• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා කොරෝනා කස්තිරං ජාතකය -බුම් පහ් පහ් බුම් පහ් පහ් මුම්ම්ම්ම්….

June 1, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
මහා කොරෝනා කස්තිරං ජාතකය -බුම් පහ් පහ් බුම් පහ් පහ් මුම්ම්ම්ම්….
Share on WhatsAppShare on Facebook

“සමුදුර ජලය සුමිහිරි වෙයි අමෙක රඟේ-මෙර ගිර මදර ගිර මත පුල් කමල් නැඟේ
පුවතර අසිරි පෑ උපතැති හිමිය මගේ – අවසර ගිලෙමි ඔබෙ ගුණ බාරුසී ගඟේ”

තිලොවට තිලක් වූ, ත්‍රෛලෝක චූඩා මාණික්‍ය වූ කරුණා නිධාන වූ අසම සම වූ වන්දනෛයාභිනෛය වූ පූජානෛයාභිනෛය වූ, පරදුක්ඛ දුක්ඛිත වූ අමාමෑණී බුදු පියාණන්වහන්සේට
“මගෙ හද මඬල පෝදා ගඳකිළිය කොට – ඔබ එහි වඩාහිඳුවා මුතු කුඩය යට”

පසඟ පිහිටුවා පළමුවත් දෙවනුත් තෙවනුවත් වැඳ උන්වහන්සේ දෙසා වැදෑරූ සූවාසූදහසක් වන ධර්මස්කන්ධය සිත්හි දරාගෙන සාරිපුත්ත මොග්ගල්ලාන ආර්යාෂ්ටාංගික සංඝ පරම්පරාවෙන් පැවැත එන්නා වූ මහා සංඝරත්නයට දණ්ඩ නමස්කාරය කොට මේ පෘථිවි තලයේ වෙසෙන අපා දෙපා සිවුපා බුහුපා බඩගානා කුරගානා සත්වයන්ට පත් මේ මහා ව්‍යසනය අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවි දේවතාවුන්ටත් පෙනී දිවැස්වදාරා මේ කිරිසප්පයන් අතින් නොදැන කළ වරදක් ඇත්තේ වී නම් ඊට සමාව භජනය කරත්වා යැයි කන්නලව් කරමින් නෛකශ්‍රීන් විරාජමාන වූ ශ්‍රී ලංකා භූමිතලයෙන් පමණක් නොව සමස්ත පෘථිවි ධාතුවෙන්ම කොරෝනා මාරයා තුරන් කිරීමට දුරින්ම දුරීභූත කිරීමේ මහා කර්තව්‍ය ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා වූ “ඇල්ලූ කස්තිරං, පෑගූ අඩව්” ඈ කරුණු කාරණා සංක්‍ෂේප කොට අට එකට සිඳුවා නිර්මිත “කොරෝනා මාරයා සමග කස්තිරං” ජාතකය නමැති දැවැන්ත තොරන් රාජයා සකල ජනතාවගේ පහන් (බකට් )සංවේගය උදෙසා මෙසේ ඉදිරිපත් කරම්හ.

“බුම් පහ් පහ්-බුම් පහ් පහ්”රබාන හඬවමින් ගැයෙන පැදියකි.
“ජාවා චීන නැත්නම් “ඌහාන් ”සිට – ඒවා නැතොත් වෙන අන් කිසි ලෙසින් බට
තෝ වාගේ යකෙක් මින් පෙර මගේ රට – ආවා යයි කියන්නට නම් නො හැක මට”

පින්වත්නි,

තොරන් රාජයාගේ පාදමේ පළමුවැනි කොටුවෙන් පෙනෙන්නේ මස් මඩුවක්. මේ මස් මඩුව පින්වතුනි එසේ මෙසේ මස් මඩුවක් නෙමෙයි. මුළු ලෝකෙටම මස් සපයන මස් මඩුවක්. විවිධ වර්ගයේ සත්තු මර මරා ගබඩා කරනවා. පිටරට පටවනවා. රට රාජ්‍යවලට පටවන්නෙ නැව් පිටින්. නැත්නම් අහස් නැව්වලින්. මෙතැනින් වැඩියෙන්ම පැටවෙන්නෙ සූකර මාංශ. නැත්නම් ඌරු මස්.
බුදුන් වහන්සේ වැඩසිටි ජේතවනාරාමෙ ආසන්නයේම ඌරො මරන තැනක් තිබුණ කියල ධර්මයේ සඳහන් වෙනවනේ.

