ජනතාවට එන්නත් විදින මුවාවෙන් සිරින්ජරය පමණක් බාහුවට විද සෞඛ්‍ය සේවකයන් විසින් එන්නත් වංචාවක් සිදු කරන ආකාරයේ වීඩියෝ පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරමින් තිබේ.
මෙය ලංකාවේ සිදුවූ සිද්ධියක් නොවන අතර විවිධ රටවල සිදුවූ සිදුවීම බව එම වීඩියෝ නිරීක්ෂණය කරන විට දැකගන්නට තිබේ.
කෙසේවෙතත් අප මෙම වීඩියෝව පළ කරන්නේ තමන්ට එන්නත ලබා දීමේදී අවධානයෙන් සිටින ලෙස ජනතාව දැනුවත් කිරීම සදහාය.










