• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවට මේ පලදෙන්නේ මෝඩි සුලු ජාතිකයන්ට කරපු විනාශයේ සාපයද?

May 6, 2021
in Exclusive
Reading Time: 10 mins read
A A
ඉන්දියාවට මේ පලදෙන්නේ මෝඩි සුලු ජාතිකයන්ට කරපු විනාශයේ සාපයද?

Health workers wearing personal protective equipment (PPE) carry wood to prepare a funeral pyre for a coronavirus disease (COVID-19) victim during a mass cremation at a crematorium in New Delhi, India, April 26, 2021. REUTERS/Adnan Abidi

Share on WhatsAppShare on Facebook

‘ලෝකයේ සියල්ල පාලනය කෙරෙන සිද්ධාන්තයක් තිබේ. එය ලෝකයේ සමතුලිතභාවය රකින්නකි balance of the world). විශ්ව සාධාරණ ඒ නීතිය උල්ලංඝනය කිරීම යනු අන්තවාදයේ ආරම්භයයි. අන්තවාදයේ නිවුන් සොහොයුරා විනාශයයි.

මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා වූද මානව හිතවාදියා වූද, අචින්ත්‍ය බල ඇති අනන්ත ශක්තිය ඇති බලවන්තයින්ගේ බලවන්තයා වූද, අසමයන් අතර සමාන්තර වූද, ගෞතම බුදුන් වහන්සේටද ඒ සිද්ධාන්තය ඉක්ම විය නො හැකි විය.

උන් වහන්සේ මෙලොව පහළ වුවෝ දුක් විඳින සත්වයින් සසරින් එතෙර කරනු පිණිසමය. එහෙත් එදත් අදත් මතුවටත් සත්වයෝ ඉපිද දුක් විඳින්නෝමය.

උන් වහන්සේට පමණක් නොව ජේසුස්වාමි දරුවන්, මහම්මත්, කොන්ෆියුසියස්, ලාඔට්සේ පමණක් නොව මෑත යුගයේ වුසූ සායි බාබාතුමාට පවා තම ඉලක්කය සාක්ෂාත් කර ගත නුහුණි.

එ හෙත් ඒ උත්තමයින් විසින් ප්‍රකාශ කරන ලද සර්ව කාලික සර්ව සාධාරණීය ධර්මතාවක් පවත්නා බව නම් සැබැවින්ම සැබැවි. එය එක් එක් නායකත්වයට ආවේණික ශෛලියකින් ලොවට ප්‍රකාශිත වුවද මූලික සිද්ධාන්තමය හරය පොදුය.
බුදුන් වහන්සේ “එය හේතු පල වාදය” (කර්ම පල) ලෙසින් වදාළහ.

“ඔබ දෙන්න ඔබ ලබන්නේය. ඔබ අපහාස කරන්න ඔබ අපහාස ලබන්නේය” යැයි “ක්‍රිස්තුස්” වහන්සේ කීහ.

ගොනු විසින් අදිනු ලබන ගැලේ “සක්” (රෝද) යුවළ සේම “චක්කංච වහතෝ පදං” කෙනකු විසින් කරනු ලබන හොඳ නරක ඔහු පසු පසින්ම එන්නේමය. කළකම් පලදීම එහි හරයයි.

“තව්තිසාවේ දෙවියන් දක්නට කැමැත්තෝ “ලිච්ඡවි” රජ දරුවන් බලත්වා”යි බෞද්ධ සාහිත්‍යයේ කියැවේ.

බුද්ධ කාලයේ දඹදිව විසාලා මහ නුවර පාලනය කළෝ “ලිච්ඡවි” රජ දරුවෝය. “සත් දහස් සත් සිය සත් දෙනෙක් (7,707) දස රාජ ධර්මයෙන් ඔවුහු රට පාලනය කළාහුය. ප්‍රමයෙන්ම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කළේ ලිච්ඡවි රජ දරුවන් බව සඳහනි. එම රාජ්‍ය එවකට භාරතයේ“සශ්‍රීකම” රාජ්‍ය බවද කියති.

