• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එළියට බහින්න කලින් ICU එකක වැඩකරන වෛද්‍යවරියක් කියන පපුව පිච්චිලා යන මේ කතාව කියවලම යන්න…

May 23, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
එළියට බහින්න කලින් ICU එකක වැඩකරන වෛද්‍යවරියක් කියන පපුව පිච්චිලා යන මේ කතාව කියවලම යන්න…
Share on WhatsAppShare on Facebook

ගෙදරටම වෙලා ඉන්න එක අමාරුයි, ඔව් ඇත්ත. එත් ඒක මේතරම් අමාරුද කියල පොඩ්ඩක් හිතල බලන්න.

මම වෛද්‍යවරියක් වෙලා තවම අවුරුද්දයි මාස හතයි. මේ වන විට මම කොවිඩ් දැඩිසත්කාර ඒකකයේ කනිෂ්ඨ වෛද්‍යවරියක් විදියට වැඩ කරන්නේ. පසුගිය අවුරුද්දක් පුරාම නොකා නොබී නිදිවැරූ සීමාවාසික කාලයේවත් මා මේ තරම් පීඩනයකින් හිටියේ නෑ කියල මට දිවුරලා කියන්න පුළුවන්.

අපි හැම දවසකම රාජකාරිය සඳහා පිටත්වෙලා යන්නේ පුදුමාකාර අවිනිශ්චිත හැඟීමකින්.

මම විස්තර කරන්නම්.

කොටස් දෙකකින් සමන්විත දැඩිසත්කාරයේ අසාධ්‍යම රෝගීන් සිටින ඇඳවල් කිහිපයයි තියෙන්නෙ. ඒත් එක්කම යම් තරමකට සුව වුණාම ඒත් ඔක්සිජන් ඕනෙ රෝගීන්ට වෙන් කරපු ඇඳන් තියෙනවා. ගොඩාක් අමාරු නැති ලෙඩ්ඩුන්ට නම් වාට්ටුවක් තියෙනවා. එකේ එකසිය ගානක් ඉන්නවා. මම දැඩිසත්කාරේ වැඩකරන නිසා වාට්ටුව ගැන නම් වැඩි දුර දන්නේ නෑ.

දිනපතා දැඩි සත්කාරය ඇතුළට වෛද්‍යවරුන්, හෙදිය සහ සෙසු කාර්යමණ්ඩලය යන්න ඕනා. විශ්වාස කරන්න එහෙම යන්න කලින් ඇඳගන්න ඕනෙ ඇඳුම් කට්ටලයට ඇඳුම් 4ක්, හිස්වැසුම් දෙකක්, ග්ලවුස් පහක්, ගොගල්ස් කට්ටලයක්, මුහුණු ආවරණයක්, මේස් යුගලක්, බුට්ස් දෙකක් සහ මාස්ක් දෙකක් තියෙනවා. එච්චරයිද? අනේ නෑ. අර දාන මාස්ක් දෙක මුණට අලවල ප්ලාස්ටර් ගහනවා. ආයේ හුස්ම පොදක් යන්න ඉඩක් නෑ. ඉතින් ඔය ඇඳුම් ඇඳන් දැඩි සත්කාරේ ඇතුළේ අඩුම තරමේ පැය තුනක් නම් ඉන්නම වෙනවා. හුස්ම ගන්න අමාරු එක එක්ක ඇස් දෙකට දාන් ඉන්න ගොගල්ස්වල මිදුමත් බැඳුනම අපි එකේ ඇතුළේ ඇවිදින්නේ අන්ධයෝ වගේ. විසි වෙනවා හැප්පෙනවා. ග්ලවුස් පහක් දාල තියෙද්දී අල්ලලා ලේ නහර හොයාගන්න එක! එක අතිශය පළපුරුදු ඩොක්ටර් කෙනෙක්ට නර්ස් කෙනෙක්ට වුණත් හරිම අමාරුයි. මිස්ලා යෝගට් කවන්න කට හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. සේරමත් හරි ඇතුළට යන යන පාරට නාන්න වෙන එක… රෑ එකට දෙකට දවසට තුන් හතර පාරක්.

හ්ම්ම්… අපේ අමාරුව පැත්තකින් තියමුකෝ. ඒක අපේ රස්සාවනේ… අපි දොස්තරලා වුණේ ලෙඩ්ඩු වෙනුවෙන්නේ…
එත් ඒ ඇඳන්වල ඉන්න අහිංසක ලෙඩ්ඩු. අම්මෙක් තාත්තෙක් එක්කෝ කාගෙ හරි මහත්තයෙක් නෝනෙක්… ඒ මිනිසුන්ට ඔක්සිජන් දාලා තදම තද මාස්ක්, මරණ බයෙන් කොයි වෙලෙත් ඉන්න හැටි… ගෙදර මනුස්සයෙක් දකින්න නෑ. ආයේ ගෙදර යන්න වෙයිද දන්නේ නෑ. කෑම ටිකක් කන්න වතුර ටිකක් බොන්න හුස්ම අල්ලගන්න බෑ. වැසිකිළියට යන්න බෑ. මුත්‍රා බට ගහලා. අතට කටු ගහලා.

