මාතලේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැන්දකොල්ලමඩ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරිනිය හට උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරියක වන හිමාලි එරන්දිකා නමැති තැනැත්තිය විසින් පහරදීම හේතුවෙන් ග්‍රාම නිලධාරිනිය රෝහල්ගත කර තිබේ.
අඩුආදායම්ලාභී පවුල් සදහා වන රුපියල් 5000ක බඩු මල්ල ලබාදීමේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියගේ ලැයිස්තුවකට එම බඩු මලු ලබාදිය යුතු බවට කළ නියෝගයක් නොතකා හරිමින් ක්‍රියා කළ බව පවසමින් මෙම පහරදීම සිදුකළ බව ග්‍රාම නිලධාරනිය කියයි.
මින් පෙර අවස්ථාවකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියගේ මව පැමිණ ග්‍රාම නිලධාරීවරියට “රෝහලට පැමිණියහොත් සාරියෙන් එල්ලනවා” යැයි තර්ජනය කර ඇත.
පහරදීම හේතුවෙන් ග්‍රාම නිලධාරීවරියගේ හිසේ යම් ආබාධ තත්වයක් ඇතිවී ඇති අතර කණ නොඇසිමේ තත්වයක්ද පවතින බව වාර්තා වේ.
මීට අමතරව බඩු මලු බෙදා දීමේදීද අක්‍රමිකතාවක් සිදුව ඇති බවට ගම්වාැසියන් චෝදනා එල්ල කොට ඇත.










