ගිනිගනිමින් පවතින පර්ල් නෞකාවෙන් මුහුදට වැටී මීගමු වෙරළට ගසා ආ බඩුභාණ්ඩ ගැනීමට මුහුදට බැස්ස බොහෝ දෙනකුට ආසාත්මිකතා වැළදී ඇති බව අනාවරණය වේ.
ඒ අනුව ඇතැමුන්ගේ හම රත් පැහැ ගැන්වී ඇති අතර ඇතැමුන්ට ලප මතුවී පලු දමා ඇති බවද දැනගන්නට තිබේ.
රසායනික අම්ල පැවතීම හේතුවෙන් මෙම බඩුභාණ්ඩ කිසිවක් නොඅල්ලන ලෙස සමුද්‍රීය පරිසර අධිකාරය මීට පෙර ජනතාව දැනුවත් කර තිබිණ.