අපි ළඟට යන යන වාරේ අනේ ඩොක්ටර මට හොඳවෙයිද? මට ආයේ මගේ ළමයි දකින්න බැරිවෙයිද? අහනවා.
“තාත්තේ” කියන වචනෙටත් අඬනවා.

ගෙවල්වල මිනිස්සු ඉන්න ගින්දර. දවසට අයි.සී.යූ. එකට කෝල් පනහක් විතර එනවා විස්තර අහල. අපි වෙලාව තියෙන විදියට පුළුවන් හැටියට උත්තර දෙනවා. කොහොම හරි දරාගෙන ඉවසගෙන ඉදලා ෂිෆ්ට් එක ඕෆ් වෙලා ගෙදර ආවට අර මිනිස්සු ගැන හිතන එක නවත්තගන්න බෑ. රෑට හිනෙනුත් පේනවා.

ඒ කරලා පහුවදා යද්දී ඇඳක් හිස්වෙලා තියෙනවා දැක්කම. ඒ ජිවිතෙත් එක්ක තරග කරලා පැරදිලා තියෙන්නේ කලින් දවසේ වතුර පොවපු තාත්තා කියලා දැක්කම ඒ දැනෙන වේදනාවට වචන මම දන්නේ නෑ. ඉතින් පොඩි කාලේ ඉඳන් දරුවෝ හදපු වඩපු ඒ තාත්තාව ආයේ ඒ දරුවන්ට බිරිදට ඇස් දෙකට දකින්න එකම අවස්ථාවක්වත් නෑ කියලා හිතෙද්දි පපුව පිච්චිලා යනවා.

ළමා රෝග වාට්ටුවේ සහ නාරි හා ප්‍රසව වාට්ටුවේ මීට කලින් වැඩකරපු මම, ලෙඩ්ඩු මැරෙනවා දැකල තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්.

ඉතින් මම ගෙදර ඇවිත් මගේ මහත්තයාගේ ඔඩොක්කුවේ ඔළුව තියන් ඉකි ගගහ අඬනවා. කොටින්ම කියනව නම් මනුස්සයෙක් මැරුණ දවසට මට වාහනේ එළවන්න තරම්වත් හැකියාවක් නෑ. මහත්තයා මාව එක්කන් යන්න එනවා
ඊටත් පස්සේ මම මේ වෛරස් ගොඩක ඉඳන් යන්නේ දියවැඩියාව තියෙන මහත්තයගේ අම්මා අප්පච්චි ඉන්න ගෙදරට නේද? නංගිගේ බබාට මාස නමයයි නේද? මට නම් බෙහෙත් හරි විදලා. මගේ මහත්තය උපන්තේකට ඉස්පිරිතාලෙක ඉඳල නෑ නේද? මට කල්පනා කරලම ඔළුවේ කැක්කුම හැදෙනවා.

ඒ ඔක්කොම වේදනා අස්සේ දැඩිසත්කාරෙන් ලෙඩෙක් සුවවෙලා “යන්නම් ඩොක්ටර්” කියලා හිනාවෙද්දී…

මාස දෙකකින් බලන්න ගමේ නොගිය, මන් නොයන තාක්කල් හොඳින් ඉඳීවි කියල මට හිතෙන, ගෙදරටම වෙලා තනියෙන් ඉන්න, මාව දොස්තර කෙනෙක් කරන්න නොවිඳිනා දුක් විඳපු මගේ අහිංසක අම්මාට මගේ පින් සේරම මම අනුමෝදන් කරනවා… තාත්තා කොහේ හරි ඉඳන් එයාගේ චූටි කෙල්ලගේ වීරකම් බලාගෙන ඇති. මට එහෙම හිතෙනවා.

ඉතින් ගෙදරටම වෙලා ඉන්න එක අමාරුයි තමයි. එත් ඔයා එළියට බහින ගමන දැඩි සත්කාරයෙන් කෙළවර වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. ඔයා වෙනුවෙන්, ඔයාගේ ගෙදර අය වෙනුවෙන්, අපි වෙනුවෙන්, අපේ ගෙදර අය වෙනුවෙන්…!

දැඩි සත්කාර ඒකකයක රැකියාවේ නියුතු වෛද්‍යවරියක අපට එවූ ලිපියකි. හදිසියේ රෝහල් කාර්යමණ්ඩලවලට පැනවූ නීතිය නිසා අප මෙය මෙසේ නම් ගම් රහිතව පළකරමු. ඒ, කෝටි දෙකක් වූ ශ්‍රී ලාංකිකයන්ට තමන් කොයි තරම් අනාරක්ෂිතදැයි දැනගැනීමට සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට උත්තමාචාරයක් වශයෙනි.

SendShareShare
Previous Post

නීතිපති පත්තු කරපු ‘බෝම්බයේ’ වීඩියෝවට මොකද වුණේ? ගේම් ගහපු හර්ෂට සජබෙන් දැඩි ප්‍රහාරයක් (රාජ්‍ය රහස්)

Next Post

බංග්ලාදේශ මැච් එක අද: අපේ ටීම් එකේ තුන්දෙනෙකුට කොරෝනා?

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.