන් මම phone එක silent දැම්ම. Face book, whatsApp බලන එක නැවැත්තුවා.E block group එකයි මගේ පරිසර තොරතුරු හුවමාරු කරන groups දෙකයි විතරක් දවසට එක පාරක් බලනවා. මම හිතා ගත්තා කිසිම news එකක් බලන්නේ නෑ කියලා. ඉන්දියාවේ අපි ගැන හොයලා බලන්න ඉන්න යාළුවො තුන් හතර දෙනෙකුට තුෂාර call කරලා කිව්වා මටයි පුතාටයි හදුනා කියලා.

පහුවදත් මම හොදින් පුංචි උගුරේ අමාරුව විතරයි. මෙන්න බොලේ තුන්වෙනි දවස් වෙනනකොට මට උණ, රසය නෑ, ගද සුවද නෑ. නිදන එකමයි වැඩේ. නහයත් block වෙලා. දැනගෙන හිටියා හොදට ඉහලට හුස්මක් අරගෙන පිට නොකර එක දිගට 40 ට ගණන් කරන්න පුළුවන් නම් පෙනහළු වල හොද ධාරිතාවක් තියෙනවා කියලා. ඉස්සර ඉදන්ම ප්ප්‍රානයාම් යෝග කරපු නිසා ලොකු විශ්වාසයක් තිබ්බා මට පුළුවන් කියලා. පටන් ගත්තා ගණන් කරන්න. මෙන්න බොලේ 40 නෙමෙයි 62 දක්වාම එක හුස්මට ගණන් කරන්න පුළුවන් උනා. මේ ව්‍යායාමය පැය කාලෙන් කාලට කරා. ඒ අතරේ ප්‍රානයාම් ව්‍යායමත් ටිකක් කරා . එතකොට අර හිර වෙලා තියෙන නහය clear වෙනවා.

ඒ අතරේ කොහෙන්දෝ අවා whatsApp එකේ programme එකක් . ඒකෙ තියෙන්නේත් අර ගණන් කරන ක්‍රමේම තමයි. පෙනහළු වල ධාරිතාව හොදද බලා ගන්න. ඒක කරලා මම හිතනවා හරි මට ප්‍රශ්නයක් නෑ කියලා. හතරවෙනි දවසත් එහෙමයි. උදව්වට ඉන්න කෙනා උයල දෙන නිසා වැඩේ ලේසියි. ඇගට පණ නෑ ඒ මදිවට කැස්ස. අපේ මෙහෙ ඉන්න යාලුවෝ කතා කර කර විස්තර අහනවා, තුෂාරගෙන්.

ගිය අවුරුද්දේ covid හැදිලා ගෙදර ඉදන්ම හැමදේම කරලා හොද උන යාලුවාගේ උපදෙස් හරිම වැදගත් උනා. අර එයාලත් බයවෙලා අපිවත් බය කරන calls වලට වඩා ඒ calls ප්‍රයෝජනවත්. මේ වෙනකොට දවසට සැරයක් phone එක අරගෙන අම්මලාටයි ලොකු පුතාටයි විතරක් call කරනවා. ඒ වෙලාවට තියෙන ඔක්කොම ශක්තිය අරගෙන හිනාවෙලා හොදට කතා කරනවා. මගේ කටහඩ වෙනස් උන නිසා එයාලා දන ගන්නවා මට සනීප නැති බව. ඒත් අමාරුයි කියලා හිතන්නේ නෑ. ඉවර උන ගමන් ආපහු නිදා ගන්නවා. මට හැදිලා උණ අඩු වෙන්නත් කලින් තුෂාරට උගුරේ අමාරුව.

