• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 බිහිවන සොබාදහමට ආදරය කරන ජනතා නායකයා ගැන අලුත්ම අනාවැකිය…

May 11, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
2024 බිහිවන සොබාදහමට ආදරය කරන ජනතා නායකයා ගැන අලුත්ම අනාවැකිය…
Share on WhatsAppShare on Facebook

2019 වසරේ අග භාගයේ ආරම්භ වූ කොවිඩ් රැල්ල මේ වන විට පළමු, දෙවැනි අදියරයන් පසුකරමින් තුන්වැනි අදියර පැමිණ ඇත. ලොව පුරා මිනිසුන් සිය දහස් ගනනින් මියයන මේ මොහොතේ බොහෝ ජනතාව පීඩිතව සිටින්නේය. ලෙඩ රෝග දුක් බියෙන් ලොවම වෙලාගෙන ඇති මේ මොහොතේ බොහෝ දෙනා පිහිට පතන්නට පෙළඹෙන්නේ තමා අදහන ආගම දහමෙන්ය. බියෙන්, සැකෙන් ඇලලී ගිය මිනිසාට පිහිට පතන්නට ඇති එකම තැන එතැනය.

මෙම ව්‍යසනය නිමා වන පාටක් පෙනෙ තෙක්මානයේ නැත. ඉදිරියට වෙන්න යන්නේ කුමක්ද කියා කිසිවකුට සිතාගත නොහැකිය. ඉදිරි අනාගතයේ රටට ලෝකයට වෙන්න යන්නේ කුමක්ද යන්න ගැන බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හා භික්ෂුණීන් වහන්සේ නමක් විස්මිත අනාවැකි කීපයක් යූටියුබ් චැනල් දෙකක් ඔස්සේ පළකර තිබුණේ මේ අතරවාරයේය. ධනුෂ් ව්ලොග්ස් යූටියුබ් චැනල ඔසසේ පල්ලෙකැලේ ශ්‍රී ගෝතමී විහාරයේ ප්‍රධාන කම්මට්ඨානාචාරිනී මොළගොඩ ගෝතමී මෙහෙණින් වහන්සේ හා විශ්ව කර්ම යූටියුබ් චැනලය ඔස්සේ හීනටිගල හිමියන් ඉදිරියේදී ලෝකයට, රටට වෙන්න යන දේ ගැන අනාවැකි පළකර තිබුණේ මේ අකාරයටය.

පල්ලෙකැලේ ශ්‍රී ගෝතමී විහාරයේ ප්‍රධාන කම්මට්ඨානාචාරිනී මොළගොඩ ගෝතමී මෙහෙණින් වහන්සේ.

“මම මේ විදිහට අනාවැකි කියන්නෙ ලෝකයාගේ යහපත සඳහා. ඒ ඔස්සේ යම්කිසි තර්කයක් ගොඩනගන්න හෝ කාවවත් පරාජය කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. පොඩිකාලෙ ඉඳල මට තියෙන දක්ෂකමක් තමයි මොකක් හරි වෙන්න යනව නම් මට ඒක කලින් දැනෙන ගතියක් තිබ්බ. ඊට පස්සෙ මම වසර තිහක් විතර භාවනා කරන්න පටන්ගත්තම ඒ දක්ෂතාවය තවදුරටත් ප්‍රගුණ වුණා. ඒ ඔස්සේ මට දැනෙන ශක්තීන් හා මට එන පණිවුඩ ඔස්සේ ලෝක සත්වයාට වන විපතින් ආරක්ෂා කර ගැනීමේ අදහසිනුයි මම මේව මුදාහරින්නෙ. ඒ හැම දෙයක්ම මම කරන්නෙ කිසිම කෙනෙක්ගෙන් මුදල් ලබාගැනීමේවත්, වෙන වෙන වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අදහසිනුත් නෙමෙයි.
ලෝක විනාසෙ වෙන කාලෙට එක්කෙනෙක් කියාගෙන යනවලු ඔන්න කඩු වරුසාවක් එනව ඒකෙන් ආරක්ෂා වෙන්න කියල. ටික දෙනෙක් ඒ කියන දේ අහල ඒවයින් බේරෙන්න ගල්ගුහා හොයාගෙන යනවලු. ගොඩක් අය ඒව ගණන් ගන්නෙ නැතිව ඒව බොරුවක් කියල ඉන්නවලු. කඩු වරුසා කියල හඳුන්වන්නෙ අයිස් කුට්ටි වගේ දේවල් පොළොවට වැටෙනවටලු. නැතුව ඇත්තම කඩු නෙවෙයි. ඒ අයිස් කුට්ටිවල තියෙන මුවහතට තමයි මිනිස්සු කැපෙන්නෙ. ඒ විනාසයට තමයි සංකේතාත්මකව කඩු වරුසා කියල හඳුන්වන්නෙ. ඒව සොබාදහමේ විපරීතකම් නිසා වෙන දේවල්. ඔය කියන දේවල් අහන අයයි, නොඅහන අයයි දෙපිරිසක් ඉන්නවනෙ. අහන අයට පුළුවන් වෙනව ඒ විපත්වලින් බේරෙන්න. බුද්ධ කාලෙත් එහෙමනෙ. බුදු හාමුදුරුවො කියපු දේවල් හැමදෙනාම ඇහුවෙ නැහැනෙ. ඉතින් අදත් ඒ දේවල්මයි වෙන්නෙ.

