මේ දිනවල ඔක්සිජන් හිගය හේතුවෙන් මියයන් ඉන්දියානුවන් බේරා ගැනීම සදහා ඉන්දීය සම්භවයක් සහිත් අමෙරිකානු කෝටිපතියකු වන විනෝද් කොෂ්ලා මහතා ඩොලර් මිලියන 10ක් ලබා දීමට එකගතාව පළ කොට ඇත.
ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් කොෂ්ලා මහතා මේ බව දැනුම් දී තිබේ.
සන් මයික්‍රෝ සිස්ටම්ස් තොරතුරු සන්නිවේදන ආයතනයේ නිර්මාතෘ වන කොෂ්ලා මහතා මුල් අදියරේදී ඉන්දියානුවන් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබා දීමට ඉදිරිපත් වූ අතර තත්ත්වය භයානක අතට පෙරළීමත් සමග එම ආධාර මුදල ඩොලර් මීලියන 10 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
මීට අමතරව මේ දිනවල අයිපීඑල් තරගවලට සහභාගීව සිටින විදෙස් ක්‍රීඩකයන් රැසක්ද ඉන්දියානුවන්ට මූල්‍ය ආධාර ලබා දීමට ඉදිරිපත්ව තිබීම විශේෂ සිදුවීමකි.










