කොරෝනා වැලදී සුව වුණු පුද්ගලයන් හට තවත් භයානක අතුරු ආබාධයක් මතුවී ඇති බව වෛද්‍යවරුන් අනාවරණය කරගෙන ඇත.
ඒ, දිව ලොකු වීමේ රෝගය හෙවත් ‘කොව්ඩි ටන්ග්’ රෝගයයි.
අමෙරිකාවේ හූස්ටන් ප්‍රදේශයෙන් මතුවී ඇති මෙම දිව ලොකු වීමේ රෝගය හේතුවෙන් වෛද්‍යවරුන් පවා මවිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෛද්‍ය විද්‍යාවේදී මෙම රෝගය MACROGLOSSIA නමින් හදුන්වන අතර මෙය වැළදුණු පුද්ගලයන් හට කතා කිරීමේ අපහසුව, හුස්ම ගැනීමේ අපහසුව සහ කෑම ගැනීමේ අපහසුව ඇති කරනු ලබයි.
දිව විශාල වීම හේතුවෙන් වෙන්ටිලේටර් උපකරණ පවා සවි කිරීම අපහසු වී ඇති බව පැවසේ.
දැනට මෙම රෝගීන් 9 දෙනකු හදුනාගෙන ඇති අතර ඒ සියලු දෙනා කොරෝනා රෝගය වැළදී සුව වූ පුද්ගලයන් බවත්, වෛද්‍යවරුන් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.