එහෙත් කල් යත් යත්ම ඔවුහු ධර්ම මාර්ගයෙන් පිට පැන දුසිරිතට අවතීණ වූවෝය. පස් පව්වල යෙදුණෝය. අවසනැ විශාලා මහ නුවර දැඩි දුර්භික්‍ෂයක් ඇතිවිය. ආහාර හිඟව ගියේය. ගිලන් වූවේය. මරණය පැමිණියේය. මළ සිරුරු මහ මග කූණුවී ගියේය.

බුදු වරු පහළ වෙත් නම් ඒ සියල්ලන්ම පහළ වන්නේ දඹදිව බව බෞද්ධ ධර්මයේ සඳහන් අනාවැකියකි.

“විඥාන ගබඩාව” වශයෙන් අතීතයේ හැඳින් වුණු භාරතය අද?

“රජුන් (පාලකයින්) මිස දිටු වෙත්” ඉන්දියාවට අද සිදුවී ඇත්තේ ඔන්න ඔය ටිකය. විශාලා මහ නුවරට සිදුවූ දේමය.
ඉන්දියාවේ කෝවිඩ් වෛරසය ආසාදිත බවට නිල වාර්තා අනුව දැක්වෙන සංඛ්‍යාව (28 වැනි දිනට) දෙකෝටියකට (2,00,00,000) ආසන්නය. මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ දස දහසකට (2,10,000) ආසන්නය. දෛනික ආසාදිත සංඛ්‍යාව තුන්ලක්‍ෂයට (3,00,000) වැඩිය. මරණ සංඛ්‍යාව දිනකට දෙදහස් පන්සියය (2,500) ඉක්මවයි. මේ ඉන්දියාවේ රජය සංඛ්‍යා ලේඛන දක්වන තොරතුරුය.

එහෙත් රජය පෙන්වන දත්ත ව්‍යාජ ඒවා බවත්, සැබෑ තත්ත්වය වසංගන බවත් කියයි. භාරතීය මාධ්‍ය සංවිධාන පවසන අන්දමට මේ සංඛ්‍යා මීට අට (8) ගුණයකින් වැඩිය.

දිල්ලියේ සහ මුම්බායි නගරවලත් රෝහල් පිරී ආසාදිතයින්ට ඉඩ නැත. ඔක්සිජන් නැත. මළ සිරුර මංමාවත්වල දවති. ආදාහනාගාරවලට මළසිරුරු ඇතුළු කිරීමට පෝලිම්ය. මුදල් හදල් ඇත්තෝ මරණයෙන් ගැලවීමට විදේශයට පලා යති.
කෝවිඩ් වසංගතය මේ අන්දමින් පැතිරයාමට හේතුවූ කරුණු ගණනාවක් විශේෂඥ වෛදා්‍යවරයකු විසින් විස්තර කරන ලදී.

වසංගතය පැතිරීම වළක්වා ගත නොහැකිවීමට ප්‍රධානම කරුණ දිළිඳුකමය. අපේ රටේ ඇතැම් නාගරික ප්‍රදේශවල තදබදව වෙසෙන මුඩුක්කු යනුවෙන් හැඳින්වෙන පැල්පත් දිළිඳුකමේ දායාදයන්ය. එක් අයකුට ආසාදනය වීම යනු සමස්ත ප්‍රදේශයම බිලිවීමය.

අනෙක් කරුණු අතර අවිදා්‍යාව හෙවත් මෝඩකම, බල ලෝභය අන්ධ විශ්වාසය ආදිය ප්‍රධානය.
කුම්භ මේලා, හෝලි උත්සවය “සංක්‍රාන්ති” (අවුරුදු උත්සවය) වැනි ජනරාශි වීමට හේතුභූත වන කරුණුය. කුම්භ මේලා උත්සවයේ දී “ගංගා” නදියේ එකිනෙකා ස්පර්ශ වන අන්දමින් ස්නානය කරන්නේ දස ලක්‍ෂ (10,00,000) ගණනින්ය. අනෙක් අතට මේ දිනවල මහ ඇමතිවරුන් තේරීමට ප්‍රාන්ත රාජ්‍ය මැතිවරණ සඳහා පැවැත්වෙන රැස්වීම්ද කෝවිඩ් වසංගතය පතුරන ප්‍රවාහයන්ය.

ඒ එක් පාර්ශවයක මතයකි.

