කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකුගේ මරණ ඊයේ (7) වාර්තා වූ අතර මෙය එක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන වේ.
මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මරණ 19 න් 14 හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි.
සුන්දර පුර 63 හැවිරිදි කාන්තවක්,ඉලවාලෛයි ප්‍රදේශයේ 75 හැවිරිද කාන්තවක,කෝන්ගහවෙල 60 හැවිරිදි පුද්ගලයෙක්,රත්මලානේ 86 හැවිරිදි පුද්ගලයෙක්,දෙහිඅත්තකණ්ඩියේ 54 හැවිරිදි කාන්තාවක්, බදුල්ල මහිලගස්තැන්නේ පුද්ගලයෙක්,වාද්දූවේ 72 හැවිරිදි කාන්තවක්, කොළඹ -3 ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයෙක්, රද්දොළුගම 68 හැවිරිදි පුද්ගලයෙක්,රාගම 45 හැවිරිදි කාන්තාවක්,වැලිකඩ බන්ධනාගාරය තුළදි 68 හැවිරිදි කාන්තාවක්, පෝද්දල 82 හැවිරදි පුද්ගලයෙක්,අලපලාදෙණියේ 50 හැවිරිදි පුද්ගලයෙක්,අඟුලුගහ 80 හැවිරිදි කාන්තාවක්,හික්කඩුවේ 65 හැවිරිදි කාන්තාවක්,අඟුලුගහ 74 හැවිරිදි පුද්ගලයෙක්, නුවරඑළිය හාවාඑළියේ 75 හැවිරිදි පුද්ගලයෙක් සහ අනුරාධපුර 76 හැවිරිදි පුද්ගලයෙක් මිය ගිය අය අතර වුහ.










