ඊයේ (12) දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර අති අතර ඒ සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ දිනයේ තහවුරු කළ මරණ වදුරඹ, ඉමදූව, වලස්මුල්ල, මතුගම,මැල්සිරිපුර, කුරුණෑගල ,අලව්ව, මොරන්තුඩුව, ඕමල්පේ, ඇඹිලිපිටිය, හල්දඩුවන, කන්දේගෙදර, පස්සර, කොළඹ 05, වව්නියාව, තල්ගස්වල සහ බේරුවල යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.
එම මරණ 18න් 11ක්ම කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ද සෙසු මරණ 08 කොවිඩ් නියුමෝනියාව සහ වෙනත් රෝගී තත්වයන් හේතුවෙන් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදී ඇත.
මියගිය කොවිඩ් රෝගීන්ගෙන් 12 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 06 දෙනෙකු කාන්තාවන් වේ.
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 38ත් 95ත් අතර වයසේ පසුවන්නන්ය.