එ සේම තවත් පාර්ශවයක මතය අනුව භාරත වාසීනට අද ගෙවන්නට සිදුව ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝධිගේ පව්ය. ඔහුගේ ම්ලේච්ඡ ක්‍රියාවලට කෝප වූ දෙවියන්ගෙන් එල්ලවන ශාපය බවද කියැවෙයි.

සමාජ ක්‍රියාකාරීන්ගේ මතය අනුව වර්තමානයේ පාලකයන් අතරින් ඇමරිකාවේ හිටපු ජනාධිපති “ඩොනල්ඩ් ට්‍රම්ප්” අන්තවාදයේ පළමු අංකිතයාය. දෙවැන්නා භාරත අගමැති නරේන්ද්‍ර මෝධිය. ඔහුගේ (මෝධිගේ) අනු දැනුම ඇතිව මහා පරිමාණයේ මිනිස් ඝාතන රැසක් සිදුවූ බවට බොහෝ දෙනා චෝදනා කරති.

උදාහරණයක් වශයෙන් දෙදහස් දෙකේ පෙබරවාරි විසි හත් වැනිදින (2002.02.27) “ගෝදාර” දුම්රිය ස්ථානයේ සිදු වූ “ගුජරාටි කැරැල්ල” නැතහොත්“වාර්ගික කෝලාහලය” මෙන්ම “ගුජරාටි මිනිස් ඝාතනය” වශයෙන්ද හඳුන්වනු ලබන සිද්ධිය පෙන්වා දෙති.

ඒ සමයේ ඒ ප්‍රාන්තයේ මහ ඇමති නරේන්ද්‍ර මෝධිය.

සිද්ධිය මෙසේය.

අයෝදා්‍යාපුරයේ දෙදහස් දෙකේ පෙබරවාරි විසි පස් වැනි දින (2002.02.25) පැවති “පුමාපුති මහා යාච්ඤා” නමැති උත්සවයට සහභාගි වීමට ගුජරාට් ප්‍රාන්තයෙන් ගිය රාම භක්තිකයන්ද ඇතුළු දෙදහසකට (2,000) අධික පිරිසක් විසි හත් වැනි දින (2002.02.27) “සබර්මාති” නමැති සීඝ්‍රගාමී දුම්රියෙන් ආපසු එමින් සිටියෝය.

එම දුම්රිය “ගෝදාර” දුම්රිය ස්ථානයට එදින (27) පෙරවරු හතයි හතළිස් තුනට (7.43) ළඟාවිය. අනතුරුව දුරම්රිය යළි ගමන් ආරම්භ කිරීමත් සමග කවුරුන් හෝ අයෙක් “දම්වැල” ඇද ගමන නැවතූහ. ඒ හාම කඩා ඇදුණු පිරිසක් (පැවසන අන්දමට දෙදහසක-2000-පමණ) “පැට්ට්‍රල්” කෑන් ආදිය රැගෙන මැදිරි වටකර දුම්රියට ගිනි තැබූ බව කියති.
සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව ඉන්දීය ආණ්ඩුව කියන අන්දමට හින්දුවරුන් පනස් නමදෙනකි (59). ඊට කාන්තාවන් විසි හත් දෙනකුද (27) ඇතුළත්ය. ළමයින් දස (10) දෙනකි.

මේ පිළිබඳව සෙවුම් බැලුම් කළ මධ්‍යස්ථ නිරීක්‍ෂකයන්ගේ වාර්තා අනුව මිය ගිය සංඛ්‍යාව දෙදහසකට (2,000) අධිකය. දෙසිය විසි තුන් දෙනකු ආගිය අතක් නැත. තුවාලකරුවන් දෙදහස් පන්සියයකි. (2,500) සිද්ධිය පාදක කරගත් අහ්මදාබාද් නගර වැසියෝ දින තුනක්ම (3)කෝලාහල කළහ. ඊට සමගාමීව ගුජරාට් ප්‍රාන්තයේ ඇරඹි කලකෝලාහල වසරක පමණ කාලයක්ම පැවතිණි.

එවකට ප්‍රාන්ත මහ ඇමති නරේන්ද්‍ර මෝධිය. සිද්ධිය පිටුපස ඔහු සිටි බවද, ඔහු ඒ සඳහා පොලිසිය වැනි රාජ්‍ය ආයතනවල පිරිස් යොදවා ගත් බවද ඝාතන සම්බන්ධව පැවැත්වූ පරීක්‍ෂණවලදී කරුණු අනාවරණය විය.

