පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.
කෙසේවෙතත් කතානායකවරයාද ඊට එකගතාව පළ කර තිබූ නමුත් පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණ.
ඉකුත් අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.










