• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එනපොට හරි නෑ! ජාසිංහට-පබාට-ජයරුවන්ට-අමල්ට දැන්වත් එන්න කියමුද?

May 26, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
එනපොට හරි නෑ! ජාසිංහට-පබාට-ජයරුවන්ට-අමල්ට දැන්වත් එන්න කියමුද?
Share on WhatsAppShare on Facebook

අපේ රට දැන් පසුකරමින් සිටින්නේ කොවිඩ් 19 වසංගතයේ තීරණාත්මක සංධිස්ථානයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග අනුව අනාවරණය වන්නේ ඉදිරි දින සියය ඇතුළත මෙරට කොවිඩ් 19 ආසාදිතයන් ගණන මිලියනය ඉක්මවා යා හැකි බවය.

එළැඹෙන වෙසක් සතිය පුරාවට රට පුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත්තේ මෙවැනි පසුබිමකය. නමුත් බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ රජය මේ තීරණය ගැනීමට පමා වූ බවය. එම සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතුව තිබුණේ මීට පෙර බවද බොහෝ දෙනාගේ අදහස වී ඇත.

කොවිඩ් 19 වසංගතයේ පළමු රැල්ල සාර්ථක මැඩ පැවැත්වූ රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි විය. ලෝකයේ බොහෝ දියුණු රටවල් පවා පළමු රැල්ලෙන් විනාශ වී යද්දී, ශ්‍රී ලංකාව එය මැඩ පැවැත්වූ ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ප්‍රසාදයට ලක් විය. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය මෙන්ම සෞඛ්‍ය අංශ සහ අරක්ෂක අංශ නිලධාරීන්ද සිදු කළ කැපකිරීම අතිමහත්ය.

මෙවර කොවිඩ් තෙවැනි රැල්ලේ බලපෑම ශ්‍රී ලංකාවට තදින් දැනෙමින් පවතින්නේ එම දේශපාලන අධිකාරිය යටතේමය. පළමු රැල්ල මැඩ පැවැත්වූ දේශපාලන අධිකාරියට සම්බන්ධ කිසිදු තනතුරක් මේ වන විටද වෙනස් වී නැත. ආරක්ෂක අංශයේද එසේමය. පළමු රැල්ල පැතිර යද්දී දිනපතා මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහත්වරුන් අදටද එම කර්තව්‍ය කිසිදු අඩුපාඩුවකින් තොරව සිදුකරමින් ඇත.
නමුත් පළමු රැල්ලට සාපේක්ෂව බැලීමේදී පැහැදිල් වෙනසක් දක්නට ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේය. කොවිඩ් පළමු රැල්ල සමයේ නිරතුරුම මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළ චරිත කිහිපයක්ම තුන්වැනි රැල්ලේ බලපෑමෙන් දැඩිව බැටකන මේ මොහොතේ දක්නට නැත. එම ප්‍රබල චරිත මේ වන විටද කොවිඩ් සම්බන්ධයෙන් සක්‍රියව කටයුතු කළේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවනු ඇති බවට මතයක් ජනතාව තුළ නිර්මාණය වී ඇත්තේද ඒ නිසාය. එමෙන්ම රට ඇද වැටී ඇති මේ ව්‍යවසනයෙන් නැවත ගොඩ ඒමට නම් සෞඛ්‍ය අංශයේ වගකීම් පළමු රැල්ල මැඩ පැවැත්වූ නිලධාරීන්ටම ලබා දිය යු-තු බවටද දැන් ජනතාව පවසමින් ඇත.

පසුගියදා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ කොවිඩ් පළමු රැල්ල අති සාර්ථකව පාලනය කිරීමට කටයුතු කළ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, කොවිඩ් 19 වැලැක්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය අමල් හර්ෂද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සහ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන යන මහත්ම මහත්මීන් පසෙකට කළේ කුමන හේතුවකටද යන්න අදටත් අදහාගත නොහැකි බවය. එම නිලධාරීන් ඉවත් කිරීමට හේතුව දැන්වත් රජය පැහැදිලි කළ යුතු බවත් පෙන්වා දුන් රජයේ වෛද්‍ය නිලධාරි සංසදයේ සභාපතිවරයා දැන් හෝ එම දක්ෂ නිලධාරීන් නැවත කැඳවා උද්ගතව ඇති අර්බුදය විසඳීමට කටයුතු කළ යුතු බවද සඳහන් කළේය.

සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය තුළ දක්නට ඇත්තේද එම මතයමය. ඒ පළමු කොවිඩ් රැල්ල මැඩලීමට එම නිලධාරීන් කැපවූ ආකාරය ජනතාවගේ සිත් තුළ තවමත් තැන්පත්ව ඇති නිසාය. කොවිඩ් පළමු රැල්ල පැතිර ගිය කාල සීමාවේදී, එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනිල් ජාසිංහ මහතා නිරන්තරයෙන් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණු චරිතයක් විය. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක අංශයේ කාර්යබාරය පිළිබඳව පැහැදිලි කරද්දී, සෞඛ්‍ය අංශයේ කාර්යබාරය සහ ජනතාවගේ වගකීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ අනිල් ජාසිංහ මහතාය. ඕනෑම බරපතළ කාරණයක් ජනතාවට තේරුම් ගත හැකි ආකාරයෙන් සරලව ප්‍රකාශ කිරීමේ දක්ශතාවයක් ජාසිංහ මහතා සතු විය. ඒ හේතුවෙන් ඒ මහතාට අසීමිත ජනප්‍රියත්වයක්ද හිමි විය.

වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතාද එසේය. වෛරසය පිළිබඳව සහ ජනතාව ඉන් ආරක්ෂා විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට ඒ මහතා කටයුතු කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාටද ඒ දිනවල විශාල ජනතා ප්‍රසාදයක් හිමිව තිබූ ආකාරය දැක ගත හැකි විය. වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන පබා පලිහවඩන මහත්මියද එසේමය. ඒ දිනවල නිරන්තරයෙන් මාධ්‍ය සමඟ කටයුතු කරමින් කල් වේලා නොබලා ජනතාව දැනුවත් කිරීමට පලිහවඩන මහත්මියද කටයුතු කළාය. මාධ්‍ය ඉදිරියයේ පමණක් නොව ඉන් පිටුපසද එම නිලධාරීන් ගත් තීන්දු තීරණ ඉතා සාර්ථක ඒවා විය. ශ්‍රී ලංකාව කොවිඩ් පළමු රැල්ල සාර්ථකව මැඩ පැවැත්වූයේ ඒ හේතුවෙනි.

පළමු කොවිඩ් රැල්ල මැඩපැවැත්වීමෙන් අනතුරුව දේශපාලන අධිකාරියේ උනන්දුව තිබුණේ මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳවය. එමෙන්ම කොවිඩ් රැල්ල මැඩ පැවැත්වූ ආකාරය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආශිර්වාදයක් වූ බවද අමුතුවෙන් පැවසිය යුතු නැත. නමුත් ඉන් අනතුරුව කොවිඩ් පළමු රැල්ල මැඩ පැවැත්වූ සෞඛ්‍ය අංශයේ ප්‍රබලයින් ඒ තැන්වලින් ඉවත් කරන ආකාරයද දැක ගත හැකි විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඉතා සාර්ථක කාර්යභාරයක් ඉටු කරමින් සිටි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවේ සියලු දෙනා විමතියට පත් කරවමිනි. කෙසේ නමුත් තමන්ට ලැබුණු තනතුර බාර ගත් ජාසිංහ මහතා ඒ සඳහා උපරිමයෙන් කැපවන ආකාරයද දැක ගත හැකි විය. ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව පරිසර අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන “සුරකිමු ගංඟා” ව්‍යාපෘතියේදී ජාසිංහ මහතා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන ආකාරයද පෙනෙන්නට තිබිණි.

නමුත් ජනතාව පවසන්නේ ජාසිංහ මහතාට සෞඛ්‍ය අංශයේ ඉහළ වගකීමක් ලබාදුන්නේ නම් මීට වඩා වැඩි සේවයක් රටට ලබා ගත හැකිව තිබූ බවය. මෙරට කොවිඩ් දෙවැනි රැල්ල ලෙස හැඳින්වෙන බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පැතිර යන කාලයේ සිටම ජනතාව අතර එම මතය ඇති වී තිබෙනු දක්නට හැකි විය. පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතරතුරේදීම කොවිඩ් 19 වැලැක්වීම සඳහා ජාසිංහ මහතාගේ සේවය ලබා ගැනීමට රජය සූදානම් වන බවක් ඒ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද, එය හුදු ප්‍රචාරයක් පමණක් විය. දැන් ඊටත් වඩා තදින් ජාසිංහ මහතාගේ අගය රටට දැනෙමින් ඇත.
පසුගිය වසරේදී නව රජය පිහිටුවා මාස කිහිපයක් ගත වීමෙන් අනතුරුව කොවිඩ් 19 වැලැක්වීම සඳහාම නව රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමට රජය තීරණය කිරීම බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතු විය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 පාලනය කිරීම සඳහා පිහිටවූ එම නව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පත් කිරීම එම ප්‍රසාදය තවත් වැඩි කිරීමට හේතුවක් විය. ඒ ඒ මහතා කොවිඩ් පළමු රැල්ල පැතිර ගිය කාල සීමාවේ සිටම එය මැඩ පැවැත්වීම සඳහා කළ කැපවීම නිසාය.