පහුගිය කාලෙ අපිට දකින්න ලැබුණු දෙයක් තමයි සුදුස්සට සුදුසු දේ නොලැබිලා නුසුදුස්සො ඉස්සරහට යන එක. හැබැයි ඒ තත්ත්වය හිතාගන්නවත් බැරි විදිහට මේ කාලවකවානුවෙන් පස්සෙ වෙනස් වෙනව. විශ්ව ඥාණය විසින්, සොබාදහම විසින් ලෝකය හදන වෙලාවක තමයි අපි මේ ජීවත් වෙන්නෙ.

2021 කියන්නෙ සොබාදහම ආශිර්වාදය ලැබෙන අරුම පුදුම අවුරුද්දක්. හැබැයි මිනිස්සුන්ට, සත්තුන්ට ව්‍යසන. ඒ වුණාට සොබාවධර්මයා බොහොම බලගතුව වැජඹෙන කාලයක් මේ 2021 කියන්නෙ. ඒ නිසා මේ කාලෙ සොබාව ධර්මයා විසින් එයාට කරන්න පුළුවන් හැම දෙයක්ම මේ ලෝකෙට කරනව. විශ්ව විඥාණය කියන්නෙ සොබාදහම තුළම තියෙන දෙයක්.

සොබාවධර්මයාගේ සියලු නීති රෙගුලාසි කලට වෙලාවට ඒ ඒ යුගාන්තරවලදී තමන්ගේ බලය පතුරනව. මම කලින් කිව්ව මනුස්සයන්ගෙ ඇඟේ මාංශ පේශීන් ගලවගෙන වැටෙන රෝගයක් එනව කියල පිටරටවලින්. මේ පාර මම කියනව 2021 කියන්නෙ ලෝකයේ වගේම ලංකාවෙත් දෙවියන් වගේ අදහන්න පුළුවන් විශ්මිත හොඳ මිනිස්සු පහළ වෙනව. ඒ අතරෙ දරුණු නියං, ගංවතුර, නායයෑම් වගේ ව්‍යසනවලට මුහුණ දෙන්නත් මේ 2021 අපට සිදුවෙනව. හිතාගන්න බැරි කැපකිරීම් මනුෂ්‍යයන් වෙනුවෙන් කරන මනුෂ්‍යත්වයෙන් බැබලෙන මිනිස්සු ඉදිරියෙදි පහළ වෙනව. හැබැයි ඔවුන් ඉතාමත් දුර්ලභයි. එක රටකට එක්කෙනා වගේ තමයි ඒ වගේ උත්තමයො පහළ වෙන්නෙ.

ඒත් එක්කම බොරුවෙන්, වංචාවෙන්, සොබාවධර්මය විනාශ කරමින්, කට වාචාලකමින් ජීවත් වුණ මිනිස්සු ඔක්කොම මේ විශ්වීය ශක්තිය විසින් විනාශ කරල දානව. ඒ වගේම ඉදිරියෙ එන වසරවල්වල රෝග වසංගත, අපි මීට පෙර අහල නැති ව්‍යසනවලට මුහුණ දෙන්න වෙනව. 2022 මනුස්සයො ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ. පුළුවන් තරම් ඉදිරියෙදි දෙවියන් බුදුන් අදහගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න.

මට ඒ විනිවිද දකින මනස ඇතිවුණේ මම සියලුදේම අතහැරල ජීවත් වෙන නිසා. මම මනසින් කිසි දෙයක් අල්ලගන්න යන්නෙ නැති නිසා.”

හීනටිගල හිමියන් දැක්වූ අදහස් මෙසේය.

මේ යුගය සොබාදහමේ ශාපයට ලක්වුණ යුගයක්. යම් රටක, යම් දේශයක සොබාදහමේ ශාපය බලවත් වෙනවා නම් ඒකට වගකියන්න ඕනෙ පිරිහුණු මනුෂ්‍යයා. මේ යුගය මනුෂ්‍ය ශීඝ්‍රයෙන් පරිහානිය කරා ළඟාවන යුගයක්. මේ යුගය මනුෂ්‍යාගේ ඇති මනුෂ්‍යකාරක ධර්ම ගිලිහිලා, ආගම දහමෙන් ඈත්වෙලා මිනිස්සු කාමයෙන්, තණ්හාවෙන්, මෝහයෙන්, මිත්‍යාදෘෂ්ටියෙන් වල්මත් වුණ යුගයක්. මිනිස්සු හැසිරෙන්නෙ මෘගයන්ගේ ආකාරයට. මේ මෘග වෙස් ගත් මිනිස්සුන්ට පවෙන් පිරුණු, පාපය වන්දනා කරන මිනිස්සුන්ට සොබාදහමේ ශාපය විසින් මහා දඬුවමක් ලබාදී තිබෙනවා. 2020, 2021, 2022, 2023 හා 2024 සොබාදහමේ ශාපයට නතුවුණු යුගයක්. සෑම තැනකම ඒ ශාපයේ අඳුරු සෙවණැලි දකින්න තියෙනව.

