ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය අද (12) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවූ අතර විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව දෙදෙනා අතර සාකච්ඡව පැවැත්විණි.
කොරෝනා ව්‍යසනයේ නවතම තත්ත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමුවූ අතර ලෝකයම එකට එක්වී මේ ව්‍යසනය ජයගත යුතු බව දෙපාර්ශවයම අවධාරණය කරනු ලැබීය. විශේෂයෙන්ම මෙරට සෞඛ්‍ය ක්ශේත්‍රය නැංවීමට අදාල සෞඛ්‍යමය ආධාරවල අවශ්‍යතාව විපක්ෂ නායකතුමා විසින් පවසනු ලැබීය.
එම අවස්ථාවට කොළඹ නෝර්වීජියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී හිල්ඩ් බර්ග්-හැන්සන් මහත්මිය ද එක්ව සිටියාය.
මීට අමතරව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද (12) විපක්ෂ නායක කාර්‍යාලයේ දී පැවැත්විණි.
කොරෝනා ව්‍යසනය අබියස ලෝකය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත්, ඊට සමගාමීව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර කොරෝනා උවදුර මැඩලීම පිණිස බ්‍රිතාන්‍යයේ සහය ලබාදෙන ලෙස විපක්ෂ නායකතුමා මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව මේ අවස්ථාවේ මෙරට සෞඛ්‍ය ක්ශේත්‍රයට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය ද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.










