• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවසකට ලක්ෂෙ ගානෙ විද්දත් ලංකාවම එන්නත් කරන්න මාස 9ක් යනවා! තවම එන්නත් ඇවිල්ලත් නෑ!! ලංකාවට මොනවා වෙයිද!!!

May 25, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
එන්නත දීම නැවැත්තුවා! දෙවන එන්නත ගහන්න ඉන්න අයට මොකද වෙන්නේ…?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මේ වන විට සිටින්නේම ඉතාම භයානක තත්ත්වයකය. ඒ ගැන කවුරු මොනවා මොනවා කිව්වද කතාව ඒකය. දේශපාලකයෝ සුපුරුදු පරිදි සෙප්පඩ විජ්ජා පෙන්නුවද, කතාව ඒකය. දැන් ඒකට හේතු හෙවිල්ලෙන් වැඩක් නැත. මේ වන විට දේශපාලයෝ සිය නෑදෑ හිතමිත්‍රාදීන් හැත්ත බුරුත්තටම වැක්සීන් ගහගෙන අවසන්ය. ඒ නිසා හුඟාක් අයට වැක්සීන් ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් නොවේ. නමුත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රට වැස්සෝ ලෙස අපට ඒ ගැන අමාරුවක් දරුණුවටම තිබේ. මේ වෙලාවේ එන්නත් මාත්‍රාව ගැන අමතක කර දමා වැඩකටයුතු කරයි නම් ඒ රට වැස්සෝ කියන එක චූට්ටක් වෙනස් කර “රට වස්සෝ” කරගත යුතුය. මේ යන විදියට ලංකාව එන්නත්කරණය පඹ ගාලක් කරගෙන අවසන්ය. සමහර දේශපාලකයෝ මාසෙන් දෙකෙන් එන්නත්කරණය අවසන් කරන බවට කියන්නේ ටොම් පචයකි. ඔහොම පච කොවිඩ් අවසන් වන එක ගැනත් කීවේය. මුලින්ම රටේ ප්‍රධාන නාලිකාවකට ආ දේශපාලනය කරන දොස්තර නෝනෙක් කටට දිවට නොගෑවී කීවේ කොවිඩ්වලට බෙහෙත් තියෙනා බවත්, එය දැන්ම හෙළි නොකරනා රහසක් බවත්ය. ඒ රහස තාමත් උන්දෑ ළඟම සඟවා තිබේ. මේ විදියට දින වකවානු ඇතිව දෙදහස් විස්සේ ඡන්දෙට කලින් සතියේ කොවිඩ් අවසන් නොවන බව ආණ්ඩුව කීවේය. ඒත් අන්තිමට වුණේ හිතාගන්න බැරි අසරණ තත්ත්වයකට අප පත් වීමය. ප්‍රශ්න කීපයක් තිබේ.

රටේ ඉතිරි කොටසට එන්නත දෙන එක
එන්නත් මාත්‍රා ගෙන්වා ගන්න එක
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදෙන එක

මේ පිළිබඳ පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ඇද්හම් ග්‍රේබියේසස් අවධාරණය කළේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මේ වන විට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රටවල් අතරට සිටින බවයි. මේ තත්ත්වය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන්ට තවමත් තේරුම් බේරුම් වී නැත.
මෙම රටවලට ඉක්මනින් වෛද්‍ය සැපයුම් ආධාර ලබාදිය යුතු බව පෙන්වා දුන් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ සඳහන් කළේ මෙම හදිසි වෛද්‍ය ආධාර අවශ්‍ය රටවල් කෙරෙහි ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම අභියෝගයක් බවය. එය ඇත්තටම මේ තත්ත්වයව අවබෝධ කරගන්නා කෙනෙක්ට නම් ඇඟ හිරිවට්ටන සුළු හෙළිදරව්වකි.