ඒක පවත්වාගෙන ගියේ “චුන්ද සූකරික” කියල කෙනෙක්. මේ තොරන් රාජයාගෙ පළමුවැනි කොටුවෙ දැක්වෙන මස් මඩුවෙ ඉන්නෙ ඒ චුන්ද සූකරිකයගෙ මී මුණුපුරෙක්. පේන්නෙ නැද්ද බඩේ හැටි විතරක්. ඔය ඉස්තානෙන් තමයි “ඔය මාරයා” ජන්ම ලාභය ලබල තියෙන්නෙ.

ධර්මයේ ඉගැන්වෙන හැටියට සත්වයන් ඉපදෙන ක්‍රම හතරක් තියෙනව නොවැ පින්වතුනි, අණ්ඩව, ජලාභුජ, සංසෙධජ සහ ඕපපාතික කියල. ඉතින් පින්වතුනි මේ කොරා්නා මාරයා ඉපදිල තියෙන්නෙ ඕපපාතික කියන ජන්ම ස්වභාවයෙනුයි. එහෙම ඉපදිල තමයි ලෝක සත්වයන් බිලිගන්න දේස දීපංකරේට පිටවෙලා ගිහින් තියෙන්නෙ.

“සන්නාලියනේ සන්නාලියනේ කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ
කුසගිනි දරමින් නොනිඳන දෙනෙතින් හනිකට ඇඳුම් මහන්නේ කාටද ඇඳුම මහන්නේ”
“පවුලේ දුක් කඳ හිස මත දරමින් හනිකට ඇඳුම වියන්නේ – ඊයේ ආ ලොකු “ඕඩර්” එකටයි මේ හැටි නොමැරි මැරෙන්නේ.”

පින්වතුනි, පාදමේ දෙවැනි කොටුවෙන් දැක්වෙන්නේ මේ මාරයා “පංච ග්‍රාම” මණ්ඩලයකින් සජ්ජිත පෙදෙසක සන්නාලියන් සන්නාලිකර්ම කෙරෙන ස්ථානයකට අවුත් ඇති බවයි.
ඒ ඇවිත් ඇත්තේ බුදුන් උපන් දේශය හරහායි. ඒ දේශයෙන් හොර රහසේ සාගර තරණය කළ යාත්‍රාවකින් පැමිණි කෙළෙඹි කණ්ඩායමක් විසින් ගෙනෙන ලද වාණිජ භාණ්ඩ සහිත පැසක් රහසිගතව ශ්‍රී ලංකාද්වීපයේ මානවකයකු හා හුවමාරු කිරීමෙන් මේ මාරයා මේ මානවකයාට ආරූඪ වීය.

ඒ මානවකයාගේ සිත් බැඳි දැරියක්ද තෙලෙ කී සන්නාලිකර්ම කෙරෙන ස්ථානයේ සෙසු සන්නාලි දැරියන් හාම මෙහෙ කෙරේ. ඒ මානවයාණෝද සිය හදවත පැහැර ගන්නා ලද්දී දක්නා රිසින් සූර්යා අස්ථංගතවන්නා හාම ඒ පියසට පිය නැගූහයි දත යුතු. කොරා්නා මාරයාද ඒ අවස්ථාවේ ඒ දැරියගේ මුව කමල දුටුවේය.

ඇය දුටු මොහාතේම,
“වැදුණොත් එහෙම එක බැල්මක් නුවන් පොටේ – කාලිප් රජුත් ඇය ඉදරියෙ දණින් වැටේ” යනුවෙන් මාරයාගේ චිත්ත සන්තානයද “හාඟිරි”ගැසී ගියෙන් ඇය මත වහ වැටුණේය.
අනතුරුව ඇය සිය යෙහෙළියන් කරා ගිය කල්හි මාරයාද මාරාවේශයකු වූ පරිද්දෙන් රිසි රිසි දැරියන් හා අඟනුන් කරා එළැඹියේය.

පින්වත්නි, පාදමේ තුන්වැනි කොටුවෙන් පෙනෙන්නේ ඒ අවසරයෙන් පරම්පරව වැඩිදියුණු කළ මාරයා ගම්දනව්, නියම්ගම් වනසන්නට වූ අන්දමයි.

මාර ප්‍රහාරයෙන් මානවකයන් මානවිකාවන් වයෝවෘද්ධයන් සිහිසුන්ව වැටෙන්නට වූ කල්හි රෝහල් පිරීගිය අන්දමයි. ඒහිදී ඇතැමෙක් මියැදෙන්න වූහ.
”පොකුරක්” ලෙසින් රට කරවන්නෝද, ඔවුනගේ පුරෝහිතයෝ විසින්ද දක්නා ලදහ.
මේ පොකුර දෙපොකුරක් විය. ඒ කිරිබත්ගොඩ ධීවර පොකුරත් සමගය.

