• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා ගැන සජිත් ප්‍රශ්න කරද්දී.. ජොනී සජිත්ට පිස්සා කියයි..සජිත් නොනවත්වා ප්‍රශ්න අහයි… (Vedio)

May 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනා ගැන සජිත් ප්‍රශ්න කරද්දී.. ජොනී සජිත්ට පිස්සා කියයි..සජිත් නොනවත්වා ප්‍රශ්න අහයි… (Vedio)
Share on WhatsAppShare on Facebook

වසංගතයක් වූ කොරෝනා ව්‍යසනයේ බරපතල ව්‍යාප්තිය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(18)පාර්ලිමේන්තුවේදී 27(2) යටතේ අසන ලද ප්‍රශ්නය .
ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලබන ප්‍රශ්නය 2021.05.18
ගරු කථානායකතුමනි,
මෙරට කොවිඩ් වසංගතය නැවත සීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතිනවා. සංචරණ සීමා පැනවීම්, එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් මෙම තත්ත්වය මර්දනය කිරීමට රජය ප්‍රමාද වී හෝ යම් උත්සාහයක නිරත වුව ද, එහි පැහැදිලි සාර්ථකත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. කොවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කළ ද, රසායනාගාර වාර්තා ප්‍රමාද වීම තුළින් දෛනිකව ප්‍රකාශයට පත් කෙරෙනුයේ සැබෑ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව නොවන බව ද වාර්තා වෙනවා. මෙරටින් වාර්තාවන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළයාම හමුවේ මෙම තත්ත්වය පාලනය කිරීම සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහීයාමේ දැඩි අවදානමක් පවතිනවා. එම නිසා මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරමින් නිසි ක්‍රියාමාර්ග නිසි කලට ගත යුතුව තිබෙනවා.
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.

