මේ දිනවල අමෙරිකාව බලා ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තව සති දෙකකින් ලංකාවට පැමිණීමට නියමිත බව එම පවුලට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අමෙරිකාවේ සිටියද බැසිල් රාජපක්ෂ මහතා ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන් ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාකච්ජා පවත්වන බවකි.
ප්‍රතිකාර ලබා ගැනීම සදහා බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් 12 වැනි දින අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබිණ.










