යුදහමුදාපති ශවේන්ද්‍ර සසිල්වා මහතාගේ සහෝදරියගේ දියණියකගේ විවාහ මංගල්ලයක් පැවැත්වී ඇති බවටත්, ඊට යුදහමුදාපතිවරයාද සහභාගී වී ඇති බවටත් සදහන් ව්‍යාජ පුවත් සහ ජායාරූප මේ දිනවල සමාජ මාධ්‍ය ජාලයන්හි වේගයෙන් සැරිසරමින් තිබේ.
විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීම අද දිනය දක්වා කල් දමන ලද්දේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියකගේ දියණියකගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනට යොදාගෙන තිබුණ නිසා බවද එහිදී සදහන්ව ඇත.
නමුත් එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරන්නේ තම සහෝදරියගේ දියණියන් දෙදෙනාම 16 සහ 19 වැනි වියේ පසුවන පාසල් දැරියන් බවයි.
ඔවුන්ගේ විවාහය තව බොහෝ කාලයකට සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම තමන් නිල ඇදුමින් සිටින ජායාරූපය පවා වැඩ බාරගත් දිනයේ ගත් එකක් බවද යුදහමුදාපතිවරයා සදහන් කොට ඇත.