හදවත පැළුනොත් දමමි පැලැස්තර – මැති ඇමතින්ටත් ඇන්දුව “වස්තර“
කාලි මැණිගෙන් ලැබගෙන විස්තර – පැණිය හැදුවෙ මම “ධම්මික fදාස්තර”
“බුම් පහ් පහ් – බුම් පහ් පහ් – බුම් පහ් පහ් – පපප පපහ්”

පින්වතුනි, මාරයා හැම පැත්තෙන්ම තම අණසක පතුරවමින් මේ රටේ අසරණ මහජනතාව පෙළන්නට වුණා. හැම අතින්ම අfඳා්නා නැගෙන්නට වුණා. “පෙරේතයා පොළවේ ගැසුවාක් මෙන් තුන් කුදුස්” ගැසුණු වගකිවයුත්තන්ට බෙහෙත් ගුළියක් අතේ තියාගෙන උපන් “මහෝෂධ” පණ්ඩිතයන් මෙන් පෙනුණේ ඒ අවස්ථාවේ පහළවූ ධම්මික වෙදමහත්තයාය. රටේ වෛදා්‍යවරුන්ටත් වඩා ඔහු ලොකු ලොක්කන්ට බක්කන්ට විස්මකර්මයාටත් වඩා වටිනාවන්තයෙක් වුණා. ආයුර්වේදය මෙලොවට බිහිකළ “පාතංලී ඍෂිවරයා”ටත් වඩා ලොක්කෙක් වුණා.
පාදමේ සිව්වැනි කොටුවෙන් පෙනෙන්නේ ඒ ධම්මික වෙදමහත්තයා තමන්ගේ නිර්මාණාත්මක මහඖෂධ “පැණි බෝතල් රාජයා” සිය ශ්‍රී හස්තයේ කෙළින් කර අල්ලාගෙන සිටින දර්ශනයයි.
ඒ පින්තූරයේ පසෙකින් “ටයර්” දෙක තුනක්ද ඔබට දකින්නට පිළිවන්. පින්වතුනි, ඒ, එතුමාගේ වාහනයේ අමතර රෝද හෙවත් ස්පෙයා වීල් දෙක තුනක්. එතුමාට ස්පෙයාවීල් කීපයක්ම ඇති බවද දැන ගන්නට ලැබෙනවා.

“සිහිනිඟටිය ගස්ස ගස්ස – මුව මඳහස වස්ස වස්ස
සුව ඇමතිනි පැණිය බොනව – නෙරිය ටිකක් උස්ස උස්ස”
“බුම් පහ් පහ්-බුම් පහ් පහ්, බ්‍රෲෲම්ම්ම්”

පින්වතුනි ඔබට තොරන් රාජයාගේ පළමු මාලේ දකුණු පැත්තේ ආරම්භවන පස්වැනි කොටුවෙන් ප්‍රදර්ශනය කෙරෙන්නේ අපේ සෞඛ්‍ය ඇමැතිතුමිය “ධම්මික පැණිය” පානය කරමින් එහි ගූණාත්මකභාවය අපේ මහජනතාවට පමණක් නොව මුළු ලෝකයටම පෙන්නා දෙන අන්දමයි.
ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සූ, ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු “බුම් පහ් පහ් – බුම් පහ් පහ්….

පින්වතුනි,
ඊළඟ කොටුව සයවැන්න දෙස නෙත් හෙළන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ අපේ ගරු කතානායකතුමා ඉතා ආඩම්බර සාඩම්බර ලීලාවෙන් සිය ගෝලබාලයන්ටත් මේ රටේ මහජනතාවටත් ආදර්ශයක් දෙමින් දේශීය නිශ්පාදන අගය කරමින් “සිරිලක දේ – සිරිසැප දේ” යන සිද්ධාන්තයේම පිහිටා ඔව් නෝනාවරුනි මහත්වරුනි, දේශ හිතෛෂියනි මහත් අභිමානයෙන් ධම්මික පැණිය පානය කරන අන්දමයි.

ඊළඟ කොටුව පින්වත්නි හත්වැන්නට ඔබේ දෑස යොමන්න.
සිව් දිගින් එක් රොක්වන මහජන සන්නිපාතයකි. ස්ථානය පින්වත්නි කාලි මෑණියන් අධිගෘහිත ධම්මික වාසස්ථානයයි. රටේ මහජනයා “ජහමනයා” ලෙසට තකා අපේ ඇතැම් මාධ්‍ය සහ ඇතැම් දේශපාලන “අතපත්තුලා”ගේ (අතේපත්තුවෙන දේ කියන්නෝ) මාර්ගෝපදේශ සහ උල්පන්දම් මත ඔවුහු මෙසේ බදන්කන්නෝය.