2020 වසරේ කොවිඩ් පාලනය සඳහා බොහෝ රටවල් ඉදිරිපත් වී ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබාදුන්නද, 2021 වසරේ යළිත් ඉස්මතු වන රටවලට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම් සඳහා තවමත් ප්‍රමාණවත් මුදල් ලැබී නොමැති බව ඔහු තව දුරටත් පවසා තිබේ. මේ වන විට ආධාර ලබාදීමට තරම් ශක්තියක් අනෙකුත් රාජ්‍යයන්ටද නැත. ලෝකයේ බලවතුන් බොහෝ දෙනෙක් ඉන්නේ කරකියාගන්නට දෙයක් නැතිව අසරණවය.

එන්නත් ලබාදීම සඳහා යුනිසෙෆ් ආයතනය සමඟ එක්ව නිර්මාණය කළ කොවැක්ස් පහසුකමට එන්නත් මාත්‍රා මිලියන 190ක් ලබන ජූනි මාසය වනවිට ලැබිය යුතු නමුත් එන්නත් නිෂ්පාදකයන් මේ වනවිට දෙනු ලැබ ඇත්තේ මාත්‍රා මිලියන 65ක් පමණය. මිලදී ගැනීම්වලට මුල්තැන ලබාදෙන බව පැහැදිළිය. මේ වනවිට මිලට ගැනීමේ ශක්තිය ඇති බොහෝ රටවල් සිය එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය සපයාගෙන අවසන්ය. රටවල් අතර පවතින අධික ඉල්ළුම, ඉන්දියාවේ සීරම් ආයතනය කොවිඩ් වසංගතය හේතුවෙන් අපේක්ෂිත සැපයුමක් ලබාදීමට නෙහැකි වීම ඇතුළු හේතු ගණනාවක් මීට බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයට එන්නත් නිපදවන්නේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම පමණක් යැයිද ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකාවේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට ජනගහණයෙන් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයකට ලබාදුන්නද එහි දෙවැනි මාත්‍රාව සම්පූර්ණ කිරීම සඳහා තවමත් ප්‍රමාණවත් එන්නත් මෙරටට ලැබී නැත. ඒ ගැන දේශපාලකයෝ නන්දොඩවනු මිස විසඳුමක් පෙනෙනාමානයක නැත. දැනට පවතින මාත්‍රා ලක්ෂ 6ක හිඟය සොයාගැනීම සඳහා රජය මේ වනවිට බොහෝ විමසීම් සිදුකෙරුණද එයට සාර්ථක පිළිතුරක්ද නැත. අද වන විට සිය පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයන් අතරින් දෙවැනි මාත්‍රාව ලබා ගත් අය ඉන්නේ අතළොස්සකි. ඒ නිසා මෙය හදිසියේම විසඳුම් සෙවිය යුතු ගැටළුවකි. නමුත් පෙනෙන්නට තියෙන්නේ ප්‍රශ්නය ඔඩුදුවන ස්වභාවයකි. එන පොට හොඳම නැත.

මේ සියල්ල ගැන අවධානයෙන් ඉඳීම වැදගත්ය. අද වන විට මුළු ලෝකයම ඉන්නේ ‘වැක්සින් අර්බුදය’ ගැන සැලකිල්ලෙනි. මැයි 19 වැනිදා නිකුත් වූ වාර්තාවලට අනුව ලංකාවෙ කොවිෂීල්ඩ් එන්නත නැත්නම් ඇස්ට්‍රාසෙනිකා එන්නත මාත්‍රා දෙකම ලබාගත් පිරිස 297,686කි. හබෑවටම එන්නත් කරන්නේ නිවැරැදි පිළියම් ලැබූ පිරිස එපමණය. අනිත්වා සියල්ලම භාග පිළියම්ය. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 457,840කි. මේ සියලු ගණන්හැදීම් ලිපිය ලියන දිනට අදාළව බව කරුණාවෙන් සලකන්න. රුසියන් ස්පුට්නික් එන්නත ලබාදන් පුද්ගලයන් පිරිස 14,917කි. කෙසේ වෙතත් මේ ලියන දිනය වන වට සමස්ත කොවිඩ් එන්නත්කරණ සඳහන් වන්නේ 15,41,761ක් ලෙසය.

