කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සදහා නව වැඩපිළිවෙළක් දියත් කිරීමට පොලිසිය කටයුතු කොට ඇත.
ඒ අනුව ඩ්‍රෝන කැමරා තාක්ෂණය උපයෝගී කරගනිමින් රථවාහන තදබදය දැඩි ස්ථාන හදුනාගෙන වහාම ඊට පිළියම් යෙදීමට පොලිසිය සැලසුම් කර ඇත.
මෙහි පළමු අදියර අද (06) දින කොළඹ හයිලෙවල් මාර්ගයෙන් ආරම්භ වී තිබේ.
එමෙන්ම ඊට විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගැනීමටද කටයුතු කොට ඇත.