පැණි කාලක් රුපියල්වලින්ම දෙදහස් පන්සියයකි. ජපානයට යවනු ලැබ ඇත්තේ බෝතලයක් ලංකාවේ මුදලින් රුපියල් පනස් දහසකටය.
“ඇසේ සාධු නාදේ…ඒ…ඒ – පැණියගෙ පින පෑදේ…ඒ…ඒ”
“අනේ සකෝ බලලෝ” (අහෝ (දහසක් දිවැස් ඇති) සක්‍රයාණෙනි ලොව දෙස බලනු මැනැවි)
“බුම් පහ් පහ් – බුම් පහ් පහ්,
“පරසිඳු පබු දනන් සෙවි පමණින් මහරූ – බෙලෙනිඳු මඳ වුවත් නොකෙරෙති රුපුන් සරූ – බරණිඳු ගෙලෙ වසන නා රජ වෙමින් ගරූ – ගුරුළිඳු අතින් ඇසි කිමැ යහළු තොරතුරු”

ලොකු ලොක්කන් ආස්සරේ කරන විට ඒ හය්යෙන් වැජඹෙන්නෝ සෙසු පිදිය යුත්තන් ගණන් නොගන්නා අන්දම අලගියවන්න මුකවැටිතුමා කී අන්දම සිහිපත් කරන්නේ පින්වතුනි අටවැනි කොටුවෙනි.

සිදුහත් මහෝත්තමයාණන්ට බුද්ධත්වය ලැබීමට පිහිටාධාර වූ අනුරාධපුරේ ප්‍රතිෂ්ටාපිත ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ භාරකාරත්වය දරන්නා වූ අටමස්ථානාධිපතින්වහන්සේට
“ධම්මික පැණියා” ජාති දාන අන්දම එම කොටුවෙන් කියැවෙනවා පින්වතුනි.
ඇති පන්දහස් පන්සියයක් නැති පන්දහස් පන්සියයක් වන කාලයක් පුරා නිර්මල ශ්‍රී සද්ධර්මය ආරක්‍ෂා කරන්නා වූ අපේ මහා සංඝරත්නයට කාලි අම්මාගේ බලය පෙන්වන්නට ඇඟිල්ල දික්කළ මේ ගහලයාගේ කකුල් කෙටියෙන් අල්ලා පරසක්වල ගසන්නට කෙනකු එතන නොසිටි හැටි.
නයාගේ හිස මත “ප”යන්න ඇති බැවින් ඌ “පණිඳා”වන්නේය. ඇත්තටම එතැන “ප” යන්න තිබූ පිරිමියකු හිටියේම නැද්ද?

පින්වතුනි, ඊළඟට තුන්වැනි මහලේ ආරම්භක කොටුවෙන් ඒ කියන්නේ නවවැනි කොටුවෙන් විස්තර කෙරෙන්නේ මේ රටේ මහජනතාව ලෙහි අත් ගසා වැළපෙන අන්දමය. නිවාසස්ථානවලට කොටුකෙරුණු පිරිස් කුසගින්න තනිකම හුදකලාව නිසා ආතතිය වර්ධනයවූ එදා වේල පිරිමසා ගන්නා පිරිස් “මියෙම්වා රැකෙම්වා”යි උම්මග්ග ජාතකයේ කාලගෝල වස්තුව සිහිපත් කෙරෙමින් වීදි බැසගත් අන්දමය.

ඊළඟ දහවැනි කොටුවෙන් පැහැදිලි කෙරෙන්නේ පින්වතුනි බෝසත් ගුණෝපේත ජනාධිපති සහ අගමැති යන දෙදෙනාගේ කරුණා මහිමයෙන් “කාජ්‍ය භෝජ්‍ය ලෙය්ය පෙය්ය”ඈ දැෑවලින් සජ්ජිත ආහාර මල්ලක් පිරිනමන අන්දමය.