ඒ කියන්නේ මට තාම 5 වෙනි දවස. මම දැන ගත්තා දැන් ඉතින් මට ඇදට වෙලා ඉන්න වෙන්නේ නෑ, නැගිටින්නම වෙනවා කියලා. තුෂාරට සහ අපේ ගෙදර උදව්වට ඉන්න ඉන්දියානු ජාතික henry ටයි එකටමයි අසනීප උණේ . මම කොහොමත් ලෙඩ හැදුනට උදෙන්ම පුළුවන් උන ගමන්ම උදේට මුණ හෝදලා වෙනදා වගේ ඇදුමක් ඇද ගෙන කොන්ඩේ පීරලා පිරිසිදුවට ඉන්නවා. ලෙඩ පාට පෙන්නන්න කැමති නෑ. අපි ගේ ඇතුලෙත් mask දාගෙන හිටියේ. අපේ උත්සාහය උනේ Henry ට හැදෙන්නේ නැතිව තියා ගන්න.

නමුත් ඒක හරි ගියේ නෑ. එයාට වෙනම උඩම තට්ටුවේ කාමරයක් තියෙනවා. නමුත් අපි දෙන්න කිව්වා එයාටත් ඇවිත් අපේ ඉස්සරහ කාමරේ නිදා ගන්න කියලා මොකද තුෂාර කිව්වේ එයාවත් monitor කරන්න ඕනේ. අපිට පේන්න හිටියොත් හිතට බය නෑනේ කියලා. ඒ වෙනකොට පොඩි පුතාට හොදටම සනීප වෙලා නිසා (එයාට දවස් 11යි- ගොඩක් අවදානම් කාලයෙන් මිදිලා සහ උණ නැති නිසා) මගේ හිතට හොදයි. මම අවදානම් කාලයෙන් මිදිලා නැති උනත් (තාම මට දවස් 7යි) තද උණ නැති නිසා මම කාටවත් පෙන්නුවේ නෑ මට අමාරු බව. මට අමරුයිම කියන්නත් බෑ. හැබැයි නැගිටිනකොට කලන්තේ ගතිය, අගට පන නැති ගතිය, වැඩ ටිකක් කරනකොට එන දුර්වල ගතිය, උණ සෙල්සියස් අංශක 99යි වගේම හුස්ම ඉහලට ගන්නකොට පපුව හිරවෙන ගතිය එහෙම තාම තියෙනවා .

කියවලා දැනගෙන හිටපු තොරතුරු අනුව ඕනෙම වෙලාවක මට අවදානම් නිව්මෝනියා තත්වයට යන්න ඉඩ තියෙන බව මම හොදින්ම දැනගෙන හිටියා. ඒනිසා මම හොද අවදානයෙන් හිටියේ. අනිත් දෙන්නට දෙන හැම දෙයක්ම මමත් ගත්තා. vitamin, පස් පංගුව, ඉගුරු දෙහි තේ, කොත්තමල්ලි, ජීවනී, සහ වතුර මෙකී නොකී හැම දේම බොනවා. කියන්න ඕනේ පුදුම විදිහට අපිට තැබිලි මතක් උනේ. තිබ්බනම් මේ වෙලාවේ බොන්න හොදම දේ අපිට නෑනේ. මේ වෙනකොට අපිට pulse oximeter එකක් තිබුනා. ඒ නිසා මම උෂ්ණත්වය, සහ oxygen මට්ටමත්, පැය 3න් තුනට වගේ මැනලා ඒ දෙන්නට chart 2ක් ලකුණු කරා. හිතට සැනසීමක් දැනුනේ oxygen මට්ටම 96ට වඩා අඩු නොවුණු එක.

