ඉදිරි ජනාධිපතිවරණයේ තරග ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් එල්ල කරන ඇල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉතිරිව ඇත්තේ තවත් දින 12ක් පමණි.
ඇල්පිටි ප්‍රාදේශීය සභා මැතිවරණය පොහොට්ටුව පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවීමට නියමිත අතර එජාපය පැත්තෙන් එහි අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවීමට නියමිතය.
ඒ අනුව මෙවර ඇල්පිටි මැතිවරණය ගෝඨා හා සජිත් අතර ජනාධිපතිවරණයට පෙර සිදුවන මුහුණට මුහුණ ගල උඩ සටනක් බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.










