ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති විදේශ ව්‍යවාහාර මුදල් බැංකු ක්‍රමයට ඇද ගැනීමේ අරමුණින් රජය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්වලින් ලබා ගන්නා සේවා සඳහා ගෙවීම් කිරීමේදී විදේශ ව්‍යවහාර මුදල්වලින් ගෙවීම් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.
මේ සඳහා ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ.
මෙම ගැසට් පත්‍රය විදේශ විනිමය පනත යටතේ මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනනය අනුව ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් හෝටල්වලින් ලබා ගන්නා සේවා සඳහා ගෙවීම් කිරීමේදී විදේශ ව්‍යවහාර මුදල් භාර ගැනීමට හෝටල්වලට අවසර තිබේ.
එසේ පිළිගත් විදේශ ව්‍යවාහාර මුදලකින් ගෙවීම් කිරිමේදී ගෙවිම් කරන දින සිට දින හතකට නොඅඩු කාලයක් තුළ ව්‍යාපාරිකයන් විදේශ මුදල් ගිණුමක ඒවා තැන්පත් කළ යුතු වෙයි. එම කාලසීමාව තුළදීම එම මුදල් බලයලත් වෙළෙන්දෙකු හරහා මාරු කර ගැනීමට අවස්ථාව තිබේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකිකයන්ට ඇමෙරිකානු ඩොලර් 15000ක් සඳහා විශේෂ තැන්පතු ගිණුමක තැන්පත් කිරීමට අවස්ථාව මහ බැංකුව විසින් ලබාදුන් අතර නමුත් එම මුදල් ලැබුණ ආකාරය හෙළි කළ යුතුව තිබුණි. මෙම ගිණුමට සාමාන්‍ය ස්ථාවර තැන්පතු ගිණුමකට වඩා වැඩි පොලී ප්‍රතිශතයක් හිමිවිය.
නමුත් නව ගැසට් පත්‍රය මගින් සේවා සඳහා ගෙවීමේදී භාවිතා කළ යුතු විදේශ මුදල් ප්‍රමාණයට කිසිදු සීමාවක් නොමැති අතර ගෙවන්නාට අරමුදල් ප්‍රභවය ප්‍රකාශ කිරීමද අවශ්‍ය නොවේ.