මේ ශාපයෙන් මිනිස්සුන්ව ගලවන්න කිසිම ඖෂධයකට පුළුවන්කමක් ලැබෙන්නෙ නැහැ. ඒවායේ යම් ශක්තියක් තිබුණත් සොබාදහමේ ශාපය හමුවේ ඒ සියල්ල අසරණ භාවයකට පත්වේවි. සොබාදහමේ ශාපය මිනිසුන්ට දඬුවම් ලබාදීල නික්මුණු දවසක මේ ලෝකය සුවපත් වූ මිනිසුන්ගෙන් පරිපූර්ණ වුණ, ආධ්‍යාත්මයට බරවෙච්ච මිනිස්සු ඉන්න, මනුෂ්‍යකාරක ධර්මයන් දොහොත් මුදුන් දී වන්දනා කරන මනුෂ්‍ය ප්‍රජාවක් ඇති කරල ඒ සොබාදහමේ ශාපය සොබාදහමේ ආශීර්වාදයක් බවට පත්වේවි.

අප මේ ගත කරන්නෙ සොබාදහමේ ශාපයත් එක්ක ගත කරන කාලපරිච්ඡේදයක්. 2025 වෙනකොට නැවත වරක් සොබාදහමේ ආශීර්වාදය ලැබෙන වර්ෂයක් බවට පත්වේවි. ආධ්‍යාත්මය ශක්තිමත් කරගැනීම පමණයි මෙම සොබාදහමේ ශාපයට මුහුණදිය හැකි එකම මාර්ගය වන්නේ. එම නිසා අප සැමදෙනාම නිති පංචශීලය රකිමින් අපගේ ආධ්‍යාත්මය හැකි සෑම අයුරින්ම ශක්තිමත් කිරීමයි මේ මොහොතේ මේ ව්‍යසනයෙන් ගැලවීමට හැකි එකම මග වන්නේ.

අධ්‍යාත්මය ශක්තිමත් කරගත් පුද්ගලයන්ට පමණයි, ශීලයක පිහිටි පුද්ගලයන්ට පමණයි මෙම ව්‍යසනයෙන් ගැලවිය හැක්කේ. මිත්‍යාදෘෂ්ටිය සේවනය කරන්න එපා. සම්‍යදෘෂ්ටියට පත්වෙන්න. ඒකාන්ත වශයෙන්ම මේ මහා අන්ධකාරය ඉරාගෙන, මේ මහා මිත්‍යාදෘෂ්ටිය අල්ලල පරසක්වල ගහන්න පුළුවන් මහා සම්‍යදෘෂ්ටික බුද්ධ ශාසනයේ උතුමන් වහන්සේ නමක්, යතිවරයාණන් වහන්සේ නමක්, මහා ශුද්ධවන්තයෙක් බිහිවනවා ඒකාන්තයි. මේ අඳුරු කාල පරිච්ඡේදය මහා ආලෝකයකින් නිමාවෙන එක පරම සත්‍යයක්. නැවත වරක් ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දොරටුව ඒකාන්ත වශයෙන් ඇරෙනවා ඒකාන්තයි. ඒ වෙනුවෙන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් මේ දෙරණට ලැබේවි.

ඉන්දියාවට අත්වුණ ඉරණම නැවත ලංකාවට ඇති නොවීමට අප වහ වහා ආධ්‍යාත්මිකව පෙළගැසිය යුතුමයි. අනාගතයේදී ආධ්‍යාත්මයට ගරු කරන නායකයන්, පාලකයන් බිහිවේවි. සැබෑවටම හදවතින්ම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්චාමි, සංඝං සරණං ගච්ඡාමි කියන ඒකශාස්ත්‍ර සරණ ගිය නායකයෙක් බිහිවේවි. ඒ යුගය ඒකාන්තයෙන් උදාවන එක පරම සත්‍යයක්. ඒ නිසා අපි හැමෝම අධ්‍යාත්මය ශක්තිමත් කරගෙන එයට සැරසෙමු. එදාට මේ දෙරණ මුළුමහත් ලෝකය තුළම ආධ්‍යාත්මයේ ඔටුන්න පැළඳි මහා ශුද්ධ වූ භූමියක් බවට පත්වේවි. ලෝකෙ හැමෝම ආධ්‍යාත්මික සුවයක් බලාපොරොත්තුවෙන් මේ දිවයිනට ඒවි.

ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

එන්නත ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!

Next Post

ජනපති මාධ්‍ය ඒකකයේ කතාව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කරයි

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.