දෛනික ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ලංකාවට වඩාත්ම අභියෝගාත්මක පරිච්ඡේදය අත ළඟ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක් කර ඇත.
ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ භාර නිලධාරි වෛද්‍ය ඔලිවියා නීවේරාස් මහත්මිය වීඩියෝවක් නිකුත් කරමින් පැවසූවේ මෙසේ ආසාදිතයන් ඉහළ යාම ඉතා බැරෑරුම් ලෙස සලකන ලෙසකි.
එමෙන්ම වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය සේවකයින් ඇතුළු රජය වෙහෙස නොබලා කටයුතු කරන බවත්, ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බවත් ඇය පැවසුවාය.
කොරොන වයිරස් වසංගතය පාලනය කිරීම සඳහා එන්නත් යනු ප්‍රබල ආයුධයක් බවද නයිවේරාස් පැවසීය.
කෙසේ වෙතත්, ලොව පුරා මෑතදී සිදු වූ විපර්යාසයන් මගින් මෙම ගැටලුවෙන් මිදීමට රටවලට එන්නත ලබා දිය නොහැකි බවද ඇය පැවසුවාය.