“අනේ සාධු සාධූ…ඌ…ඌ – නිවනට මඟ පෑදූ…ඌ..ඌ” “බුම් පහ් පහ් – බුම් පහ් පහ්…”
සැදැහැ සිතින් මත්වූ සැදැහැවත් පුණ්‍යවන්ත සාධූනි, ඊළඟ එකොළොස් වැනි කොටුවෙන් ඔබ ඉදිරියේ “අපූර්වේ දර්ශනං දිස්වා-හස්තේ පානීය මුට්ටියං” ඔව් පින්වතුනි ඔබ ඉදිරියේ දිස්වන්නේ ශ්‍රී හස්තගත පැන් කළයක් සමග පුරුෂයෙකි. එතුමානෝ වනාහි නොහොත් වනවනාහි මෙහේ විසුවත් ඒලියන් කෙනකු වන්නෝය. එතුමා පිරිවර කොටගත් ප්‍රසන්න පෙනුමක් ඇති අමාත්‍යවරයාණ කෙනෙකි. ඔවුන් මේ යන්නේ පැන් ඉස බෝධින්නාන්සේ කෙනකුන් නහවා සෙත්සාන්තිය පතා බෝධි පූජාවක් පවත්වන්න යැයි නොසිතන්න. එසේ සිතීම මුළාවෙකි.

“අටපට්ටමේ අපේ හසිත” නිතර කියන්නා සේ “පොඩ්ඩක් ඉන්ට කෝ..ඕ..ඕ” මොකක්ද මේ කරන්ට හදන කෙළිය කියල බලාගන්ට”
“බුම් පහ් පහ් – බුම් පහ් පහ් – බුම් පහ් පහ් -බුම් පහ් පහ්”

fදාළොස් වැනි කොටුවෙන් විස්තර කෙරෙන්නේ පින්වතුනි මේ පිරිස ගංගාවක ගලන ජල දහරාවට තෙලෙ කී මුට්ටියේ තුබූ පැන් වත්කරන ආකාරයයි. මේ ජලය පානය කළ කල්හි කොරෝනා පමණක් නොව සියලු වස් fදාස් තොලොංචිවී අටඅනූවක් රෝග, නවඅනූවක් ව්‍යාධි සහසුද්දෙන්ම සංසිඳෙන බවටය.

“බුද්ධං සරණේ සිරස දරාගෙන – ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන – ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන”
ඉතින් පින්වතුනි, තොරන් රාජයා මස්තකයෙහි වැඩසිටින්නේ සාර අසංක්‍ය කල්ප ලක්‍ෂයක් පුරා ඇස්, ඉස්, මස්, ලේ, ජීවිතේ දන්දී සියලු සත්වයන් දුකින් මුදනු වස් බුද්ධත්වය පැතූ කරුණා නිධාන වූ බුදුන් වහන්සේය.

තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලා අප ආරක්‍ෂා කරත්වායි පැරැන්නෝ කීහ. පින්වත්නි මේ තිස්තුන්කෝටියක් දෙවි දේවතාවුන් ලෙසින් අපේ මුතුන්මිත්තන් අපට කියාදුන්නේ අපේ සිරුරේ පවත්නා තිස්තුන් කෝටියක් වූ “සෛල” කන්දරාවටය. අප විසින් ඔවුන් ආරක්‍ෂා කරනු ලද්දේ නම් ඔවුන් විසින් අපද ආරක්‍ෂා කරනු ලබන්නේමය. පළමුව අප (විඤ්ඤාණය) විසින් අපටම (සිරුරට) කරුණාව මෛත්‍රීය දක්වනු ලැබිය යුත්තේය.

මෛත්‍රී පිරිතෙහි බුදුන් වහන්සේ “අහං අවේරෝහෝමි, අහං අනේගෝ හෝමි, අහං අව්‍යාපජ්ජයා හෝමි” (මම නිරෝගිවෙමි, නිදුක්වෙමි) ආදී වශයෙන් වදාළේ ඔන්න ඔය ටිකය. අප ආරක්‍ෂා කිරීමට අප වටා දිවා රෑ නොතකා වෙහෙස මහන්සි නොබලා දාඩිය මුගුරු හෙළන දෙවිවරු එමට සිටින්නාහ. හඳුනාගනු මැනැවි. වෛදා්‍ය අංශ, ආරක්‍ෂක අංශ ඇතුළුව අපේ පණනල රැකීමට කැපවන මෙකී නොකී දේවතාවුන් වහන්සේලාට උදේ හවා දණ්ඩ නමස්කාරය කරන්නේ නම් ඒ කර්ම පලය කරතලා මලක් සේ ආපසු ලැබෙන්නේමය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

එක එන්නතක්! ආණ්ඩුවෙන් කතා 3ක්!!

Next Post

කැමරා උස්සගෙන ගිහින් පාරේ පිස්සු නටන්නේ පොලිසියද-මාධ්‍යයද?

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.