කෙසේ නමුත් මහාචාර්ය චන්න ජයසුමනට අනුව පසුගිය 17 වැනිදා ලංකාවේ සමස්ත එන්නත් ප්‍රමාණය 61,075කි. ඒ සයිනොෆාම් එන්නත් මාත්‍රා 52,315ක් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 8,760කි. මේ එන්නත් ප්‍රමාණය 18 වැනිදා වන විට අඩුවී ඇති අතර, ප්‍රමාණය 38,263කි. මේ ගණිතයන් අනුව ගත් විට තත්ත්වය අතිශය භයානකය. නමුත් අපි මේ හදන්නේ ඒ ගණන් ගැන නොහිතන පොදුවේ අපි දිනකට එන්නත් මාත්‍රා ලක්ෂයක් ලබාදෙන බවට සිතා නිගමනයන්ට එළඹ ගණනය කිරීම් කරන්නටය. එය ලංකාවෙ සෞඛ්‍ය අංශ මේ වන විට ඉන්නා තත්ත්වය අනුව ළඟාවීමට පවා අපහසු ඉලක්කයකි. නමුත් ලංකාවේ සෞඛ්‍ය අංශ කිසිසේත්ම අවතක්සේරුවට ලක් කළ නොහැකිය. ඒ නිසා අපි දිනකට එන්නත් ලක්ෂයක් ලබාදීමේ මූලික නිගමනයේ සිට මේ ගණනය කිරීම් කරමු.

