අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, “එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට අගමැතිවරයා එලෙස නිරීක්ෂණ චාරිකාවට එක්වු බවය.
නෞකාවේ ගින්නෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි අගමැතිවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.