මේ එක් සිදුවීමක් පමණක් යැයි, කී ඉන්දියාවේ මාධ්‍යවේදීන් ගේ සංගමයක නිලධාරියකු තම අනන්‍යතාව (නම) සඳහන් නොකරන ලෙස ඉල්ලමින් මෙසේද පැවසීය.

දේශපාලන බල අරගලය නිසා අනාදිමත් (දීර්ඝ) කාලයක සිට ඇති වූ ගැටුම් අරගලවලින් හින්දු මුස්ලිම් දෙපක්‍ෂයේම ජීවිත දස දහස් ගණනක් නැතිවුණා. නමසිය හැට නමය, අසූනමය සහ දෙදහස් විස්ස (1969-1989-2020) වැනි වර්ෂවල නෙල්ලි ප්‍රදේශයේ ගැටුම් අසූ නමයේ සහ දෙදාහේ (2000) ගුජරාටි ප්‍රාන්තයේ ගැටුම්, පොල්කටා ප්‍රදේශයේ සිදුවූගැටුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවා අවධානය යොමුවුණා. මේ අවස්ථාවල පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි අසරණ දරුවන් ම්ලේච්ඡ අන්දමින් ඝාතනය කෙරුණා. මේ සිද්ධීන් පසුපස දේශපාලන බලවන්තයින් සිටි බව හින්දු “සිව සේනා” පක්‍ෂය දැන් ප්‍රකාශ කරනවා.

ඒ දවස්වල සිව සේනා පක්‍ෂයත් මෝධිගේ භාරතීය ජනතා පක්‍ෂයත් හිටියෙ “ජාඩියට මූඩිය“වාගෙ එකට පෑහිලා. දැන් දෙගොල්ලෙ විරසක වෙලා. දැන් සිව සේනා පක්‍ෂය එදා කරපු කියපු දේවල්වල fදාස් දකිනවා. ඒව එළියට දානවා.
ප්‍රන්ත රාජ්‍යවල වර්තමානයේ පැවැත්වෙන මැතිවරණවල බලය අල්ලන්න මෝධි දූෂිත වගේම තමන්ට හිතැති මැතිවරණ කොමසාරිස් කෙනකු පත් කළා. තමන්ට ඕනෑ අන්දමට නීතිය නම්මා ගන්න නීතිපති කෙනකුත් පත් කළා. මුදල් නෝට්ටු අවලංගු කළා ඒකෙන් විශාල පිරිසකට හිරහැර වුණා.

විවිධ අන්දමේ නීති පනවල මුස්ලිම් ප්‍රජාවට හිරිහැර වෙන අන්දමට මෝධි කටයුතු කරනවා.
තමිල්නාඩු සහ කේරළ වැනි ප්‍රාන්තවල බලය මෝධිට අල්ලන්න බෑ. එයා ඒ ගැන කේන්තියෙන් ඉන්නෙ.
සාධාරණය ලෝකෙට පෙන්නුවාට මේ කෝවිඩ් වසංගතයෙන් පීඩා විඳින ඇතැම් ජන කොට්ඨාසවලට අවශ්‍ය පහසුකම්වත් ඔහු සලසන්නෙ නෑ.

මළ සිරුරු මහ මග කුණු වෙන්න එක හේතුවක් මුස්ලිම් මළ සිරුරුවල අවසන් කටයුතු කරන්න පිරිසක් නොවීම. හින්දූන් ඊට උදව් දෙන්නෙ නෑ.

මේ වනවිට මුස්ලිම් පල්ලි බොහොමයක්ම ආරෝග්‍ය ශාලා වශයෙන් “සිවසේනා” පාක්‍ෂිකයන් සමග එක්ව පවත්වාගෙන යනවා. මේ රෝහල්වල මුස්ලිම් හින්දු බේදයක් නෑ. පසුගියදා තමිල්නාඩුවේ පිහිට වු තවත් රෝහලක වෛදාවරුන් අට (8) දෙනකුත් හෙදියන් විසි දෙනකුත් (20) යොදවා කෝවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරනවා. එම රෝහලේ ඇඳන් දෙසියයක් (200) තියෙනවා.