ඒ උනත් yoga ව්‍යායාම හැමෝටම මතක් කර කර කරන්න කිව්වා. මුනින් අතට නිදා ගන්න කිව්වා. උදේ නැගිටින වෙලාවකට (නින්ද අත්‍යවශ්‍ය නිසා කැමති වෙලාවක් නිදාගන්න කියලා තිබ්බේ) මුණ හෝදලා පිරිසිදු වෙලා අලුත් ඇදුම් ඇදගන්න කිව්වා. මට ඕනේ උනේ හැමෝටම ධනාත්මක හැගීමක් දෙන්න. මම අමාරුවෙන් බතුයි පරිප්පුයි එලවලුවකුයි හදලා බිත්තර තම්බලා (බිත්තර 2ක් හරි කමක් නෑ දෙන්න කියලා තිබ්බා) . රස්නෙන්ම කන්න දෙනවා. වැඩේ කියන්නේ මෙච්චර කාලෙකට හොද්දක ලුණු බලන්නේ නැතිව ඉව්වමයි! බැලුවට ඉතින් ලුණු මිරිස් රස දැනෙන එකක් යැ ? .

මේ අතරේ මට මතක් වෙනවා, බුදු දහමේ ඉගෙන ගත්තු දේවල්, අපි රසයි කියලා හිතන නිසානේ රසය කියන එක දැනේනේ නැත්නම් එහෙම එකක් නෑනේ කියලා. කොච්චර ඇත්තක්ද…..?ඔන්න ලුණු රස දැනේනේ නැති පරිප්පු හොද්ද හැදි ගාන ගමන් මම සින්දුවක් මුමුණනවා..නන්දා මලිනී මහත්මියගේ- මිරිවැඩි සගලක් ඉල්ලා හැඩුවෙමි – පායුග නැති ඔබ දකින තුරා….(හොද්ද රස නෑ කියලා මිට පස්සෙනම් කෙදිරි ගාන්න හොද නෑ ) මම මටම කියා ගන්නවා…මම ලෙඩ වෙලා ඉන්න දෙන්නව බලා ගන්න අතරේ මත්‍රී භාවනාව කරනවා..එළියේ තියෙන ගස් කොලන් දිහා බලාගෙන ඉන්නවා. කුරුල්ලන්ගේ නාදය පාවිච්චි කරලා පරිසර භාවනාව කරනවා. යෝග ප්‍රානයාම් ව්‍යායාම කරනවා. මගේ පුංචි ගෙවත්තේ තියෙන පැල වලට වතුර දානවා. පැල එක්ක කතා කරනවා. මට උණ වැඩිවෙලා තිබ්බ දවස් දෙකේ වතුර දැම්මේ Henry.

ඉතින් මම පැල වලට වතුර දාන්න වෙනදට වඩා වෙලා ගත්තා එකක් මට ශක්තිය නෑ, අනිත් එක මට ඕනෑ උනා පැල එක්ක වැඩිපුර කතා කරන්න (පැල එක්ක කතා කරන එක therapy එකක්. අපි එක කවදත් කරා අනිත් අයවත් hauticulture therapy වලට පුහුණු කරා). ඒ එක්කම සතුටු හිතෙන චිත්‍රපට බලනවා. Phone එක පාවිච්චි කරන පුංචි වෙලාවේදී අපි හොදින්ද කියලා අහලා තියෙන පණිවිඩ වලට ඔව් අපි හොදින් කියලා කෙටියෙන් උත්තර යවනවා. එන calls එකකටවත් උත්තර දුන්නේ නෑ මොකද කතා කරද්දී මහන්සි වැඩියි ඒ වගේම කාවවත් බය කරන්න හිතුනේ නෑ .ඔන්න දවසක් තනියම මම සාලෙට වෙලා (මුළු ගෙදරම අයට covid නිසා කාමරේම කොටුවෙලා ඉන්න අවශ්‍ය උනේ නෑ ) ඉන්න අතරේ මට එක පාරටම හිතුනා කාට හරි oxygen මදි වෙලා හුස්ම ගන්න බැරි උනොත් මම මොකද කරන්නේ කියලා?

