රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය අතර දීර්ඝ සාකච්ජාවක් පැවැත්වී තිබේ.
එම සාකච්ජාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගද විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
එම සාකච්ජාව මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන බවද දැනගන්නට තිබේ.