  1. මේ දක්වා මෙරට පරීක්ෂණ තුළින් හඳුනාගෙන ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව කොපමණ ද? සුවය ලැබූ සංඛ්‍යාව සහ, දැනට රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව කොපමණ ද? ඒ අතරින් දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් කොපමණ සංඛ්‍යාවක් සිටීද? මේ දක්වා කොවිඩ් මරණ කොපමණක් මෙරටින් වාර්තා වී තිබේ ද? මේ වන විට මෙරට සෑම දිනයක් තුළදීම කොවිඩ් රෝගීන් 2000 සීමාව ඉක්මවමින් වාර්තා වෙමින් තිබෙනවා. මෙරට සමස්ත ජනගහනය හා සැසඳීමේ දී මෙය ඉතා විශාල අගයක් බව රජය පිළිගන්නේ ද? එසේම සමාජය තුළ සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව නිසි පරිදි වාර්තා වීමක් සිදු නොවන බව ද රජය පිළිගන්නේ ද? සමස්ත කොවිඩ් රෝගීන් කඩිනමින් හඳුනාගැනීමට රජය නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ ද? එම වැඩපිළිවෙළ කුමක්ද? වාර්තා වන රෝගීන් සහ මරණ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි දත්තයන් සමාජයට ලබා නොදීම නිසා, තවදුරටත් ජනතාව මේ පිළිබඳව සුළුකොට තැකීම තුළින් රෝගය තව තවත් සමාජය තුළ ව්‍යාප්ත වීමක් සිදු නොවන්නේ ද? එහි වගකීම දරනු ලබන්නේ කවුරුන් විසින් ද?
  2. මේ වන විට සිදු කරනු ලබන PCR පරීක්ෂණවල වාර්තා සැලකිය යුතු කාලයක් ප්‍රමාද වීම සිදුවෙනවා. මේ දක්වා සිදුකර ඇති PCR පරීක්ෂාවන් ප්‍රමාණය කොපමණද? තවත් කොපමණ සංඛ්‍යාවකගේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත ද? රසායනාගාරවල සිදුකළ හැකි ධාරිතාවය ඉක්මවා පරීක්ෂණ සිදු කිරීම තුළින් මෙලෙස වාර්තා ලබා දීමේ ප්‍රමාදයක් සිදුව ඇති බව රජය පිළිගන්නේ ද? එසේනම්, රසායනාගාර පහසුකම් වැඩි දියුණු කිරීමට රජය කඩිනමින් පියවර ගන්නේ ද?
  3. ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් මෙරටට ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා (කොවිෂීල්ඩ්) එන්නත, කොවැක්ස් පහසුකම තුළින් මෙරටට ලැබුණු සහ සීරම් ආයතනයෙන් මිලදී ගත් එන්නත් තොගයෙන් එන්නත්කරණය කරනු ලැබූ පිරිස් කාණ්ඩයන් කවරේද? ඒ අනුව, එම එක් එක් කාණ්ඩයන්ගෙන් කොපමණ පිරිසකට මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දී තිබේද? එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සියලුම පිරිස් සඳහා මැයි මස අවසන් වන විට එහි දෙවන මාත්‍රාව ලබා දිය යුතුව තිබෙනවා. දැනට කොපමණ පිරිසකට එසේ දෙවන මාත්‍රාව ලබා දී තිබේ ද? ඉතිරි පිරිසට දෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන්නේ කෙසේද? ඒ සඳහා අවශ්‍ය එන්නත් මේ වනවිට ඇණවුම් කර තිබේ ද? මෙරටට එම එන්නත් ලැබෙන්නේ කවදා වන විටද? ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දී සති 12 කට පසු දෙවන මාත්‍රාව ලබා දීමෙන් නියමිත ප්‍රතිශක්තිය ලැබෙන බව රජය තහවුරු කරන්නේ ද? එසේ නොලැබෙන්නේ නම් සිදුවූ ප්‍රමාද දෝෂයට වගකිවයුත්තේ කවරෙක් ද?
  4. මෙයට අමතරව, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත සහ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත්කරණය ද ආරම්භ කර තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලේ අක්‍රමවත් බව සහ, සිදු වී ඇති අක්‍රමිකතා නිසා ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වූ බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණා. මෙයට ප්‍රධානතම හේතුව රජය විසින් යම් සැලසුමකට අනුව මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම නිසා නොවේද? සමස්ථ එන්නත්කරණ වැඩසටහන අනුව රටේ ජනගහනයෙන් කොපමණ පිරිසක් එන්නත්කරණය කිරීමට අපේක්ෂිත ද? ඒ කවදා වන විටද? එම සැලසුම දිනවකවානු සහිතව මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද? ඒ සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා ප්‍රමාණය ඇණවුම් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ ද? ඒ සඳහා කොපමණ මුදලක් අවශ්‍යවේ ද? එම මුදල සපයා ගැනීමට රජය කටයුතු කරන්නේ කෙසේද? මීට පෙර පෞද්ගලික අංශයට මෙම එන්නත් ගෙන්වීම සඳහා අවසර ලබා නොදුන්නේ කුමක් නිසාද? පෞද්ගලික අංශය මගින් එන්නත් ගෙන්වීමට දැන් අවසර ලබා දෙන්නේ ද?
  5. සෞඛ්‍ය අංශවල නිලධාරීන් ඉතා ප්‍රශස්ථ සේවයක නිරතව සිටියත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපරිම ධාරිතාව ඉක්මවා සේවා සැපයීමට සිදුවීම නිසා ඔවුන් දැඩි අපහසුතාවන්ට ලක්ව ඇති බව වාර්තා වෙනවා. කොවිඩ් ප්‍රතිකාර කටයුතුවල මේ වන විට නිරතව සිටින සෞඛ්‍ය සේවකයින් හැරුණු කොට ඒ සඳහා තවත් දෙවැනි පෙළ කණ්ඩායමක් සුදානම් කර තිබේ ද? ඒ කොපමණ සංඛ්‍යාවක් ද? එසේම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල්වල ධාරිතාව කොපමණ ද? ඉදිකර ඇති අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාවය කොපමණද? එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය නිලධාරීන් යොදවා තිබේද? අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පවතින දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව කොපමණද? ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඔක්සිජන් සංචිත ප්‍රමාණවත් පරිදි පවතී ද? රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන ඒම සඳහා ප්‍රමාණවත් ගිලන් රථ සංඛ්‍යාවක් පවතී ද? එසේ නොමැති නම් ඒ සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ ද?
  6. “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” මූල්‍ය තත්ත්වය සම්බන්ධව රජය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එහි මුදල් වියදම් කර ඇති ආකාරය පිළිබඳ මෙම සභාව දැනුවත් කිරීමට රජය කටයුතු කරන්නේ ද? විශේෂයෙන් එහි වියදම් ලෙස දක්වා ඇති, දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සහ ගිලන් රථ මිලදී ගැනීම සඳහා වැය වූ මුදල් වියදම් කර ඇති ආකාරය පැහැදිලි කරන්නේ ද? මෙම අරමුදලේ වියදම් අනුමත කරන්නේ කුමන අධිකාරියක් විසින් ද? මෙම අරමුදලේ වියදම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කාර්තුමය වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන්නේ ද?
  7. සෞඛ්‍ය විශේෂඥයන්ගේ නිර්දේශයන්ට එරෙහිව යමින් කොවිඩ් මර්දනය සම්බන්ධව දේශපාලන තීරණ ගැනීමේ ප්‍රතිවිපාක අප දැන් අත්විඳිමින් සිටිනවා. වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ නොතකා සංචරණ සීමා ඇතුළු සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ, හුදෙකලා කළ ප්‍රදේශවල සීමා නැවත ඉවත්කිරීම තුළින් වසංගතය පාලනයකින් තොරව පැතිර යමින් තිබෙනවා. එමෙන්ම පසුගිය කාලයේ යුක්‍රේන ජාතිකයින් සඳහා මෙරට ක්‍රියාත්මක කරන ලද සංචාරක බුබුළු ක්‍රමය තුළින් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වූ බව අනාවරණය වී තිබෙනවා. දැන් මෙරට සිටින විදෙස් සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ පළාත් අතර සංචාරය කිරීමට අවසර ලබා දී තිබෙනවා. මෙතුළින් වසංගතය ප්‍රවර්ධනය වීමට ඉඩක් නොමැති ද? එම ක්‍රමවේදය ශ්‍රී ලාංකිකයින්ට වළංගු නොවේ ද? මෙමගින් ඉන්දියානු ප්‍රභේදය සහ බ්‍රසීල ප්‍රභේදය වැනි අති භයානක ප්‍රභේද, මෙරටට ඇතුළුවීමේ සහ පැතිරයාමේ දැඩි අවදානමක් ඇති බව රජය පිළිගන්නේ ද? සංචාරක බුබුළු ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය රජය සතුවේද? එසේනම්, ඒ කුමක්ද?
SendShareShare
Previous Post

දෙවියෝ කෝප වෙලාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

පොහොට්ටුව එරන්දිකා පන්නයි

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.