මේක හිතුවා විතරයි මට හුස්ම ගන්න බෑ වගේ දැනිලා දාඩිය දාන්න ගත්තා. Heart beat එකත් වැඩි උනා. එක පාරටම මට මතක් උනා මම බොරුවට බය වෙනවා නේ කියලා. නමුත් මට ඒ සිතුවිල්ල නැති කරගන්නම බැරි උනා..මම එහෙමම පුටුවෙන් නැගිටලා ඉතිපිසෝ ගාථාව කියන්න ගත්තා..නමුත් මුකුත් මතක් උනේ නෑ . හුස්ම ගත්තට මදි වගේ, තුෂාරට කියන්නත් බෑ එයා බය වෙයි. සාලේ දොර අරගෙන මිදුලට බැහැලා වට පිට බැලුවා. ඇස් දෙක පියාගෙන තදින් හුස්ම ගන්න ගමන් “මගේ සිත තැන්පත්ය, තැන්පත්ය තැන්පත්ය…මගේ හිත සන්සුන්ය, පිවිතුරුය තැන්පත්ය” කියලා කියන්න පටන් ගත්තා.

මේ මම පොඩි කාලේ ඉඳන්ම ආසා කරපු නාලිනී රණසිංහ මහත්මියගේ සින්දුවක්..මොන හේතුවක් නිසාද මන්දා ඒක මට මතක් උනා මුල් පේලි ටික කියන ගමන්ම මට සන්සුන් වෙන්න පුලුවන් උනා දාඩිය දාන එක නතර උනා, කලන්තේ වගේ ගතිය නැති උනා, heart beat එක සාමාන්‍ය උනා . මම බැලුවා මට ඒ මොකද උනේ කියලා. එතකොට තමයි තේරුනේ මට panic attack එකක් අවා නේද කියලා. ඒ කියන්නේ අනිත් දෙන්නා තාම ලෙඩ නිසාත්, මගේ දුර්වල සෞක්‍ය තත්ත්වය නිසාත් මම ආතතියකින් ඉන්න ඇති. නෑ මම ශක්තිමත් කියලා මටම කියාගෙන රස්නෙන් කෝපි එකක් හදාගෙන ආයෙත් ඉද ගත්තා. මට ඕනේ උනා ආයෙත් මට එහෙම හිතෙයිද කියලා බලන්න. ඒ නිසාම මම ඒ ගැන හිතුවා. නෑ මට ආයෙත් panic වෙන්න උනේ නෑ .

තව දුරටත් මට හිත ශක්තිමත් කර ගන්න ඕනේ නිසා මම හිතන්න ගත්තා. මම මේ දක්වා ලෝකේ පුරා හිටවලා තියෙන ගස් කොලන් ගැන, මම බේරලා තියෙන සත්තු ගැන, මම වගා කරලා තියෙන වසවිස නැති එළවලු ගැන මම උදේ හවස කන්න දෙන අයිතිකාරයෙක් නැති පුසෝ දෙන්න ගැන , ගේට්ටුවෙන් එළියේ ඉදන් මම බත් ගේනකම් හැමදාම බලා ගෙන ඉන්න බලු හාමි ගැන, කුරුල්ලන්ට නාන්න-බොන්න වතුර තියෙන මැටි කෝප්පෙට හැමදාම එන මයිනෝ ජෝඩුව ගැන, මගේ ගේ ඉස්සරහා park එකේ මල් පිපිලා තියෙන ඇහැල ගහ වගේ පෙනෙන සහ හිතට එන හැමදේම ගැන මේ විදිහට හිතහිතා මගේ හිතින් එයාලට ආශීර්වාද, දිර්ගායුෂ ප්‍රර්ථනා කරා.

