රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවට එරෙහිව පහතරට වතු කම්කරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කොට ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ තේ ගස කුඩා පැළ අවධියේ සිටම මේ වනවිට රසායනික පොහොරට හුරු වී ඇති බවත්, එක්වරම එය අත්හිටවුවහොත් තේ වගාව පමණක් නොව සමස්ත කර්මාන්තයත්, ඒ වටා සිටින කම්කරුවන් සියල්ලත් අනාථ වීම වැළැක්විය නොහැකි බවකි.
මේ නිසා ඊට එරෙහිව සටන් කිරීමට සූදානම් බවද ඔවුහු සදහන් කර සිටිති.