ශ්‍රී ලංකාවේ ජනගහණය අන්තර්ජාල ගණනයකිරීම්වලට අනුව 22707597කි. ඒ අනුව තවත් එන්නත ලබාදී නැති සමස්ත ජනගහණය 21159836කි. මේ අය අතරින් එන්නත්කරණයට ලක් වෙන්නේ වයස අවුරුදු 18ට වැඩි අය පමණක් බව පැවැසේ. එය දළ වශයෙන් ගත් විට 15044490ට ආසන්න ප්‍රමාණයකි. ඒ අනුව මේ පිරිස එක්කෝටි පනස් ලක්ෂයකට වඩා වැඩි බව විශ්වාසය. නමුත් මේ පිරස එක්කෝටි පනස් ලක්ෂයක් බවට ගණනය කරගත්තේ නම් මේ පිරිස සඳහා එක් දිනෙකට එන්නත් මාත්‍රා ලක්ෂයක් ලබාදුන්නද සමස්ත එන්නත්කරණය සඳහා අනුමාන වශයෙන් පුද්ගලයන් 13500000ක් පමණ ජනතාවක් සිටී. මේ සඳහා කොපමණ කලක් ගතවේදැයි නිවැරැදිව ගණනය කළ නොහැකි නමුත්, අනුමාන කළ හැකිය. ඒ අනුව අඩුම වශයෙන් ලංකාවට එන්නත් පළමු මාත්‍රාව පමණක් ලබාදීමට දින 135කට වඩා වැඩි දින ගණනක් ගතවීම අනිවාර්යය. යම් හෙයකින් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වේගය මෙ දැනට තියෙනා මට්ටමේ පැවැතුණහොත් එය දිනෙකට මාත්‍රා 50,000කට ආසන්න ප්‍රමාණයක් වනු ඇත. එහෙම වුණෝතින් පළමු මාත්‍රා ලබාදීමට පමණක් දින 270කට ආසන්න කාලයක් ගතවනු ඇත. දින දෙසිය හැත්තෑවක් යනු මාස නවයකි. ඒ අනුව දිනකට එන්නත් මාත්‍රා පනස් දහසක් පමණක් ලබාදේ නම් වයස අවුරුදු 18ට වැඩි සියලු ශ්‍රී ලාංකිකයන්ට පළමු එන්නත් මාත්‍රාව ලබාදීමට මාස නවයකට ආසන්න කාලයක් ගතවනු ඇත. එය දිනෙකට ලක්ෂයක් වේ නම් මාස පහකට ආසන්නව කාලයක් ගතවේ. ඒ අනුව එන්නත් මාත්‍රා දෙකම ිසිම විවේකයක් නොගෙන දිනපතාම මාත්‍රා ලක්ෂය බැගින් ලබාදුන්නද ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සඳහා ගතවන කාලය මාස නවයකි. එය මේ මැයි මාසයේ අගදී පටන්ගත්තද කිසිසේත්ම 2021 අවසන් වන තෙක්ම සිදුකළ නොහැකිය. නමුත් යම් ආශ්චර්යයකින් දිනෙකට එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් ලබාදේ නම් සියලුම එන්නත් මාත්‍රා ලබාදීමට මාස හතරහමාරක් ගතවේ. සමහර මැති ඇමැතිවරු ප්‍රකාශ කරන පරිදි මාස එකහමාරකින් එන්නත් සියල්ල ලබාදෙන්නට නම් අඩුම තරමේ දිනෙකට එන්නත් මාත්‍රා ලක්ෂ පහකවත් ප්‍රමාණයක් ජනතාවට ලැබිය යුතුය. ඒ ලංාවේ දැනට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණයෙන් තුනෙන් එකකි.එවැනි සිහින දැකිල්ල පැත්තක තබා යථාර්ථය අනුව බැලූ කල ප්‍රශ්න රාශියක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ අපට අවශ්‍ය කරන එන්නත් මාත්‍රා ප්‍රමාණය තවමත් අපට ලැබී නැත. එහෙව් එකක් පිනට ලැබෙනවා නම් …. නිවැරැදි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් මිලට ගැනීමේ නිශ්චිත සැලැස්මක්ද අපට නැත. ඒ අනුව විවිධ ස්වභාවික සිදුවීම්වලට අපට මුහුණ දෙන්නට සිදුවනු ඇත. යම් හෙයකින් අවශ්‍ය සියලුම එන්නත් මාත්‍රා ප්‍රමාණය හෙට ලැබුණද එය කල්තබාගැනීමේ සිට විවිධ ගැටලු රාශියකට අපට මුහුණ දෙන්නට සිදුවේ. ඒ අනුව සියල්ල සැලකූ විට ලබන සිංහල අවුරුද්ද වෙනකොට වත් එන්නත්කරණය නිමා කරගන්නට බැරි වීමට හේතු ඕනෑ තරම්ය. දේශපාලකයෝ කුමන ආකාරයකින් නන්දෙඩවූවද එළැඹෙන වසරක කාලය අතිශය තීරණාත්මකය. එහිදී වඩාත් වැදගත් වන්නේ එන්නත් මාත්‍රා සපයාගැනීමය. ඊළඟට ඒවා නිවැරැදිව ගබඩා කිරීමය. තුන්වැනුව ජනතාව වෙත ලබාදීමය. ඒ සඳහා වසරක් පමණ ගතවූ පසු ඊළඟ ප්‍රශ්නය මතුවනු ඇත.

මේ සියලු ගණනයකිරීම් අවුරුදු 18ට අඩු පිරිස් අතහැර කරන ලද ගණනය කිරීම්ය. යුරෝපයේ බොහෝ රටවල් මේ වන විට දරුවන් සඳහා එන්නත්කරණය ආරම්භ කර අවසන්ය. සමහර රටවල් තුන්වැනි එන්නත් මාත්‍රාවද ලබාදෙයි. මේ එන්නතක ක්‍රියාකාරී කාලය වසරක් හෝ ඊට ආසන්න කාලයක් නම්, අප එක කොනකින් එන්නත ලබාදී අවසන් වෙද්දී අනෙක් කොනෙන් එන්නත් මාත්‍රාවේ ක්‍රියාකාරීත්වය අවසන් වෙමින් යනු ඇත. එවිට යළි එන්නත්කරණය ඇරැඹීමට හෝ කොවිඩ් රෝගීන් ගණනය ආරම්භ කරන්නට සිදුවනු ඇත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජනතාවට එන්නත් ලබාදෙන්න සටන් කරපු විපක්ෂනායකතුමනි ඉක්මණින් සුව වෙන්න!

Next Post

මෙන්න නායකයෝ…! FB එකේ වයිරල් යන වීඩියෝව…!!

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.