මේක මම හැමදාම නිතරම වගේ කරන දෙයක්. හිතට කිසිම බයක්, දුකක් දනුනේ දැනුනේ නෑ . සැනසීමක් සතුටක් විතරමයි දනුනේ. කොහොම හරි මේ විදහට මගේ කාලය ගෙවිලා ගියා. තුෂාරටත්, Henry ටත් covid හැදිලා දවස් 7 වෙනකොට දෙන්නටම උන බැහැලා . හැබැයි කැස්සක් තිබ්බ නමුත් දෙන්නම අවදානම් කාලයෙන් මිදිලා කියලා තෙරුම් ගියහම මට සැනසීමයි . නමුත් මෙතෙක් කල් කරපු සත්කාර හැමදෙයක්ම තවදුරටත් කරා. ඒ දෙන්නට දවස් 14 ගෙවුනහම මට මෙච්චර කල් කතා කරන්න බැරිඋන මගේ නෑදෑයන්ට සහ යාලුවන්ට call කරලා විස්තරේ කිව්වා. එයාලා ඒක ඒක අහලා බය උන හැටියට මම හිතුවා අනේ අම්මේ ඒ දවස්වල call නොකරපු එකමයි හොඳ කියලා . මම නෙමේනේ බය වෙන්නේ එයලානේ..ඒක ඉතින් ස්වාභාවිකයිනේ.

දැන් අපි හැමෝම නිරෝධායන කාලසීමාව ඒ කියන්නේ දවස් 17 ගෙවලා ඉවරයි. ඒ වගේම අපේ රසය, ගද සුවද දැනීමත් ආයෙත් ඇවිත්. හැබැයි ඉතින් දිල්ලියට තාමත් lock down ! මේ කාලය තුල මම ලොකුම පාඩමක් ඉගෙන ගත්තා..ඒ තමයි හැමදේටම මුල හිත කියන එක. අපිව දුර්වල කරන්නෙත් ශක්තිමත් කරන්නෙත් හිත! අපිට පුළුවන් නම් ධනාත්මකව හිතන්න පුරුදුවෙන්න (එහෙම හිතන්න අපිට ගොඩක් උදව්වෙන්නේ අපි කරපු සහ කරන හොද වැඩ, අපේ ආගමික විශ්වාසයන්). ඒ වගේම ඒ මොහොතේ ජිවත් වීම, හෙට ගැන කම්පා නොවීම. එන විදිහකට මුහුණ දීම.

නිරෝගී ආහාර රටාවන්, ඒ වගේම සමාජයෙන් තමන්ට අවශ්‍ය හොද දේ විතරක් තෝරලා බේරලා අරගැනීම. හරි දේ හොයලා බලලා අන් අයට කීම සහ වැරදි තොරතුර ප්‍රචාරය නොකිරීම. අන් අයට ශක්තියක් වීම මිසක් ඒ අයව කලබල නොකිරීම, මේ පාඩම මුළු ජීවිතේටම කවදාටත් අපිට උදවවෙනවා කියලා මට හිතෙනවා . Covid ඔබ අපිව සොයාගෙන අවා. මට අලුත්දේවල් හිතන්නත් මෙතෙක් කල් කරපු කියපු දේවල් හරි බව විශ්වාස කරගන්නත් ඔබ අපිට උදව් කරා. ඔබට ස්තුතියි! මම ප්‍රර්ථනා කරනවා අන් මිනිසුන්ටත් ඔවුන් මේ මහා පොලවට කරපු හොද නරක තේරුම් යන්න ඇති කියලා. එහෙම උනොත් ඔබ මේ කරපු විනාශය සාධාරණිය එකක් වෙයි.

මේ පෘතුවියේ හැම තැනම ඔබට හෝ මට අයිති නැති බව මම දන්නවා වගේම ඔබටත් මතක් කරනවා. මිනිස් සතා මෙතෙක් කල් පරිසරයට කරපු අසාධාරණය එයාලට මතක් කරන්න ඔබ ආව එක ගැන මම අගය කරනවා. නමුත් දැන් ඇති නේද ? ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මේ පරිසරයේ ඔබට අදාළ තැනට යන්න!

ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී

SendShareShare
Previous Post

එන්නත දෙන්න සුදර්ශනීට
9000ක ලිස්ට් එකක් ඇවිත්!

Next Post

ගාල්ලේ මවකගේ කුස තුළ මියගිය මාස 9ක බිලිදාට කොරෝනා!

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.