නමුත් එම අමාත්‍යාංශය පිහිටුවා මාස කිහිපයක් ගත වීමෙන් අනතුරුව එහි ලේකම් තනතුරෙන් සිල්වා මහතා ඉවත් කිරීමට රජය කටයුතු කළ අතර ඒ මහතා පසු ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහාශ්‍රිත සත්ව පාලන සහ සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබීය. වර්තමානය වන විටද සිල්වා මහතා කටයුතු කරනු ලබන්නේ එම ධුරයේය.

කොවිඩ් පළමු රැල්ල පැතිර යද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාටද ඒ දිනවල විශාල ජනතා ආකර්ශනයක් හිමිව තිබිණි. ඒ බණ්ඩාර මහතා නිරන්තරයෙන් ජනතාවට සත්‍ය තොරතුරු ලබා දෙන බවට තහවුරු වී තිබීම මතය. නමුත් හිටිහැටියේම ජයරුවන් බණ්ඩාර මහතා පමණක් නොව මාධ්‍ය ප්‍රකාශක තනතුරද තම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය ආමාත්‍යාංශය තීරණය කළේය. ඒ සඳහා හේත-ුව ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වන බැවින් වෙනම මාධ්‍ය ප්‍රකාශක තනතුරක් අවශ්‍ය නොවන බවය.

ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ලවන ආකාරයද දැක ගත හැකි විය. මාධ්‍ය ප්‍රකාශ තනතුරෙන් ඉවත් කළ බණ්ඩාර මහතා නැවත වරක් සෞඛ්‍ය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට පත් වූ අතර පසුව එම තනතුරෙන්ද ඉවත් වීමට බණ්ඩාර මහතාට සිදු විය. ජයරුවන් බණ්ඩාර මහතා ජනතාව සමඟ මෙන්ම මාධ්‍ය සමඟද ඉතා සමීපව කටයුතු කළ නිලධාරියෙකු විය. ඒ හේතුවෙන් ජනතාව දැනුවත් විය යුතු කරුණු නිරන්තරයෙන් ඒ මහතාගෙන් ලබා ගැනීමට එකළ මාධ්‍යයට හැකි විය. නමුත් දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් තොරතුරු ලබා ගැනීම ඉතා අසීරු කරුණක් වී ඇත. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට අනවශ්‍ය තනතුරක් ලෙස හැඳින්වූ මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහාද නිලධාරියෙකු දැන් පත් කර ඇත.

ජයරුවන් බණ්ඩාර මහතා ඉවත් කිරීමට හේතු වූ කරුණු කාරණා කොයි හැටි වෙතත් ජනතාවට ඒ මහතා නොමැති අඩුව තදින් දැනෙන බවක් පෙනෙන්නට ඇත. කොවිඩ් තෙවැනි රැල්ලෙන් ජාතිය බේරා ගැනීම සඳහා නැවත වරක් ජයරුවන් බණ්ඩාර මහතාගේ සේවය ලබා ගන්නා ලෙස ජනතාවගෙන් බලවත් ඉල්ලීමක් මතු වී ඇත්තේ ඒ නිසාය.

තොරතුරු වාර්තා වන පරිදි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මේ වන විට සිටින්නේ විදෙස් ගතවය. ඒ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ තනතුරක සේවය කරමින් සිටින බවද දැනගන්නට ඇත. කොවිඩ් පළමු රැල්ල මැඩලීමේදී පලිහවඩන මහත්මිය සිදු කළ සේවාව රටේ ජනතාවට අමතකව නැත. නමුත් ඒ සම්බන්ධයෙන් නිසි ඇගයීමක් මෙරටදී ඇයට ලැබුණේද යන්න වෙනම විමසා බැලිය යුතුව ඇත.

පබා පලිහවඩන මහත්මිය මේ වන විට විදේශගතව ඇතත් ඉහත සඳහන් සෙසු නිලධාරීන් සියල්ලම මේ වන විට සිටින්නේ මෙරටය. එබැවින් කොවිඩ් තෙවැනි රැල්ල මැඩලීම සඳහා අවශ්‍යනනම් රජයට එම නිලධාරීන්ගේ සහාය ඕනෑම අවස්තාවක ලබා ගත හැක. නමුත් ඒ සඳහා රජය උත්සාහ ගන්නා බවක් මේ වන විටද පෙනෙන්නට නැත. අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීමෙන් ඵලක් නොවන බවට ජනප්‍රිය කියමනක් ඇත. දැන් අශ්වයා පැන ගොස් බොහෝ කල්ය. ස්ථාලය යම් තරමකින් හෝ වසා දැමීමට රජය යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් ජනතාව ඒ පිළිබඳව සෑහීමකට පත්ව ඇති බවක් පෙනෙන්නට නැත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මරණ 28යි! රෝගීන් 2706යි!

Next Post

අද පාන්දර සයිනොෆාම් ලක්ෂ 5ක් ඇවිත්

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.