මේ අනුව උත්තර ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි (දේවස්ථාන) සියයකට (100) වඩා රෝහල් බවට හරවා පවත්වා ගෙන යනවා.

භාරතයේ තවත් මාධ්‍යවේදියකු මෙසේ කීය.

ඉන්දියාවේ කෝවිඩ් වෛරසය සෙසු රටවල් අභිබවා පැතිර යාමෙන් සමාජයේ මුල් බැස ගෙන තුබූ මතවාද බොහොමයක් හරසුන් (තේරුමක් නැති) ඒවා බව ඇස්පනා පිටම සනාථ වුණා.
කෝවිඩ් වෛරසය යුරෝපා රටවල, බටහිර රටවල පැතිරෙන විට “ඒ රටවල මිනිසුන් කහ වැනි කුළුබඩු පරිභෝජනයට නොගන්නා බැවින් කෝවිඩ් පැතිරෙන බව කීවා” එහෙත් ඉන්දියාවේ පැතිරීමෙන් ඒ මතය බිඳුණා.
ලෝකයේ බොහෝ රටවල් එකිනෙකා පරයමින් උත්සාහ කළේ ග්‍රහ ලෝක ජය ගැනීමටයි. නැත්නම් අඟහරු අල්ලන්නයි. හඳේ ගෙවල් හදන්නයි.
පුහ්. කෝවිඩ් වසංගතය නිසා දැන් මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ ඒව නෙමෙයි “ඔක්සිජන්”ඒව ගැන කවුරුත් හොයා බැලුවෙ නෑ.
ඈත අතීතයේ සිට මේ දක්වා පරීක්‍ෂා කර බලන විට ජන මහාසංහාර වෙලා තියෙන්නෙ යුද්දවලින් නෙමෙයි. මේ වාගෙ වසංගතවලින්. වෙනත් ග්‍රහලෝකවල ජීවීන්ගේ දුක සැප හොයන අපේ අය්යලාට කොරා්නාවට එන්නතක් හොයාගන්න වලිගෙ හපා ගෙන, විකාගෙන දඟලන්න වුණා.
මෝධි හිතුවෙත් තමන් උපන් ගුජරාටි ප්‍රාන්තය දියුණුකළාම මුළු ඉන්දියාම සශ්‍රීකයි කියල. මෝධි විතරක් නෙමෙයි බොහෝ නායකයන් හිතුවෙත් හිතන්නෙත් ඒ ටිකමයි.
තමන් උපන් ප්‍රදේශයට කළාම රටටම කෙරුව කියන එකයි. ඒක බෑ කියන එක කොරා්නාවෙන්වත් තේරුම් ගත්තොත් ලොකු දෙයක්.
මෝධි හිතුවෙ හමුදාවට පොලිසියට භාර දුන්නොත් ඔය කොයි දේත් පාලනය කරන්න පුළුවන් හරියට කරන්න පුළුවන් කියන එකයි. එහෙම බෑ කියන ඒවත් තියෙනව කියන එක කොරෝනාවෙන් පෙන්නුවා.
අනිත් එක උගතුන්ට නැත්නම් වියතුන්ට විතරයි කෝකත් කරන්න පුළුවන් කියල සංවිධාන පවා පිහිටුවාගෙන ඉන්න නායකයින්ටත් මේක හොඳ පාඩමක්.

ඉන්දියාවෙ මිනිස්සුන්ට විතරක් නෙමෙයි කවුරු කවුරුත් ඉගෙන ගත යුතු දේ මේවා.

ඉන්දියාවෙ ජාතිවාදි වැඩි දෙනා හිතුවෙ මෝධි බලයට ආවාම ඔක්කොම හරි. අපට දැෑතින්ම කන්න පුළුවන් කියල. කොරා්නාව ඒක සනාථ කරල පෙන්නුවා.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

UN ලොක්කෝ සජිත් ළඟට ආවේ ඇයි? (VIDEO)

Next Post

මන්ත්‍රී වරප්‍රසාද ගැන තීන්දු ගන්නේ කතානායකද? ඇමැති වීරසේකරද? (VIDEO)

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.