ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් IPL තරගාවලිය වහාම අත්හිටුවීමට සංවිධායකවරුන් තීරණය කොට ඇත.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීම ඊට හේතු වී තිබේ.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යවන පුහුණුකරු ඇතුළු සහයක කණ්ඩායමේ කිහිපදෙනෙකුද වෛරසය ආසාදනය වී ඇත.










