අතිභයානක කොරෝනා වයිරසය ලොවට දායාද කළ බව කියන චීනයේ වූහාන් පළාතේ පසුගිය දිනෙක මහා කාලගුණ විපර්යාසයක් සිදුව තිබේ.
විනාඩි 10ක් ඇතුළත සිදුවූ මෙම කාලගුණ විපර්යාසයත් සම අකුණු ගසමින්, දැඩි සුළං සමග මුරුගසන් වර්ෂාවක් ඇද හැලී ඇති බව චීන මාධ්‍ය පවසයි.
මෙය මෑත ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවුණු සිදුවීමක් ලෙස වූහාන් වැසියෝ සදහන් කරති.
මෙම වර්ෂාවෙන් ජීවිත 8ක් අහිමි වූ අතර 280කට අධික පිරිසක් තුවාල ලබා තිබිණ.
එමෙන්ම ගිණිය නොහැකි තරමේ විශාල දේපොළ විනාශයක්ද සිදුව තිබිණ.
කෙසේවෙතත් පසුගිය දිනෙක අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කර තිබුණේ කොරෝනා වයිරසයේ මූලාරම්භය සෙවීම සදහා තමන් බුද්ධි අංශවලට නියෝග කළ බවකි.











