තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 700 සීමාව ඉක්මවා ගියේය.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 709ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
මීට අමතරව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1923 ක් දක්වා ඉහළ ගිය අතර මෙය දිනකදී වාර්තා වූවැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වේ.
මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,13,676 ක් දක්වා ඉහළ ගොස් තිබේ.










