යුද්ධය නිම කිරීම සදහා ප්‍රධාන දායකත්වය ලබාදුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බොරු වීරයෙක් බව පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තමන්ද යුද්ධය අවසන් කළ පස් දෙනාගෙන් එක් අයකු බවත්, ෆොන්සේකා හමුදාව පාවා දී ඇති බවත්ය.
කෙසේවෙතත් මෙහිදී සරත් ෆොන්සේකා මහතා ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගැනීමත් සමග එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවන ආකාරයක් දැකගන්නට ලැබිණ.










